අධිකරණ කටයුතුවලට සෝෂල් මිඩියාවලින් ඇඟිලි ගැසීම ගැන නීතිඥ සංගමය අනතුරු අඟවයි..
අධිකරණ තීන්දු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන් සහ යූ ටියුබ්කරුවන් විසින් මෑතකදී පළකරන ලද අදහස් සහ අනාවැකි පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කනස්සල්ල පළකර ඇති අතර, එවැනි ක්‍රියා නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ කරන බවට අනතුරු අඟවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ස්වාධීන ආයතන වන අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණය යටතේ ඇති කරුණු ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවයි.
අගවිනිසුරුවරයා සහ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත අධිකරණ සේවා කොමිසම, මහාධිකරණ විනිසුරුවරුන් සහ අනෙකුත් අධිකරණ නිලධාරීන්ගේ පත්කිරීම්, උසස්වීම්, මාරුකිරීම් සහ විනය පාලනය අධීක්ෂණය කරයි.
අධිකරණයේ ස්වාධීනත්වය බාහිර මැදිහත්වීම් වලින් ආරක්ෂා කළ යුතු බව සංගමය අවධාරණය කරන අතර, නඩුවල ප්‍රතිඵලවලට බලපෑම් කිරීමට උත්සාහ කරන අදහස් දැක්වීම් නිසි ක්‍රියාවලියට තර්ජනයක් වන බවට අනතුරු අඟවයි.
එවැනි මැදිහත්වීම් සිදුකරන පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(C)(1) සහ (2) වගන්තිය යටතේ නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණදිය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරන අතර, එවැනි ක්‍රියාවලට අධිකරණයට ඇඟිලි ගැසීම් ලෙස සළකා දඬුවම් පැමිණවිය හැකි බව පෙන්වාදෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..