News Category
From Date
To Date
Maximum Number of Result

කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත සිල්වා පවසා සිටියේ, ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගැනීමට ඉඩ දිය නොහැකි බවයි.

කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි විසින් යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් කර ඇති බව වාර්තාවේ.

‘යුනිලිවර් ශ්‍රී ලංකා’ සමාගම විසින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 570 කට වැඩි බදු වංචාවක් සිදුකර ඇති බවත් එය යට ගැසීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයින් ගෙන් බලපෑම් එල්ල වී ඇති බවත් රේගුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි

අමාත්‍ය මණ්ඩලය විසින්, පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අනුමත කිරීමට කටයුතු කර තිබුණි.

“පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම” මැයින් ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් කවුරුන්ද යන්න දැනගැනීම අත්‍යවශ්‍ය බවයි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (14) නියෝග කළේය.

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය ඊයේ (13) දිනයට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් මතුගම, ලූල්බද්දුව එතුමන්ගේ උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම සිදුවිය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට 2021 වසරේ මාර්තු මස 17 වන දින දක්වා වූ කාලසීමාව තුළ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සහභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කරණු ලැබීය.

වර්ණ මාධ්‍ය චැනලයට අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කරනු ලබන පැහැදිලි කිරීම සත්‍යයක් වුවත් ඊට වඩා තවත් සත්‍යයක් තිබෙන බව ය.


ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.