News Category
From Date
To Date
Maximum Number of Result

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුසියානු චාරිකාව සැමට ආකර්ෂණය වනු ඇත!- රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්

Aug 25, 2025 at 03:41 PM
|

පසුගිය 15 වනදා ඇලස්කාවේ නැංගූරම්පලේදී රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවූ හමුවෙන් පසුව පසුගිය 18 වනදා යුක්රේන ජනපති සෙලෙන්ස්කි සහ යුරෝපා සංගමයේ නායකයන් අමෙරිකානු ජනපතිවරයා වොෂින්ටනයේදී හමුවිය. එම සිද්ධි දාමය සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යවරයා පසුගිය 19 වනදා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් රුසියානු විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පලවිය. එය ඉතා කාලෝචිත සාකච්ඡාවක් බැවින් ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු.

2025 අගෝස්තු 19 වන දින මොස්කව්හි VGTRK සමඟ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ගේ සම්මුඛ සාකච්ඡාව

ප්‍රශ්නය: ඔබ සෝවියට් සංගමයේ ලාංඡනයක් සහිත ක්‍රීඩා කිරීමේදී පළඳින ක්‍රීඩා ඇඳුමක් (sweatshirt) පැළඳ නොසිටීම මොනතරම් කණගාටුදායකද?

සර්ජි ලැව්රොව්: අපි කරනු ලබන සමස්ත සාකච්ඡාවම  යම් ආකාරයක සංවේදනයක් ලෙස පෙනෙන පරිදි අසමාන ලෙස උඩු යටිකුරු කර ඇති බව මම සිතනවා. නමුත් මෙම ඇඳුමෙහි අසාමාන්‍ය දෙයක් නැහැ. සෝවියට් යුගයේ සංකේත අනුකරණය කරන බොහෝ භාණ්ඩ අප භාවිතා කරනවා. ඒවා පැළඳීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු යැයි මම සිතන්නේ නැහැ. මේවා අප කවුරුන්ද යන්න සහ අප ජීවත් වූ ආකාරයෙහි කොටසක්. ඒ වගේම ඒවා අපගේ ඉතිහාසයේ කොටසක්. සෝවියට් සංගමය අපගේ මව්බිම වූවා. අද, එය පැරණි සෝවියට් ජනරජයන් සමඟ, අපගේ මිත්‍රශීලී අසල්වැසියන් සමඟ පසෙකින් ජීවත් වන රුසියානු සමූහාණ්ඩුව බවට පරිණාමය වීඉ තිබෙනවා. ඇත්ත වශයෙන්ම, උනන්දුව පිළිබඳ ගැටුම් වලින් ගැලවීමක් ලැබෙන්නේ නැහැ.ඒවා සිදු වේවි. ජීවිතයේ ස්වභාවය එලෙසයි.

මම විශ්වාස කරනවා කෙනෙකුට් කැමති නම්, මෙය විලාසිතා ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකි බව. නැංගූරම්පළේ තිබූ හමුවීමෙන් පසු, මෙහි ඉගෙනුම ලබන තරුණයින් මෙම sweatshirt පැළඳ  සිටි බව මම දුටුවා. මට විනිශ්චය කළ හැකි තාක් දුරට මෙම ඉරියව්ව තුළ අධිරාජ්‍යවාදී අභිලාෂයන් නැහැ. සමහරු අධිරාජ්‍යවාදී මානසිකත්වයක් ලෙස හඳුන්වන දේ නැවත පණ ගැන්වීමට උත්සාහයන් නැහැ. එසේ නිගමනයකට පැමිණීමට කිසිවක් නැහැ. වැදගත් කාරණය නම් මදක් හාස්‍යය ගැබ් වුවද ඉතිහාසය පවතින බවත්, එය ආරක්ෂා කිරීම අපගේ යුතුකම බවත් තේරුම් ගැනීමයි."

ප්‍රශ්නය: ඔබ මෙම ඇඳුම ඇඳ සිටිනු දුටු විට ඇමරිකානුවන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

සර්ජි ලැව්රොව්: ඔවුන් එය සන්සුන්ව පිළිගත්තා, එබැවින් කිසිදු ආකාරයක උමතු ප්‍රතිචාරයක් තිබුණෙ නැහැ. ඔවුන් සරලව පැවසුවේ මා ඇඳ සිටි කමිසයට ඔවුන් ප්‍රිය කළ බවයි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ එලෙසයි.

ප්‍රශ්නය: ඔබ නැංගූරම්පලේ දක්නට ලැබුණු සමස්ත වාතාවරණය විස්තර කරන්නේ කෙසේද?

සර්ජි ලැව්රොව්: ඇත්ත වශයෙන්ම වාතාවරණය තරමක් හොඳ වූවා මෙන්ම, සාකච්ඡාවලින් පසුව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශවලටද එය ඇතුළත් වූවා. එය ප්‍රයෝජනවත් සංවාදයක් වූවා. හමුව තුළ කිසිදු සැකයකින් තොරව පෙන්නුම් කළේ, පළමුව, එක්සත් ජනපද නායකයා සහ ඔහුගේ කණ්ඩායම ප්‍රත්‍යක්ෂ, කල් පවතින සහ තිරසාර දෙයක් ගෙන ඒමෙන් ස්පර්ශ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට ඔවුන්ගේ කැපවීම තුළ තිබෙන අවංක බවයි. පසුගිය කාලයේ දී සටන් විරාමයක් හැර අන් කිසිවක් පිළිගන්නේ නැති බවට කෑ ගසමින් යුක්රේනයට ආයුධ යවන යුරෝපීයයන්ගෙන් ඔවුන් වෙන්කර හඳුනා ගත හැකි සාධකය මෙයයි.

දෙවනුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම මෙම ගැටුමට හේතු ඇති බව පැහැදිලි අවබෝධයක් වර්ධනය කර ගෙන තිබෙනවා. එයින් අදහස් වන්නේ - යුරෝපයේ සමහර ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන්  රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ප්‍රකෝප කිරීමකින් තොරව සිදු වූ බවට චෝදනා කරන සියලු අනුමාන නිගමන් සියල්ල හුදෙක් ළදරුවන්ගේ කතා බවට හඳුනා ගෙන ඇති බවයි. මට මෙය පැහැදිළි කිරීමට වෙනත් ක්‍රමයක් පෙනෙන්නේ නැහැ. වැදගත් වන්නේ ඔවුන් තවමත් මෙම වර්ධනීය තත්වය ඉදිරියට ගෙන යාමයි. වොෂින්ටනයේදී ජනාධිපති ට්‍රම්ප් සමඟ ඔවුන් කළ හමුව සලකා බලමු. එහිදී ඔවුන් සෙලෙන්ස්කි හමුවූවා. එයින් පෙන්නුම් කළේ ඔවුන් වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින බවයි. මෙම නායකයින්ගෙන් සමහරක්, උදාහරණයක් ලෙස ජර්මනියේ චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, සම්බාධක පැනවීමෙන් රුසියාවට බලපෑම් කිරීමේ අවශ්‍යතාවය ගැන තවමත් කතා කරති. මෙම මහත්වරුන්ගෙන් අවම වශයෙන් එක් අයෙක්වත් මානව හිමිකම් යන යෙදුම සම්බන්ධයෙන් සඳහනක්වත් කළේ නැහැ.

එහෙත් ඔවුන්ගේ කඳවුරට අයත් නොවන සහ නව-කොන්සර්වේටිව් හෝ නව ලිබරල් අච්චුවකට නොගැලපෙන රටවල් සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී, එය වෙනිසියුලාව, චීනය, රුසියාව සහ මේ දිනවල හංගේරියාව පවා වේවා, ඒවාගේම තවත් බොහෝ රටවල් සම්බන්ධ විදේශ ප්‍රතිපත්ති කරුණු ඔවුන් මතු කරන සෑම අවස්ථාවකම, ඔවුන් සෑම විටම ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ නීති-පාදක නියෝගයක් ලෙස හඳුන්වන දෙයක කොටසක් ලෙස මානව හිමිකම් සහතික කිරීම කෙරෙහි බරතබමිනුයි.

නමුත් අද අප සිටින තැන සිට ආපසු හැරී බලන විට සහ ඔවුන් මේ වසර ගණනාවක් තිස්සේ යුක්රේනය සම්බන්ධයෙන් පවසන දේ මෙනෙහි කර්න්නේ නම්, මානව හිමිකම් පිළිබඳ කිසිදු සඳහනක් ඔබට සොයා ගැනීමට ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවල අයිතිකරුවන් ලෙස පෙනී සිටින කෙනෙකුට යුක්රේනයේ එදිනෙදා සිදුවන කටයුතු වලදී රුසියානු භාෂාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ගැන බියට පත් නොවන්නේ කෙසේද? භාෂාවක් තහනම් කරන ලෝකයේ එකම රට යුක්රේනය බව කිසිවෙකුට සැකයක් ඇති වූයේ නැහැ. දේශ සීමා හුවමාරුවක් සඳහා එකඟ විය යුතු බවට ඔවුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වනවානම්, ඔවුන් අතර කෙනෙකු මෙම වචන පැවසූ නමුත් එය පළමුව, තීරණය කළ යුත්තේ ව්ලැඩිමීර් සෙලෙන්ස්කි විසිනුයි. දෙවනුව, ඔවුන් යම් ආකාරයක සාම සාධක මෙහෙයුමක් යෙදවීම ගැන තර්ක කිරීමට පටන් ගත්තා. එනම් සාම සාධක භටයන් ලෙස වෙස්වලාගත් හමුදා බලකායක් එහි යැවීම එහි පදනමයි. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? මෙයින් අදහස් කරන්නේ මානව හිමිකම් සහතික කිරීම, භාෂාව, අධ්‍යාපනය, රුසියානු භාෂාවෙන් මාධ්‍ය වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ ආගම ඇදහීමේ අයිතිය ප්‍රතික්ෂේප කරන සම්මතයන් ඇතුළුව රුසියානු භාෂාව කතා කරන ජනගහනයේ අයිතිවාසිකම් අහිමි කිරීම සඳහා නීති සම්මත කරගත් පුද්ගලයෙකුට එම ජනතාවගේ අනාගතය භාර විය යුතු බවයි. ආගමධර්මයට අයත්  ඕතඩොක්ස් පල්ලිය ඇත්ත වශයෙන්ම ලෙස තහනම් කරන නීතියක් යුක්රේනයේ තිබෙනවා.

එමනිසා, රුසියාව සමඟ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා තමාට සුදුසු යැයි හැඟෙන පරිදි සෙලෙන්ස්කි වගකිව යුතු බව අමෙරිකාව විශ්වාස කරනවා. මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පෙර මෙම නීති අවලංගු කිරීමෙන් සෙලෙන්ස්කි ආරම්භ කළ යුතු බව කිසිවෙකු පවසනු අපි අසා නැහැ. විශේෂයෙන් ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව හෝ ආගම යන භේදයකින් තොරව සැමට මානව හිමිකම් සඳහා ගරු කිරීම ප්‍රවර්ධනය කිරීමේ සහ දිරිගැන්වීමේ අවශ්‍යතාවය නියම කරන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මෙවැනි තත්වයන් වලදී භාවිතයට ගත යුතුව තිබෙනවා.

භාෂාව සහ ආගම පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් ප්‍රවේශ වූ විට, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යුක්රේනයේ දී දැඩි ලෙස උල්ලංඝනය වෙමින් පවතිනවා. ව්ලැඩිමීර් සෙලෙන්ස්කි වොෂින්ටනයේදී ප්‍රකාශ කළේ, සාකච්ඡාවලට සම්බන්ධ වීමට සූදානම් වුවද, භෞමික සහන පිළිබඳ කිසිදු සාකච්ඡාවකට සහභාගී නොවන බවයි, මන්ද මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබෙනවා යැයි ඔහු පැවසුවා. මෙය කුතුහලය දනවන කරුණක්. ඔහුගේ ඉදිරිපත් කිරීම විකාරයක් ලෙස පෙනෙන්නට තිබුණත් යුක්රේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවමත් යුක්රේන රාජ්‍යය තුළ රුසියානු භාෂාව (විශේෂයෙන් ඉස්මතු කර ඇත) සමඟ, අනෙකුත් වාර්ගික සුළුතරයන් සමඟ, රාජ්‍යයට රුසියානු භාෂාවේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම සහතික කිරීමට නියෝග කරනු ලබයි. ඔහු රාජ්‍යයේ සහ පෞද්ගලික ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම රුසියානු භාෂාව තහනම් කරන නීති පැනවූවත්  ඔහු තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන එතරම් සැලකිලිමත් වන්නේ නම්, මෙම බැඳීම පැහැදිලිවම ඇතුළත් කර ඇති එහි මුල් ලිපි වලින් ආරම්භ කරන ලෙස මම උපදෙසක් ලෙස දීමට කැමතියි.

කෙසේ වෙතත්, එවැනි යථාර්ථයන් විවිධ රටවල දේශපාලන චරිත වන උර්සුලා වොන් ඩර් ලේන්, එමානුවෙල් මැක්‍රොන්, කීර් ස්ටාර්මර්, ෆ්‍රෙඩ්රික් මර්ස් සහ ඔහුට පෙර, ඔලාෆ් ෂෝල්ස් විසින් නොසලකා හැර ඇති බව බොහෝ කලක සිට පෙනෙන්නට තිබේ. ස්වාභාවිකවම, ජෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනය යුක්රේන අර්බුදයට පාදක වූ කරුණු නොසලකා හැරීමට සහ විකෘති කිරීමට පෙරමුණ ගත්තා. විශේෂයෙන්, අගෝස්තු 18 වන දින වොෂින්ටනයේදී සෙලෙන්ස්කි සමඟ පැමිණි යුරෝපීය නියෝජිතයින් විසඳුමකට පැමිණිමට ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටියා. ඇලස්කා සමුළුවෙන් පසු යුක්රේන අර්බුදය විසඳීම සඳහා වඩාත් වැදගත් ප්‍රවේශයක් අනුගමනය කර ඇති බවට පැහැදිලි ප්‍රතිචාරයක් ලෙස ඩොනල්ඩ් ටෘම්ප්, රුසියාව සහ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිරන්තරයෙන් අවධාරණය කර ඇති පරිදි, එහි මූල හේතු ආමන්ත්‍රණය කිරීමේ අත්‍යවශ්‍යතාවය හඳුනා ගෙන සිටිනවා.

එවැනි එක් මූල හේතුවක් රුසියාවේ ආරක්ෂක සම්බන්ධ ගැටළු තුළ පවතිනවා. මේවා පැන නගින්නේ දශක ගණනාවක් තිස්සේ නේටෝවේ නැගෙනහිර දෙසට ව්‍යාප්තියට එරෙහිව අපට ලබා දුන් කැපවීම් ක්‍රමානුකූලව උල්ලංඝනය කිරීම හේතුවෙන්. ඔවුන් රුසියාවට ලබා දුන් සහතික කෙසේ වෙතත්, නේටෝ සන්ධානය පුළුල් කිරීම අවස්ථා පහකදී අත්වීන්දි බව ජනාධිපති පුටින් නැවත නැවතත් අවධාරණය කළා. මේවා හුදෙක් වාචික පොරොන්දු බව පැවසීම නිශ්චිතවම අසත්‍යයකි. ඉස්තාන්බුල් (1999) සහ ඇස්ටානා (2010) හි පැවති OSCE සමුළු අතරතුර ඉහළම මට්ටමින් අත්සන් කරන ලද දේශපාලන ප්‍රකාශන හරහා ඒවා ලිඛිතව විධිමත් කරන ලැබුවා. ඒවායෙහි පැහැදිලිවම සඳහන් වන්නේ ආරක්ෂාව බෙදිය නොහැකි බවත් කිසිවෙකුට අන් අයගේ වියදමින් තමන්ගේම ආරක්ෂාව ශක්තිමත් කළ නොහැකි බවත්ය. නේටෝව හරියටම එය කළේය. OSCE හෙවත් යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයෙහි බල වපසරිය මත ආධිපත්‍යය ප්‍රකාශ කිරීමට කිසිදු රාජ්‍යයකට හෝ සංවිධානයකට අයිතියක් නැහැ. එහෙත් ඔවුන් සෘජුවම එම බල වපසරිය උල්ලංඝනය කරමින් කටයුතු කළා. ඔවුන් කළේ පොරොන්දු වූ දෙයට හාත්පසින්ම වෙනස් දෙයක්. වාචික පොරොන්දු ද වැදගත් වන අතර එය ඔප්පු කිරීමට ලේඛනගත කර අත්සන් කරන ලද සාක්ෂි පමණක් නොව ඉහළම මට්ටමේ අයවළුන් අත්සන් කරන ලද ලේඛන ද පවතින බැවින් එය ප්‍රතික්ෂේප කිරීම වංක ක්‍රියාවක්."

 මෙම නියෝජිතයින් පිරිස වොෂින්ටනයේදී යුක්රේනය සඳහා මෙන්ම යුරෝපය සඳහා (බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් විසින් අවධාරණය කරන ලද පරිදි) ආරක්ෂක සහතික සකස් කිරීම සමඟ උත්සාහයන් ආරම්භ කළ යුතු බව අවධාරණය කළ නමුත් ඔවුන් රුසියාවේ ආරක්ෂාව ගැන කිසි විටෙකත් සඳහන් කළේ නැත. එහෙත් මා යොමු කළ යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානයේ ලේඛනය (විශ්වීයව කෙටුම්පත් කර සම්මුතියෙන් සම්මත කරන ලද) සැමට පිළිගත හැකි ආරක්ෂක විධිවිධාන නියම කරයි.

බොහෝ විට වංචාකාරී ලෙස සහ කඩදාසි මත විධිමත් කරන ලද පොරොන්දු සඳහා ජාත්‍යන්තර නීතිය නොසලකා හැරීම, යුක්රේන අර්බුදයට මෙම නිලධාරීන්ගේ ප්‍රවේශය තුළ පැහැදිලිව දක්නට ලැබෙනවා. රුසියාවේ ආරක්ෂක අවශ්‍යතාවලට ගරු නොකර, යුක්රේනයේ ජනවාර්ගික රුසියානුවන්ගේ සහ රුසියානු භාෂාව කතා කරන්නන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් හඳුනා නොගෙන, කල් පවතින ගිවිසුම් කිසිවක් ක්‍රියාත්මක කළ නොහැකියි. මක්නිසාද යත් මේවා හරියටම අර්බුද විසඳීමේ සන්දර්භය තුළ හදිසි විසඳුමක් අවශ්‍ය වන ගැටළු වන බැවිනි.

මම නැවත අවධාරණය කරනවා. ඇලස්කා සමුළුව පෙන්නුම් කළේ එක්සත් ජනපද පරිපාලනය යුක්රේනය යුද්ධය සඳහා නැවත සන්නද්ධ කිරීමට නොව (මින්ස්ක් ගිවිසුම්වලින් පසුව සිදු වූ පරිදි) මෙම අර්බුදය කිසි විටෙකත් නැවත ඇති නොවන බවට සහතික කර ගැනීම පිණිස  මෙමම කලාපයේ සියලුම රාජ්‍යයන්ගේ සහ ඒවායේ වාසය කරන ජනතාවගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහතික කරමින්, විසඳුමකට සැබවින්ම කැපවී සිටින බවයි. ජනාධිපති පුටින් ඊයේ(18) රාත්‍රියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ කළ ඇමතුමේදී මෙම අවබෝධය නැවත තහවුරු කරන ලද අතර, එහිදී ට්‍රම්ප් ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සහ මෙම ඊනියා "යුරෝපීය සහායක කණ්ඩායම" සමඟ කළ සාකච්ඡා පිළිබඳව අපගේ නායකයාට විස්තර කළා.

ප්‍රශ්නය: ‘යුරෝපීය සහයෝගය’ වෙනුවෙන් පෙනී සිටි ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ්, යුක්රේනයේ වත්මන් තත්ත්වය සහ ෆින්ලන්තය තම භූමි ප්‍රදේශවලින් කොටසක් අත්හැර දැමූ 1944 යුද්ධය අතර සමාන්තරයක් පෙන්වා දුන්නේය. මෙය තේරුම් ගත යුත්තේ කෙසේද?

සර්ජි ලැව්රොව්: එය එක් සමාන්තර කාරණයක්. නමුත් සලකා බැලිය යුතු තවත් ඒවා තිබෙනවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක ගණනාවක් තිස්සේ, ෆින්ලන්තය ආර්ථික වර්ධනය සඳහා කදිම කොන්දේසි භුක්ති වින්දා.ෆින්ලන්තයට සිය සමාජීය ගැටළු විසඳීමට සහ එහි ජනගහනයේ යහපැවැත්ම සහතික කරගැනීමට ඔවුනට  හැකි වූයේ බොහෝ දුරට රුසියානු බලශක්ති සම්පත් වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සහ වඩාත් පුළුල් ලෙස, සෝවියට් සංගමය සහ පසුව රුසියානු සමූහාණ්ඩුව සමඟ ඔවුන් පවත්වා ගෙන ගිය ගැඹුරු සහයෝගීතාවය නිසාය. මෙයට අපගේ භූමියේ ලාභදායී ව්‍යාපෘති පවත්වාගෙන යන ෆින්ලන්ත ව්‍යාපාරද ඇතුළත් වුණා. මෙම විශේෂ සබඳතාවලින් ෆින්ලන්තය ලබාගත් අතිමහත් ප්‍රතිලාභ (එහි මධ්‍යස්ථභාවයෙන් උපයාගත් තත්වයක්) දැන් එක රැයකින් පාහේ ඉවත දමා තිබෙනවා.

මෙය නිශ්චිත අදහසක් ලබා දෙනවා. 1944 දී, හිට්ලර්ගේ ජර්මනියේ පැත්තේ සටන් කළ ෆින්ලන්තය, නාසි පාලන තන්ත්‍රයේ කුරිරුකම්වලට සම්බන්ධ වූ අතර, එහි හමුදා ඒකක බොහෝ යුද අපරාධවලට සම්බන්ධ වුණා. ඒ වගේම සෝවියට් සංගමය සමඟ නිශ්චිත ගිවිසුම් මාලාවක් අත්සන් කිරීමට  ෆින්ලන්තය කටයුතු කළා.

මෑතකදී, ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් විසින්ම එම ගිවිසුම් ගැන සඳහන් කරනු ලැබුවා. විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ සිටම මම ඔහුව හොඳින් හඳුනනනවා. සෝවියට් සංගමය හෝ ෆින්ලන්තය කිසි විටෙකත් අනෙකට එරෙහිව යොමු කරන ලද කිසිදු කඳවුරකට සම්බන්ධ නොවන බව පවසමින් අවිනිශ්චිත මධ්‍යස්ථභාවයේ මූලධර්මයක් තහවුරු කරන ගිවිසුමකට ඔවුන් අත්සන් කළා. එබැවින් යමෙකු ඇසිය යුත්තේ" එම කැපවීම කොහේද ගියේ කියාය්."

ෆින්ලන්තය දැන් රුසියාව තම සතුරා ලෙස පැහැදිලිව සලකන සන්ධානයකට සම්බන්ධ වී තිබෙනවා. එබැවින්, ජනාධිපති ස්ටබ්ගේ සමාන්තරය දෙවන ලෝක යුද්ධයෙන් ඇති වූ භෞමික වෙනස්කම් ඇති කිරීමට අදහස් කළේ නම්, මගේ පිළිතෘර, "ඔව්! එය ඇත්ත වශයෙන්ම එහි ප්‍රතිඵලයක් වුවා". එවැනි භෞමික ගැලපීම් බොහෝ විට නිශ්චිත සාමයක් කරා ළඟා වීමේ අනිවාර්ය අංගයකි. මේ ආකාරයේ උදාහරණ කිහිපයක්ම තිබෙනවා.

මම පැහැදිලි කිරීමක් කිරීමට කැමතියි. අපි කිසි විටෙකත් ප්‍රදේශ අත්පත් කර ගැනීමට ඉලක්ක කළේ නැහැ. ක්‍රිමියාව, ඩොන්බාස් හෝ නොවෝරෝසියා කිසි විටෙකත් අපගේ ඉලක්කය වූයේ නැහැ. අපගේ ඉලක්කය සැමවිටම සියවස් ගණනාවක් තිස්සේ එහි ජීවත් වූ, නගර ගොඩනඟා, වරාය, කර්මාන්තශාලා සහ කම්හල් සංවර්ධනය කළ රුසියානු ජනතාව ආරක්ෂා කිරීමයි.

එම ඉඩම් සංවර්ධනය කිරීමේදී මහා කැතරින් ඉටු කළ කාර්යභාරය කවුරුත් දන්නවා. පසුව ඔවුන් යුක්රේන සෝඉව්යට් සමූහ ආණ්ඩුව වෙත ඇතුළත් කර අවසානයේ ස්වාධීන යුක්රේනයක කොටසක් බවට පත් වූ ආකාරය අපි කවුරුත් දන්නවා. කියෙව් නායකත්වය විසින් සම්මත කරන ලද 1990 රාජ්‍ය ස්වෛරීභාවය පිළිබඳ ප්‍රකාශය හරහා ඔවුන් එම ස්වාධීන රාජ්‍යයේ කොටසක් බවට පත් වී අවසන් වූවා. යුක්රේනය සදහටම න්‍යෂ්ටික බලය අත්පත් කර නොගන්න, මධ්‍යස්ථ සහ නොබැඳි රාජ්‍යයක් ලෙස පවතිනු ඇති බව ද මෙම ලේඛනයේ සඳහන් වූවා. ස්වාධීන රාජ්‍යයක් ලෙස එහි පසුකාලීන ජාත්‍යන්තර පිළිගැනීම සඳහා පදනම සකස් කළේ මෙම කැපවීමයි.

ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ පාලන තන්ත්‍රය දැන් මෙම සියලු කැපවීම් ප්‍රතික්ෂේප කරන්නේ නම්, න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමෙන්, නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සුක වීමේ සහ මධ්‍යස්ථභාවය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමෙන් තර්කානුකූලව අනුගමනය කරන්නේ එම විධිවිධාන, යුක්රේනයේ ස්වාධීන රාජ්‍යත්වය සඳහා වන මූලික පදනම, නොපවතින බවයි.

මෙය තීරණාත්මකයි. නොසලකා හරිනු ලැබුවහොත්, ජාත්‍යන්තර නීතිය පසෙකට දමා නීතිය, ලිඛිත නොවන, ඔවුන්ගේ අවශ්‍යතා වෙනස් වන විට ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට හෝ හෙළා දැකීමට නිර්මාණය කරන ලද බටහිර 'නීති' මගින් ප්‍රතිස්ථාපනය වේ. මෙය තවදුරටත් ඉදිරියට යා නොහැකි තත්වයකි.

වත්මන් එක්සත් ජනපද පරිපාලනය විසින් පෙන්වන ලද අවබෝධය අපි අගය කරන බව මම නැවත අවධාරණය කිරීමට කැමැතියි. යුරෝපීය ප්‍රවේශය මෙන් නොව, එය ගැටලුවේ හරය තේරුම් ගැනීමට සහ මෙම අර්බුදයේ මූල හේතු විසඳීමට උදව් කිරීමට අවංකවම උත්සාහ කරන බව පෙනෙනවා.  යුක්රේනය රුසියාව පාලනය කිරීමට සහ මර්දනය කිරීමට මෙවලමක් ලෙස භාවිතා කිරීමේ අරමුණින්, ජෝ බයිඩන් යටතේ පෙර එක්සත් ජනපද පරිපාලනය විසින් මෙහෙයවන ලද බටහිරයන් විසින් යුක්රේනයේ පෝෂණය කරන ලද ඒවා, අවසානයේ ඔවුන් "උපායමාර්ගික පරාජයක්" ලෙස හැඳින්වූ දේ අප වෙත එල්ල කිරීමට උත්සහා කරනවා.

ප්‍රශ්නය: ඔබ ඇමරිකානු පාර්ශවය සමඟ සම්බාධක ගැන සාකච්ඡා කළාද? සියල්ලට පසු, ඇමරිකානුවන් පැවසූ පරිදි, ඔවුන්ට පෙට්‍රල් සඳහා මුදල් ගෙවීමට සිදු වී තිබෙනවා.

සර්ජි ලැව්රොව්: පෙට්‍රල් වලට සෑම විටම මුදලින් හෝ වෙනත් ආකාරයකින් ගෙවිය යුතුයිය. මේවා නායකයා සහ දූත පිරිස වෙනත් රාජ්‍යකට යන විට අදාල රට කළ යුතු වියදම් වේ.

අපි සම්බාධක සම්බන්ධයෙන් සාකච්ඡා කළේ නැහැ. අපගේ බොහෝ විශේෂඥයින්, දේශපාලනඥයින් සහ නිලධාරීන් නැවත නැවතත් ප්‍රකාශ කර ඇත්තේ සම්බාධක ඉවත් කිරීමෙන් අහිතකර බලපෑම් ඇති විය හැකි බවයි. 1990 ගණන්වල සහ 2000 ගණන්වල මුල් භාගයේ සංවර්ධනය කර ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ග වෙත නැවත පැමිණීමෙන් අපට අවසානයේ ගැටළු ජය ගත හැකි බවට සමහර ආර්ථික අංශ සඳහා මිත්‍යාවන් ඇති කරනු ලබනවා.

බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එය අපගේ තාක්ෂණික ස්වෛරීභාවය ශක්තිමත් කිරීම සහ මිලිටරි, ආර්ථික සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළ ප්‍රධාන කරුණු මෙන්ම අපගේම තාක්ෂණය මත යැපීම සම්බන්ධයෙන් අප මෑතකදී ලබා ඇති සහ අප විසින්ම අත්විඳින ජයග්‍රහණ අහෝසි කරනු ඇති බවයි. සහයෝගීතාවයට දොර වසා නොගන්න, නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා තාක්ෂණයන් මෙහි හිඟයක් ඇති විට මෙන් යැපෙන්න යන්න එපා. සමස්තයක් වශයෙන්, ජෝ බයිඩන්ගේ පරිපාලනය එහි ධුර කාලය අවසන් කරමින් සිටියදී මාස හයකට පෙර තිබූ කාලයට වඩා වත්මන් ක්‍රියාවලිය වඩාත් විශ්වාසදායක සහ වැඩි අපේක්ෂාවන් ඇති බව මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය: අපට තවදුරටත් අපේක්ෂා කළ හැක්කේ කුමක්ද? එය ද්විපාර්ශ්වික හෝ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා වේවිද?

සර්ජි ලැව්රොව්: ද්විපාර්ශ්වික හෝ ත්‍රෛපාර්ශ්වික යන කිසිදු ආකාරයක ප්‍රවේශයක් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එය කිහිප වතාවක්ම පවසා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇතුළුව බහුලව පවතින ඕනෑම ආකෘතියක්, 1+1, 1+2, හෝ බහුපාර්ශ්වික ආකෘතියක් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මාධ්‍ය ආවරණය සඳහා, උදෑසන පුවත්පත්වල හෝ සවස ප්‍රවෘත්තිවල හෝ සමාජ මාධ්‍යවල, ප්‍රචාරය කිරීම සඳා හරය විනාශ කිරීම සඳහා යොදා නොගැනීම වැදගත් වෙනවා. මෙම ආකෘති විශේෂඥ මට්ටමේ සිට ඉහළට සමුළු සඳහා පියවරෙන් පියවර, ස්ථාවර සූදානම සඳහා නිර්මාණය කර ත්බෙනවා. අපි සැමවිටම මෙවැනි බැරෑරුම් ප්‍රවේශයකට සහාය දෙනවා. ඉහළ නිලධාරීන් සම්බන්ධ ඕනෑම සම්බන්ධතාවක් අතිශයින් ප්‍රවේශමෙන් සූදානම් කළ යුතුයි.

ප්‍රශ්නය: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසරේ මොස්කව් වෙත පැමිණීමට ඉඩ තිබේද?

සර්ජි ලැව්රොව්: ඔබ දන්නා පරිදි, ඔහුට ආරාධනා කර තිබෙනවා. ඇලස්කාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනාධිපති පුටින් මෙම ආරාධනය තහවුරු කළා. මට මතක ඇති පරිදි, ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ එය ඉතා රසවත් වනු ඇති බව අවධාරණය කළා.

එය සැබවින්ම සැමට සිත්ගන්නා සුළු වනු ඇත.

Foreign Minister Sergey Lavrov’s interview with VGTRK, Moscow, August 19, 2025

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.