News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා නමැත්තාට අයත් බවට පැවසෙන නීතිවිරෝධීව එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් ඇතුළු ජීප් රථ 3ක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අද (01) සිය භාරයට ගනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානයකගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහයෝගය පළකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර එක්ව ඇත.

මැතිවරණයේදී පරාජය වන බව දැන සිටියා වුවද ජාතික මතයට සුළු පිරිසක් හෝ එක්කර තබාගැනීම සඳහා උත්සාහ දැරුවේ යළිත් ආණ්ඩුව අර්බුදයට යද්දී බලවේගයක් ලෙස එම සුළු පිරිස හෝ එක්කර තබාගැනීමේ අරමුණින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

“ඉන්දියානු වෘකයාගේ නූතන දඩබිම“ යන මැයෙන් සම්මන්ත්‍රණයක් ජනවාරි 16 වැනිදා සවස 3.00ට, කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණ සදහන් කරයි. එහි ප්‍රධාන දේශනය, ජනිපෙ නායක විමල් වීරවංශ විසින් සිදුකිරීමට නියමිතය.

මෙරට වාර්ෂික නව දරු උපත් ප්‍රමාණය තුන් ලක්ෂ පනස් දහසේ සිට දෙලක්ෂ පනස් දහස දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගනු ලැබූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

දෙසැම්බර් 31 දින ජාතික පුවත්පතක ලිපියක් පළකරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඉන්දියානු ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශ මගින් රටට සිදුවිය හැකි විපත පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි

සුරේෂ් සලේ යනු අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙකු බවත්, එනිසාම ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් කිසිඳු ගාස්තුවක් අය නොකර ඔහු වෙනුවෙන් පෙනී සිටින බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි

රජයේ භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකීම දැරිය යුතු බවට මහා භාණ්ඩාගාරය සකස් කළ වාර්තාවක දක්වා ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇත.

සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වදකාගාරයක් තුළ මියයන තත්ත්වයට හෝ සියදිවි නසාගන්නා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ බවත්, එහෙත් ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ සත්‍යග්‍රහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කතෝලික සභාව දැන් හත්පොළේ ගාගෙන ඉවරයි.. බුද්ධි තොරතුරු කළින් ලැබිලත් ශානිලා රවිලා මොනවද කළේ - '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයෙන් චෝදනා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 2015.08.27 දින සිට බුද්ධි තොරතුරු 200ක් පමණ ලබාදී ඇති බවත්, එහෙත් ශානි අබේසේකරලා රවි සෙනෙවිරත්නලා මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවත් '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයේ ප්‍රසංග ප්‍රනාන්දු මහතා පවසයි.

අනාථ වී සිටින ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිද්ධියෙන් ගන්නේ වෙන ආතල් එකක්.. කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරන්න එපා.. - මීගමුව යුක්තියට පදනම සන්ධානය

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 7ක් ගතවී ඇති බවත්, කාලයෙන් කාලයට මෙම පාස්කු ප්‍රහාරය දේශපාලන පන්දුවක් බවට පත්වන බවත් '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයේ නෙක්ස්ටා ප්‍රනාන්දු මහතා පවසයි.

මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති පසුබිමක තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් ආරම්භ කළ උපවාසය ද ඔහු විසින් අත්නොහැර ඇති බවත් වාර්තා වේ.

අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..

අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති මාලාව තවදුරටත් සංශෝධනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති සහ පාලක මණ්ඩලයේ සභාපති පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් (අංක 2492/10) නිකුත් කර තිබේ.

සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.

සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.