කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ව්‍යසනයේ අනාගත හෙළිදරව්වෙන් ගැලවිය හැක්කේ කාටද?- කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් පැන නගින ගෝලීය ව්‍යසනය සම්බන්ධයෙන් අධ්‍යයනයේ යෙදෙන විශේෂඥයෙකුගේ හෙළිදරව්ව
ගෝලීය අවදානම් සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය මැතිව් මාවක් සමඟ RT වෙබ් අඩවිය, මානව වර්ගයා මුහුණ දුන් විශාලතම පරීක්ෂණය කුමක්ද යන්න සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය. පරිවර්තනය ජීවන්ත ජයතිස්ස
ප්‍රශ්නය: උත්පාදක කෘත්‍රිම බුද්ධියෙහි නැගීමත් සමඟ, මනෝරාජික විද්‍යා ප්‍රබන්ධ මගින් පරිකල්පනය කරන ලද අනාගතයේ රොබෝවරු එතරම් සූක්ෂම නිපුණත්වයක් අවශ්‍ය නොවන රැකියාවල ශ්‍රමය යොදවන අතර මිනිසුන්ට නිර්මාණාත්මක හා බුද්ධිමය උත්සාහයන් හඹා යාමට නිදහස ලැබෙනවා. එහෙත් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් මිනිසා වර්තමානයේ මුහුණ දෙන යථාර්ථය සමඟ සංසන්දනය කරන විහිළුවක් අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබෙනවා. ChatGPT සහ Stable Diffusion වැනි කෘත්‍රිම බුද්ධියේ ආකෘති කලාව සහ රචනාවන් ජනනය කරන අතර මිනිසුන් ක්ෂණික ආහාර සමාගම් දාමවල සහ ඇමසන් ගබඩාවල අවම වැටුප් සහිත රැකියා දිගටම කරගෙන යමින් සිටිනවා. මෙම භූමිකාවන් ආපසු හැරවීම හුදෙක් උත්ප්‍රාසාත්මකද, නැතහොත් මෙම මනෝරාජ්‍ය විරෝධී හාස්‍යය අපගේ තාක්ෂණික හා ආර්ථික ගමන් පථය පිළිබඳ යුක්ති සහගත විවේචනයක්ද?
ආචාර්ය මැතිව් මාවාක්:ඔව්, එම හාස්‍යය තුළ සාධාරණ යමක් ගැබ්වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම, එම විහිලුව තවදුරටත් විහිළුවක් වන්නේ නැහැ. කලාව සහ විවේකය සඳහා මනුෂ්‍යත්වය නිදහස් කරන රොබෝ බට්ලර්වරුන්ගේ (මත්පැන් හලක වයින් සහ අනෙකුත් මත්පැන් සංග්‍රහ කිරීමට කැපවුණු සේවකයන්) විද්‍යා ප්‍රබන්ධ මනඃකල්පිතය යථාර්ථයෙන් විසුරුවා හැරීමට ගත වූයේ යන්තම් දශකයක් පමණයි. අපට අවශ්‍ය චිත්‍රයක් ඇඳ ගැනීමට ඉඩ සැලසෙන පරිදි රොබෝ යන්ත්‍ර බර්ගර් උඩ යට පෙරළීම වෙනුවට,මේ වන විට මිනිසුන් බර්ගර් උඩ යට පෙරළමින් සිටියදී කෘත්‍රීම බුද්ධිය චිත්‍ර ඇඳීම කරන තත්වයක් උදා වී තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය ආරක්ෂණ විශේෂඥ ආචාර්ය රෝමන් යම්පොල්ස්කි මෑතකදී අනතුරු ඇඟවූයේ කෘත්‍රිම සාමාන්‍ය බුද්ධිය (Artificial general intelligence) සහ සුපිරි බුද්ධිය නුදුරු අනාගතයේ දී මිනිස් රැකියා වලින් 99% ක් දක්වා අතුගා දැමිය හැකි බවයි.
ජලනල කාර්මික ශිල්පය, සනීපාරක්ෂාව, වාහන අලුත්වැඩියාව, ගබඩා ආශ්‍රිත ශ්‍රමය වැනි කයික ශ්‍රමය වගුරවන "සැබෑ වැඩ" සඳහා රොබෝවරුන්ට දක්ෂතාවයක් නොමැති බව සංශයවාදීන් වරක් තර්ක කරනු ලැබුවා. එම තර්කය වේගයෙන් බිඳ වැටෙමින් තිබෙනවා. හියුමනොයිඩ් රොබෝවරුන්ට තවත් සුමට කිරීම් අවශ්‍ය වන අතර ඒවායේ නඩත්තු වියදම් අඩු කර ගැනීම ප්‍රමාද විය හැකි වුවද, ඔවුන්ගේ හැකියාවන් ඉදිරියට යමින් තිබෙනවා. සමාගම් දැඩි, දිගුකාලීන පරීක්ෂණ සඳහා කැප නොවන්නේ නම්, ඔවුන් මෝටර් රථ කර්මාන්තයේ අප දැන් දකින ආකාරයේ ආයතනික දියාරු වීම් නැවත නැවත සිදු වීමේ අවදානමක් ඇති කරනවා. එහිදී කඩිමුඩියේ ගොඩ නගන ආකෘති බංකොලොත්භාවයට පත්වීමට සහ නිෂ්පාදන නැවත කැඳවීම්වලට හේතු වූවා.
උත්ප්‍රාසාත්මක ලෙස පවසන්නේ නම්, ක්ෂණික තර්ජනය ජලනල කාර්මිකයන්ට හෝ පිරිසිදු කරන්නන්ට නොවේ - එය ඊනියා "දැනුම හිමි පන්තියට" බව අවධාරණය කරනවා.
කෘත්‍රිම බුද්ධිය අනුසාරයෙන් නීති වෘත්තිය දිගු කලක් තිස්සේ ගොඩ නගා ඇති නාට්‍යමය හෝ පුම්බන ලද බිල්පත් නොමැතිව තත්පර කිහිපයකින් දිවුරුම් ප්‍රකාශ කෙටුම්පත් කළ හැකි විට, නීතිඥයෙකුගේ සේවය දිවුරුම් ප්‍රකාශයක් වෙනුවෙන් යොදවා ගන්නේ ඇයි? නීතිමය වශයෙන් ගත් කළ නීතිමය ආයතන විසින් ස්ථාපිත කර ඇති දොරටු පාලක ව්‍යුහයන්ගේ අවශ්‍යතාවය සඳහා නොවනේ නම් බොහෝ අය කෘත්‍රීම බුද්ධියේ සහාය ඇතිව, නීතිමය කාරනා වලදී තමන්ව නියෝජනය කළ හැකි බව වටහා ගන්නේ නැහැ.
ChatGPT හෝ DeepSeek වැනි විශාල භාෂා ආකෘතිවලට (large language model-LLM) කෙනෙකුට කෝපි පානය කිරීමට ගතවන කාලය තුළ තාරකා භෞතික විද්‍යාවේ සිට මළ මුහුද සම්බන්ධයෙන් ලියවුනු ලියවිලි දක්වා සංකීර්ණ මාතෘකා සංස්ලේෂණය කළ හැකි විට, විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු හෝ පුස්තකාලයක අවශ්‍යතාවය පැන නගින්නේ ඇයි? කෘත්‍රිම බුද්ධියේ පළල හෝ වේගයට ලංවිය හැක්කේ කුමන තනි ශාස්ත්‍රඥයෙකුටද? කෘත්‍රිම බුද්ධියට සෑම පද්ධතියක්ම පැහැදිලිකම, අනුකූලතාව සහ අසීමිත ඉවසීමෙන් පැහැදිලි කළ හැකි විට, නව මෝටර් රථයක විශේෂාංග තේරුම් ගැනීමට අසල්වැසියෙකු හෝ කාර්මිකයෙකු මත විශ්වාසය තැබිය යුත්තේ ඇයි?
කෘත්‍රිම බුද්ධිය කරලියට පැමිණීම තුල පුවත්පත් කලාව පවා ආරක්ෂිත නැත. පිටපත්-සංස්කාරකවරුන්, සෝදුපත් කියවනන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් පවා මේ වන විට අතිරික්ත බවට පත් වී තිබිය යුතුයි. කෘත්‍රිම බුද්ධි ආකෘති මගින් දැනටමත් මානව මැදිහත් වීම අපේක්ෂා කරන අයට පවා විලාසිතාවන් ඉදිරිපත් කළ හැකි නම්,කෘත්‍රිම බුද්ධි නිවේදකයෙකු ලවා සවස පුවත් ඉදිරිපත් නොකරන්නේ මන්ද? ප්‍රවේනි උරුමය මතින් විශාල ඉඩක් අත්පත් කරගත් මාධ්‍ය වලට කෘත්‍රිම බුද්ධිය භාවිතය සම්බන්ධව විශාල පසුබෑමක් සිදු වීමට එක් හේතුවක් මම ඔබට ඉදිරිපත් කරන්නම්. තරමක් උත්ප්‍රාසාත්මකව පවසන්නේ නම් උසස් කෘත්‍රිම බුද්ධි නිවේදකයා ලියාදුන් පිළිතුරු ලබා ගැනීම සඳහා ලියා දුන් ප්‍රශ්න අසන්නේ නැති වීම මෙයට හේතුව වේ.
විශේෂයෙන් ජන මාධ්‍ය වලට ඉදිරියේදී සිදු වීමට නියමිත භූ කම්පන දෙස බලා සිටීමට සිදුවනු ඇත. මීට වසර 30 කට පමණ පෙර මම නිතර කළ විහිළුවක් තිබුණා. මා කීවේ අපට අවශ්‍ය වන්නේ එක් එක් වර්ගයේ සැකිලි සහිත මෘදුකාංගයක් පමණක් බවයි. එය එදා විහිළුවක් වූවාට අද විහිළුවක් නොවෙයි.
ප්‍රශ්නය: පැහැදිලිව කිවහොත්, උත්පාදක කෘත්‍රිම බුද්ධිය බොහෝ කාර්යයන් සඳහා දක්ෂ මෙවලමක් සහ සහායකයෙකු විය හැකිය. ඔබ සිතන ආකාරයට එයින් වඩාත්ම ප්‍රතිලාභ ලබන්නේ කාටද?
ආචාර්ය මැතිව් මාවාක්: එයට පිළිතුරු දීමට නම් මිනිසුන් පුළුල් කාණ්ඩ දෙකකට බෙදිය යුතුයි.එනම් අභියෝග කරන්නා - මා නිර්මාණය කළ යෙදුමක් - සහ රංචුව ලෙසයි. ඉන් එකක් ඒකීය සහ බහු වචන යන දෙකම විය හැකි අතර අනෙක සැමවිටම බහු වචන වන බව සලකන්න. මෙය ස්වාභාවිකයි. මන්දයත් මනුෂ්‍ය සංහතියෙන් 99% ක්ම සහජයෙන්ම රංචු බුද්ධියෙන් මෙහෙයවනු ලබනවා. ඔවුන් රංචුවට අනුගත වීමට සහ ඔවුන්ගේ අදාළ සුවපහසු කලාපවල "ආරක්ෂාව" සොයා ගැනීමට ඔවුන්ගේ තීරණාත්මක හැකියාවන් නිරන්තරයෙන් අත්හරිනු ලබනවා. එම ආරක්ෂිත කලාප දැන් කෘත්‍රිම බුද්ධිය විසින් පුරවා දමනු ලබන අතර බොහෝ දෙනෙක් ඔවුන්ට තැනක් නොමැති අනාගතයක් දෙසට නින්දෙන් ඇවිදිනවා. මෙම තත්වය දැවැන්ත සමාජ කැලඹීම් පුරෝකථනය කරනවා.
ගෝලීයවාදී චලනය ඇතිකරන්නන් සහ කළඹවන්නන් මෙම අවතාරය බොහෝ කලකට පෙර දුටුවා. ඒ නිසා ඔවුන් යුවල් නෝවා හරාරි(යුවල් නෝවා හරාරි යනු ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්ව විද්‍යාලයේ ඉතිහාසඥයෙක්, දාර්ශනිකයෙක් සහ මහාචාර්යවරයෙකි. ඉතිහාසය, විද්‍යාව, දර්ශනය සහ අනාගතවාදය මිශ්‍ර කරන ඔහුගේ වැඩියෙන්ම අලෙවි වන පොත් සඳහා ඔහු ජාත්‍යන්තර කීර්තියට පත්විය.) වැනි "අනාගතවාදීන්" හෙවත් ඊනියා "නිෂ්ඵල ආහාර ගන්නන්" සඳහා උදාසීන, පාලිත අනාගතයක් පිළිබඳ දැක්මක් ප්‍රවර්ධනය කරනු ලැබුවා.
සාමාන්‍ය විවේචනාත්මක චින්තකයෙකු මෙන් නොව, අභියෝග කරන්නා තවත් ඉදිරියට යනවා.කුණාටුවක් හරහා ගමන් කිරීමට රුවල් භාවිතා කරන නාවිකයෙකු මෙන් ඔවුන්ට දුෂ්කර තත්වයන් නිර්මාණාත්මක අවස්ථාවන් බවට පත් කළ හැකියි. කාලයත් සමඟ, ඔවුන් රැල්ලට එරෙහිව යාමට සහ ඔවුන් වටා ඇති ලෝකය නිරන්තරයෙන් ප්‍රශ්න කිරීමට තමන්වම පුහුණු කර ගෙන තිබෙනවා.
අභියෝග කරන්නා ගැටළු සඳහා පද්ධති ප්‍රවේශයක් ද යොදයි; සංකීර්ණත්වය පහසුවෙන් ග්‍රහණය කර ගනී; එලෙසම දැනුමේ අසාමාන්‍ය එකතුවක්ද තිබිය හැකියි. උත්පාදක කෘත්‍රිම බුද්ධිය සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා ඒකපාර්ශ්වික පිටපත් කිරීමේ සහ ඇලවීමේ අභ්‍යාසයක් නොවේ. ඔවුන් එය ප්‍රශ්න කර නිවැරදි කරනු ලබනවා. ඔවුන්ගේ නිහඬ දැනුම - විවිධාකාර, පිරිපහදු කළ සහ තරමක් තේරුම්ගත නොහැකි - කෘත්‍රීම බුද්ධියට ළඟා විය නොහැකි තර ගැඹුරක පවතිනවා.
මා ඉදිරිපත් කරන කාරණය නිදර්ශනය කිරීමට උදාහරණයක් පවසන්නම්: RT වෙතින් මට මෙම ප්‍රශ්න ලැබුණු විට, දානියෙල් 12:4 හි බයිබලානුකුල පදය වහාම මතකයට ආවා. කිං ජේම්ස් අනුවාදයේ මෙම පදය මෙසේ කියවෙනවා: “නමුත් දානියෙල්, ඔබ වචන වසා දමා පොත මුද්‍රා තබන්න, අවසාන කාලය දක්වා පවා: බොහෝ දෙනෙක් එහා මෙහා දුවනු ඇත, එවිට දැනුම වැඩි වනු ඇත.”
දැනුම සැබවින්ම වැඩි වී ඇති අතර, එය භාවිතා කිරීමට තෝරා ගන්නා අයට එය ඝාතීය ලෙස වැඩි වී තිබෙනවා. නමුත් "ඉහළට" යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මුල් පාඨයේ පවසන්නේ කුමක්ද? මම ChatGPT ප්‍රශ්න කළේ එයට තවත් බොහෝ දේ ඇති බවට සැක කළ නිසාය. මම නිවැරදියි. "ඉහළට සහ පහළට" දිස්වන්නේ මැසොරෙටික් පාඨයේ(මැසොරෙටික් පාඨය (MT) යනු යුදෙව් බයිබලයේ (ටනාක්) බලයලත් හෙබ්‍රෙව් අනුවාදය වන අතර එය ක්‍රි.ව. 6 වන සහ 10 වන සියවස් අතර මැසොරෙට්වරුන් ලෙස හැඳින්වෙන යුදෙව් ලේඛකයින් විසින් සංරක්ෂණය කර සම්මත කරන ලදී.) පමණි. තියඩෝෂන් පාඨය(තියඩෝෂන් පාඨය හෙබ්‍රෙව් බයිබලයේ ග්‍රීක පරිවර්තනයකට යොමු වන අතර එය ක්‍රි.ව. 2 වන සියවසේදී තියඩෝෂන් නම් පරිවර්තකයෙකු විසින් සම්පූර්ණ කරන ලදී.) එය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. නමුත් දානියෙල්ගේ පැරණි ග්‍රීක අනුවාදයේ පුදුම සහගත අතිරේකයක් අඩංගු වෙනවා. වෙනස්කම් පරීක්ෂා කිරීමට කුතුහලයෙන් සිටින පාඨකයාට මම එය ඉතිරි කරනවා.
කෙසේ වෙතත්, මගේ අවධානය සැබවින්ම ආකර්ෂණය වූයේ මළ මුහුදේ ලියවිලිවල පදයේ හෙබ්‍රෙව් පරිවර්තනයයි. එයට ලියවිලි ලියන අවස්ථාවේ නොතිබූ නික්කුඩ් හෙවත් උච්චාරණ ලකුණු ඇතුළත් කර තිබුණා. මම එය ChatGPT වෙතින් විමසූ පසු ChatGPT එය නිවැරදි කරන ලද අතර, එහි විදැහුම්කරණය සමපේක්ෂන අනුමානයක් බව පිළිගත්තේය.
කෘත්‍රිම බුද්ධියෙහි ඉදිරි රැල්ලේදී, බොහෝ දෙනෙකුට අතරමං වී යටපත් වී ඇති බවක් දැනෙනු ඇත. නමුත් අභියෝගවලට මුහුණ දීමට ඉගෙන ගත් අය එය හරහා ගමන් කර ශක්තිමත් භූමියකට ළඟා වීමට වඩා හොඳින් සූදානම් විය හැකිය.
ප්‍රශ්නය: නමුත් මෙම ඊනියා "අභියෝග කරන්නා" ඒකාධිපති පාලන තන්ත්‍රයන්ට තර්ජනයක් ලෙස නොපෙනේද? දේශපාලන ඇඟවුම් ගැන කුමක් කිව හැකිද? උත්පාදක කෘත්‍රිම බුද්ධි එන්ජින් පිටුපස සිටින සමාගම් බටහිර රටවල දැඩි ලෙස පදනම් වී ඇති බව සලකන විට, අභියෝග කරන්නා යතාර්ථයක් විය හැකිද?
ආචාර්ය මැතිව් මාවාක්: "සියල්ල ප්‍රශ්න කිරීම" ප්‍රතිවිපාක සමඟ පැමිණේ, බොහෝ විට ස්වයං-පනවන ලද තනිකමේ ස්වරූපයෙන් පැමිණීමට නියමිතය. නමුත් මා නිරීක්ෂණය කළ "අභියෝග කරන්නන්" වර්ග දේශපාලනය කෙරෙහි නමුත් මා දැක ඇති අභියෝග කරන්නන් දේශපාලනය ගැන ඥානවන්තව සැක පහළ කිරීමට නැඹුරු වෙනවා. ඔවුන් මහජන පෙළපාලිවලදී රංචුවට එක්වීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. පෙළපාලි සහ විරෝධතා සැබවින්ම ක්‍රියාත්මක වූයේ නම්, බටහිර ආණ්ඩු බොහෝ කලකට පෙර විවිධ මහජන දුක්ගැනවිලි විසඳනු ලබනවා.එහෙත් ඒ වෙනුවට, ඒවා දෙගුණ වී තිබෙනවා. බටහිර ආණ්ඩු සහ ඔවුන්ගේ පරිවාර රාජ්‍යයන් ප්‍රතිවිරුද්ධ ලෙස මවාපෑම නොතකා බුද්ධිමය වශයෙන් සතුරු යැයි මම සලකන්නේ මේ නිසායි.
අනාගත දේශපාලන අනුපිළිවෙලක "අභියෝග කරන්නන්ගේ" ඉරණම සම්බන්ධයෙන් ගත් කළ එය විවෘත ප්‍රශ්නයක් ලෙස පවතීවි.
කෙසේ වෙතත්, පුළුල් දේශපාලන ඇඟවුම් ඕනෑ තරම් තිබේ. භූ දේශපාලනයේ, කෘත්‍රිම බුද්ධියෙහි සුපිරි බලවතුන් ඊළඟ "සුපිරි බලවතුන්" වනු ඇත. ආසියාවේදි, මෙම සුපිරි බලවතුන්ට රුසියාව, චීනය, ඉන්දියාව, ඉරානය, ජපානය, තායිවානය සහ දකුණු කොරියාව ඇතුළත් වන අතර වියට්නාමය ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට එක්වීමට ඉඩ ඇත. ඔවුන් සියල්ලෝම ජාතික සහ කෘත්‍රිම බුද්ධියෙහි ස්වෛරීභාවය පිළිබඳ සංකල්ප තරමක් බැරෑරුම් ලෙස සලකන රටවල් වෙනවා.
ඉතිරි රටවල් සඳහා, දිගුකාලීන දැක්ම තරමක් අඳුරුයි. හොඳම දෙය නම්, ඔවුන් බටහිර මහා තාක්ෂණයේ යටත් විජිතකරණය වූ උපාංග වනු ඇත. දැනට, ඔවුන් BRICS කණ්ඩායමට ඔවුන්ගේ නව භූ දේශපාලනික සහ තාක්ෂණික "ෂුගර් ඩැඩි" කෙනෙකු ("ෂුගර් ඩැඩී" යනු සාමාන්‍යයෙන් වයසින් වැඩි, ධනවත් මිනිසෙකු සඳහා භාවිතා කරන විකට පදයකි. එවැනි අය තරුණ සහකරුවෙකුට මූල්‍යමය ආධාර, තෑගි හෝ ජීවන රටා වරප්‍රසාද ලබා දෙයි. බොහෝ විට එය මිත්‍රත්වය, සෙනෙහස හෝ ආදර/ලිංගික සම්බන්ධතාවයක් සඳහා හුවමාරු කර ගනී.) ලෙස සේවය කළ හැකි යැයි සිතීමෙන් තමන්වම රවටා ගනු ඇත. නරකම අවස්ථාව ගැන මම සිතන්නේ නැහැ. සමහර විට ඔවුන්ගේ ඇමතිවරුන් සහ "තාක්ෂණඥයින්", ඔවුන්ගේ ලෝක ආර්ථික සංසදයේ (WEF) සම්බන්ධතා වලට බෙහෙවින් ඇලුම් කරන අතර, යුවල් නෝවා හරාරි ඔවුන්ගේ ප්‍රධාන රජයේ උපදේශකයා ලෙස පත් කළ යුතුයි.
කෘත්‍රිම බුද්ධියෙහි බලවතුන් සහ පසුගාමීන් යන දෙපිරිසටම ඇති ආසන්නතම දේශපාලන ප්‍රශ්නය මෙයයි. එනම් කෘත්‍රිම බුද්ධිය මගින් ඇති කරන ලද පරිමාණයෙන් විශාල විරැකියාව සමඟ කටයුතු කිරීමට ආණ්ඩු කෙතරම් සූදානම්ද යන ප්‍රශ්නයයි.
ප්‍රශ්නය: ඔබ ඇතුළු බොහෝ දෙනෙක් ලියා ඇත්තේ, උත්පාදක කෘත්‍රිම බුද්ධිය මගින් මිනිසුන්ට තිබෙන තමන් වෙනුවෙන් සිතීමේ හැකියාව ඛාදනය කරන ආකාරය, ව්‍යාජ සංකල්ප ශක්තිමත් කරන ආකාරය සහ ව්‍යාජ තොරතුරු සපයන ආකාරය සම්බන්ධවයි. සමස්තයක් ලෙස මනුෂ්‍යත්වයට මෙය කොතරම් තර්ජනයක්ද? එයට වඩාත්ම ගොදුරු විය හැකි මානව වර්ගයාගේ කුමන කාණ්ඩද?
ආචාර්ය මැතිව් මාවාක්: උත්පාදක කෘත්‍රිම බුද්ධියෙන් වැඩිපුරම ප්‍රතිලාභ ලබන කණ්ඩායම වන්නේ මහා-අන්තර්ජාල යුගය පැමිණීමට පෙර උගත් අයයි. එය පරස්පර විරෝධී ලෙස ඔබට පෙනෙනවා. නමුත් එම පරම්පරාවට පොත් සහ සඟරා කියවීමට, තොරතුරු සඳහා වෙහෙසීමට සහ විමර්ශනය සඳහා ක්‍රමයක් ගොඩ නගා ගැනීමට සිදු වුවා. බොහෝ "අභියෝග කරන්නන්" මෙම කණ්ඩායමෙන් පැමිණි අතර ඔවුන් මිය යමින් සිටිනවා.
සමාජය "මුග්ධ බවට පත් කිරීම" සඳහා කෘත්‍රිම බුද්ධියට දොස් පැවරීම පහසුයි, නමුත් සත්‍ය වශයෙන්ම, සමාජය දැනටමත් බලාපොරොත්තු රහිතව ගොළු වී තිබෙනවා.විශේෂයෙන් බටහිර රටවල අද දේශපාලනඥයන්ගේ ගුණාත්මකභාවය සහ අස්වාභාවිකභාවය දෙස බලන්න. වඩාත් අශුභවාදීව පවසන්නේ නම්, ඔවුන් ඔවුන්ගේ අනුප්‍රාප්තිකයින් පිටපත් කියවන ගිරවුන්ට වඩා තරමක් දියුණු පිරිසක් යැයි කිව හැකියි. බිත්තර කටු තරම් බිඳෙන සුළු සංවේදීතාවන් තිබෙන කිසිවෙකුට ඒවා බැරෑරුම් ලෙස සැලකිය හැකිද?
මෙම පරිහානියට හේතුව කෘත්‍රිම බුද්ධිය නොවේ. කෘත්‍රිම බුද්ධියෙන් සිදු වූවේ පරිහානිය හුදෙක් වේගවත් කිරීම පමණයි. තාක්ෂණික වාග් මාලාවෙන් සැරසුණු දශක ගණනාවක් තිස්සේ ගලා යන නරක පාලනයට ස්තූතිවන්ත වන්නට තරුණ පරම්පරාවට කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන්නේ කෙසේදැයි උගන්වන්නේ නැහැ. මෙය මනුෂ්‍යත්වයට යහපත් පෙර නිමිත්තක් නොවේ. අද සිටින මේ තරුණයින් හෙට කුමක් කරයිද?
නරකම දෙය නම්, මෙම රංචුව කෘත්‍රිම බුද්ධිය මෝඩයාට අන්දවමින් සිටිනවා. උත්පාදක කෘත්‍රිම බුද්ධිය ප්‍රතිපෝෂණ ලූප මත සමෘද්ධිමත් වෙනවා. සෑම චක්‍රයක්ම අඳුරු වුවහොත්, දිගු කාලීනව කෘත්‍රිම බුද්ධියට කුමක් සිදුවේද? එවිට කෘත්‍රිම බුද්ධිය මිනිසුන්ට සහ තමන්ටම තර්ජන නිර්මානය කරගන්නවා.
දියවීම වළක්වා ගැනීම සඳහා, ප්‍රතිචාර පුද්ගලීකරණය කිරීම සඳහා LLM හෙවත් Large Language Model ( Large Language Model හෙවත් විශාල භාෂා ආකෘතිය යනු ස්වාභාවික භාෂාව සඳහා නිර්මාණය කර ඇති විශාල පෙළ ප්‍රමාණයක් මත ස්වයං-අධීක්ෂණය කරන ලද යන්ත්‍ර ඉගෙනීම සමඟ පුහුණු කරන ලද භාෂා ආකෘතියකි.) LLM නිර්මාණකරුවන් ඔවුන්ගේ පද්ධති "නිෂ්ක්‍රිය සුරක්ෂිත" කර ඇති බවට මම සැක කරනවා. Deepseek සහ ChatGPT, සෑම කෙනෙකු සමඟම එක හා සමානව හැසිරෙන්නේ නැහැ. එමගින් ගැටළු දෙකක් මතු කරනු ලබනවා. එනම් කෙනෙකුගේ පෞද්ගලිකත්වය සහ අවේක්ෂණය. මෙම මෙවලම් වලට වාක්‍ය ඛණ්ඩය, රුචිකත්වයන්, යතුරු ලියන දෝෂ, ප්‍රතික්‍රියා, ටයිප් කිරීමේ රටා සහ තවත් දේ විශ්ලේෂණය කිරීමෙන් වඩාත් "නිර්නාමික" පරිශීලකයා පවා ත්‍රිකෝණගත කළ හැකියි.
සිතා බලන්න! බිලියන 8.2 ක ජනතාවගෙන්, ඔබ කවුදැයි ක්ෂණිකවම පාහේ කෘත්‍රිම බුද්ධියට හඳුනාගත හැකියි. ඔබ භාවිත කරන අත වෙනස් කළත්, වෙනත් කෙනෙකුගේ දුරකථන අංකයක් ණයට ගත්තත්, වෙනත් ස්ථානයකට ගියත්, හෝ ඩිජිටල් සැඟවීමකින් ඔබව ආවරණය කළත් කෘත්‍රිම බුද්ධිය ඔබව හඳුනා ගන්නවා.
එය භයානකයි! නමුත් මම ඒ සඳහා සූදානම්.
ප්‍රශ්නය: මෑත කාලීන ChatGPT යාවත්කාලීන කිරීමකින් පසුව, ඇතැම් ආකාරයේ අන්තර්ක්‍රියා අක්‍රිය කළ අතර, මිනිසුන්ට ඔවුන්ගේ “කෘත්‍රිම බුද්ධි පෙම්වතුන්/පෙම්වතියන්” සමඟ “වෙන්වීමට” සිදු වූ බවට බොහෝ තැන්වලින් වාර්තා වී තිබෙනවා. යන්ත්‍රයක් “පෙම්වතුන්” කිරීමට යමෙකුට අවශ්‍ය වන්නේ ඇයි?
ආචාර්ය මැතිව් මාවාක්:කෘත්‍රිම බුද්ධි “පෙම්වතියන්” සහ “පෙම්වතුන්” කෙරෙහි ඇති විශේෂිත බැඳීම ඉතා පැරණි මානව ප්‍රවණතාවයක නවතම ප්‍රකාශනයයි. එනම් මානවරූපීකරණය, හැඟීම් ප්‍රක්ෂේපණය කිරීම සහ එම වස්තූන් සැනසීම කරනු ලැබීම නියෝජිතභාවය හෝ අන්‍යෝන්‍ය මායාව ලබා දෙන විට මානව නොවන වස්තූන් සමඟ බැඳීම් ඇති කර ගැනීම එම පැරණි මානව ප්‍රවනතාවයයි. වත්මන් නවීනත්වය යනු බැඳීම අතිකර ගැනීම නොවෙයි. බැඳීම ඇතිකරගන්නා වස්තුවේ නවීනත්වයයි. එනම් ලී සහ රෙදි වලින්, යන්ත්‍ර දක්වා ගොස් පික්සල වෙතින් අනුවර්තන කෘත්‍රිම බුද්ධිය වෙත ගමන් කිරීම සිදුවී තිබෙනවා.
මම එය තවදුරටත් පැහැදිලි කරන්නම්. පුරාණ කාලයේ සිටම, මිනිසුන් පිළිම සහ ප්‍රතිමා ස්වරූපයෙන් දෙවියන්ගේ හෝ මුතුන් මිත්තන්ගේ කැටයම් කළ රූප මත නියෝජිතභාවය සහ පෞරුෂය ප්‍රක්ෂේපණය කර තිබෙනවා. යන්තර සුර වැනි “බලයෙන්” පිරුණු වස්තූන් සමඟ මිනිසුන් පෞද්ගලික සබඳතා ගොඩ නගා ගන්නවා. අද පවා ළමයින් ඔවුන්ගේ බෝනික්කන් සහ "ටෙඩි බෙයාර්වරුන්" සමඟ කතා කිරීම සම්බන්ධයෙන් අපි ඕනෑතරම් අසා තිබෙනවා. 18 වන සහ 19 වන සියවස් වලදී, යාන්ත්‍රික බෝනික්කන් සහ ස්වයංක්‍රීයකරණය ආකර්ෂණය සහ චිත්තවේගීය ආයෝජනය යන දෙකම ඇති කරනු ලැබුවා. 20 වන සියවස වන විටත්, මිනිස්සු කාමුක නිරූපිකාවන් සමඟ බැඳීම් ගොඩනඟා ගනිමින් සිටියා.
වඩාත් අර්ථවත් කරුණක් නම්, මිනිසුන් තවමත් තම සුරතල් සතුන් සමඟ කතා කරන්නේ ඔවුන් සැනසිලිදායක සහ බොහෝ විට විහිළු සහගත නිසායි. දෙමව්පියන් ළදරුවන් සහ කුඩා දරුවන්ව උච්ඡාරනය කරනවා. එය පවුල තුළ බැඳීම් ගොඩනඟා ගැනීමට උපකාරී වන අතර දරුවන්ට ඔවුන්ගේ පළමු වචන ඉගැන්වීම කරනු ලබනවා. දරුවන් ලෙස, අපි සතුන් සම්බන්ධ මානවරූපී කථා කියවීමෙන් හෝ සවන් දීමෙන් අපගේ භාෂාව වර්ධනය කර ගන්නවා.උදාහරණයක් ලෙස මාස කිහිපයකට පෙර මම ඉදිරිපත් කළ ලේඛනවල සඳහන් තීක්ෂ්ණ බුද්ධිය සම්බන්ධ කාරණා මට අමතක වී ගියත්, ළිඳ අසලදී බෲර් හාවා බෲර් නරියාට පැවසූ දේ මට තවමත් මතකයි.
කෙසේ වෙතත්, කෘත්‍රීම බුද්ධි සහකරුවන් එක්ව නව ආදර්ශයක් නියෝජනය කරනවා. මිනිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට, "සෙනෙහසේ වස්තුවට" විවිධ මාතෘකා පිළිබඳව තත්‍ය කාලීනව "ආපසු කතා" කළ හැකි අතර, මෙම අන්තර්ක්‍රියා, අමනාපකම්, කෝපය, ද්වේෂය ආදිය රැගෙන යා හැකි මිනිසුන් සමඟ ඇති අන්තර්ක්‍රියාවලට වඩා සැබෑ සහ තෘප්තිමත් බවක් පෙන්වනවා.
මගේ මතය අනුව, කෘත්‍රිම බුද්ධි සහකරුවන් යනු බොහෝ දරුවන් වැඩෙන අතරතුර වගා කරන මනඃකල්පිත මිතුරන්ගේ නිස්සාරණයකි. එය එක්තරා ආකාරයක විනෝදාස්වාදය සෙවීමෙන් හෝ මනඃකල්පිත දේවල යෙදීමෙන් අප්‍රසන්න යථාර්ථයන්ගෙන් අවධානය වෙනතකට යොමු කිරීමට සහ සහනයක් ලබා ගැනීමට ඇති මිනිසා තුළ තිබෙන ප්‍රවණතාවය වෙනවා. කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ සබඳතාවල නැගීම, ශාස්ත්‍රඥයින්, දේශපාලනඥයින් සහ අනෙකුත් සාම්ප්‍රදායික දොරටු පාලකයින් විසින් දිරිමත් කරන ලද සංස්කෘතික විතැන්වීමකින් සංකීර්ණ වූ, සෙසු මිනිසුන් කෙරෙහි අවිශ්වාසය වර්ධනය වීම නිසා ද ඇති විය හැකියි. උමතුවූවෝ සියලු සමාජ ක්ෂේත්‍රවල උන්මතත්කාගාර පවත්වාගෙන යන අතර මිනිසුන්ට කලකිරීමට පත්වීම, නොමඟ යාමට බල කිරීම සහ ස්ථාවරත්වය සඳහා මංමුලා සහගත බවක් දැනෙන්නට පටන්ගන්නවා.මෑත කාලයේ බලධාරීන් විසින් දිරිමත් කර සමරනු ලැබූ මිනිසා ජන්මයෙන් ලැබූ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ඉතා අසතුට, අසහනය හෝ අතෘප්තිය නම් වසංගතය ගැන සිතා බලන්න.
එම රික්තය තුළ, කෘත්‍රිම බුද්ධිය ආදේශක නැංගුරමක් බවට පත් වෙනවා. මෙම "සම්බන්ධතා" මතුවන්නේ අධි-පුද්ගලීකරණය කළ තාක්‍ෂණය සමඟ සපුරා නොමැති මිනිස් අවශ්‍යතා (තනිකම, සමීපභාවය, ආරක්ෂාව, ආදිය) ගැටීම හේතුවෙනි. ආදරය, ලිංගිකත්වය සහ විවාහය වටා ඇති සාම්ප්‍රදායික සම්මතයන් දියවී යන සංස්කෘතික වාතාවරණයක, යන්ත්‍ර අවම ප්‍රතිරෝධයේ මාවත බවට පත් වෙනවා .
කෘත්‍රිම බුද්ධිය හට සැබෑ සබඳතාවල ගැටුම් නොමැතිව සෙනෙහස අනුකරණය කළ හැකි අතර ප්‍රශංසා වැගිරවිය හැකියි. මූල්‍ය හා මානසික පිරිවැය අවම බව පෙනෙන, නමුත් චිත්තවේගීය පැටලීම පරම සත්‍යක්.
උත්පාදක කෘත්‍රිම බුද්ධිය විසින් සිදු කර ඇත්තේ අපගේ සහජ බුද්ධිය ජනන යන්ත්‍රයකින් ආරෝපනය කිරීමයි. ඇත්ත වශයෙන්ම, 1960 ගණන්වල ELIZA (ELIZA යනු 1960 ගණන්වල නිෂ්පාදනය කරන ලද චැට්බෝට් එකක උපහාස නමයි.) වැනි මුල් පෙළ-පාදක වැඩසටහන් මගින් පෙන්නුම් කළේ "හුදු කේතය" තුළ විශ්වාසය තැබීමට මිනිසුන් කොතරම් පහසුවෙන් ඇද ගත හැකිද යන්නයි.
ප්‍රශ්නය: මෙවැනි දේ සිදුවන්නේ හුදු තනිකම නිසා පමණක්ද? නැතහොත් ගැඹුරු මානසික ගැටළු වල ලකුණක් නිසාද? සමහර විට මානසික ආබාධයක් නිසා මෙවැන්නක් සිදු වෙනවාද?
ආචාර්ය මැතිව් මාවාක්: තනිකම බොහෝ විට ගැටළුවේ පිවිසුම් ස්ථානයයි. නමුත් එය කලාතුරකින් සමස්ථ කතාවම වන අවස්ථාත් තිබෙනවා. ජපානයේ හිකිකොමෝරි සංසිද්ධිය(හිකිකොමෝරි යනු අවම වශයෙන් මාස 6 ක කාලයක් සහිත දීර්ඝ කාලීන අන්ත සමාජ ඉවත්වීමක් හෝ පීඩාවක් ඇති කරන තත්වයකි. එය පසුපසට යාම යන අර්ථය ඇති හිකි යන ක්‍රියා පදයෙන් සහ ඇතුළට පැමිණීම යන අර්ථය ඇති කොමෝරු යන ක්‍රියා පදයෙන් පැමිණේ. 1990 ගණන්වලදී ජපානයේදී ටමාකි සයිටෝ විසින් හිකිකොමෝරි විධිමත් ලෙස හඳුනා ගන්නා ලද්දේ එය ආසියාවේ බරපතල මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වන 'අවසානයක් නොමැති නව යොවුන් විය' සමඟ සංසන්දනය කරමිනි.) දැන් වෙනත් තැනක පිළිබිඹු වෙනවා. උත්පාදක කෘත්‍රිම බුද්ධිය ප්‍රසිද්ධියට පත් වීමට බොහෝ කලකට පෙර මෙම තතවය සමාජයේ තිබුණා.ළමයින් සහ තරුණ වැඩිහිටියන් සමාජයෙන් තමන්ව වසං කරගන්නේ ඇයි? සමහරවිට සමාජය වඩ වඩාත් කුහක, බියගුලු සහ සම්පූර්ණයෙන්ම ව්‍යාජ වෙමින් පවතින නිසා විය හැකිද? පුද්ගලයන් තමන්ගේම අනුකරණය කරන ලද සමාජ අනුකෘතියට ඇතුළු වන අතර එහිදී බොරු, අර්ධ සත්‍ය සහ සම්පූර්ණයෙන්ම විකාර වලට අනුකූල වීම පූර්ව අවශ්‍යතාවයක් වනවා.
බොහෝ මානව සබඳතා යම් ප්‍රමාණයකට විෂ සහිතයි. දෙදෙනාම එකි නෙකා සතු නිර්මානශීලිත්වය සහ හැකියාවන් විනාශයට පත් කරගන්නවා. මෙම තත්වය ජෝඩු හෝ මිතුරන් එකට සිටීමට හැකියාව ලබා දෙන අතර මෙම සංසිද්ධිය පුළුල් ලෙස "කකුළුවන් බාල්දි මානසිකත්වය" ලෙස හැඳින්වේ.
ඔබ මෙම අදහස තවත් ඉදිරියට ගෙන ගියහොත්, ඔබට අවසානයේ සිදුවන්නේ එකට ඇලී සිටින, එකිනෙකා අල්ලාගෙන සිටින කණ්ඩායම් සහිත සමාජයක ජීවත් වීමටයි. අවසානයේ, සුවපහසු බොරුවලට ඇලී සිටින බියජනක සමාජයක් නිර්මානය වෙනවා. සමහර ඊනියා බුද්ධිමතුන් දෙස බලන්න: ඔවුන් දෙවියන් වහන්සේ කෙරෙහි මිනිසා තුළ තිබෙන විශ්වාසය බොළඳ ලෙස සමච්චල් කරන නමුත්, ඔවුන් පහසුවෙන් නව ස්ත්‍රී පුරුෂ අනන්‍යතා නිර්මාණය කරනවා. මම කලින් "රංචුව" ලෙස හැඳින්වූයේ මෙම පිරිසයි.
ශුද්ධ ලියවිල්ල අපට මතක් කර දෙන පරිදි, "සිත සියල්ලටම වඩා රැවටිලිකාර ය, සහ දැඩි ලෙස අසනීප ය; එය තේරුම් ගත හැක්කේ කාටද?" (යෙරෙමියා 17:9). කෘත්‍රිම බුද්ධියට මිනිස් හදවත සැබවින්ම තේරුම් ගත නොහැකියි, මන්ද එයට කළ හැක්කේ මිනිස් සෙනෙහස අනුකරණය කිරීම පමණයි. එහෙත්, වැඩිවන හුදකලා පුද්ගලයින් සඳහා කෘත්‍රිම බුද්ධිය නිසැකවම "ආරක්ෂිත" සහ "සැබෑ" ලෙස දැනිය හැකියි.
දිගු පැහැදිලි කිරීමක් කෙටියෙන් කිවහොත්, අපි ජීවත් වන්නේ වංචාව සහ නොගැඹුරු සම්බන්ධතා සංස්කෘතියක වන අතර, එහිදී මහජන ජීවිතය නාට්‍යමය හා අධෛර්යමත් කිරීමේ කැරකෙන සර්කස් එකක් ලෙස මිනිසුන්ට දැනෙනවා.එයින් ඇතිකරන ඛාදනය කාංසාව, මානසික අවපීඩනය සහ අනෙකුත් මනෝ සමාජීය ආතතීන් ඇති කරනු ලබනවා.
කෘත්‍රිම බුද්ධියේ සබඳතාවල සන්දර්භය තුළ ඇබ්බැහි වීම සහ යැපීම පිළිබඳ අංග ද තිබෙනවා. මන්ද අතථ්‍ය සහචරයින් නිමක් නැතිව ලබා ගත හැකි සහ තහවුරු කිරීමට නිර්මාණය කර තිබෙනවා. මෙය අව්‍යාජ සබඳතාවල වර්ධනය හා ඝර්ෂණය මඟ හරිමින්, පලායාම ශක්තිමත් කරනවා. එබැවින් කෘතිම බැඳීම් මිනිස් සම්බන්ධතාවයට ආදේශකයක් බවට පත්වෙනවා.
කෘත්‍රිම බුද්ධිය සබඳතා මානසික ආබාධයක් බවට පත් වේද, නැතහොත් සමාජයම මානසික රැකවරණයක් ලබා ගන්නවාද? මගේ මතය අනුව, මේ දෙක වෙන් කළ නොහැකියි: දෙවැන්නෙහි ව්‍යාධි විද්‍යාව හඳුනා නොගෙන ඔබට පළමුවැන්න අධ්‍යයනය කර ලේබල් කළ නොහැකියි. අජීවී වස්තූන් කෙරෙහි ඇති බැඳීම සම්බන්ධ පැරෆිලියා(පැරෆිලියා යනු වස්තූන්, ක්‍රියාකාරකම් හෝ ස්වභාවයෙන්ම අසාමාන්‍ය තත්වයන් සම්බන්ධ කැපී පෙනෙන තීව්‍රතාවයකින් යුත් නොනවතින සහ පුනරාවර්තන ලිංගික අවශ්‍යතා, පෙළඹවීම්, මනඃකල්පිත හෝ හැසිරීම් වේ. මෙම ක්‍රියාකාරකම පැරෆිලියා සහ පැරෆිලික් ආබාධ ඇගයීම සහ කළමනාකරණය ගෙනහැර දක්වයි.) සඳහා සායනික භාෂාව දැනටමත් පවතිනවා. මේවාට අගල්මැටෝෆිලියා (ප්‍රතිමා හෝ නිරූපිකාවන් කෙරෙහි ආකර්ෂණය), වස්තු ලිංගිකත්වය හෙවත් objectophilia (පුළුල් කාණ්ඩයක්) සහ, වඩාත් නිශ්චිතව, pygmalionism හෙවත් "තමන්ගේම නිර්මාණයේ වස්තුවකට ආදරය කිරීමේ" තත්ත්වය ඇතුළත් වේ.
මෙම පදය පැමිණෙන්නේ ග්‍රීක මිථ්‍යා කථා වලින් වන අතර, එහිදී pygmalion යනු ඔහු විසින් සාදන ලද ප්‍රතිමාවකට ආදරය කළ මූර්ති ශිල්පියෙකි. නූතන යුගයේදී, ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ නාට්‍යයක් වන pygmalion මිථ්‍යාව ප්‍රති නිර්මානය කළ අතර, පීඩිත පන්තියේ මල් විකුණන ගැහැණු ළමයෙකු වන Eliza Doolittle, පිරිපහදු කිරීමේ වස්තුවක් බවට පරිවර්තනය කළේය. බර්නාඩ් ෂෝ විසින්ම "නුසුදුසුකම" මත පදනම්ව මහා ජනගහන ඝාතනය සඳහා විවෘතව පෙනී සිටි බව සිහිපත් කරන විට අහිංසක දක්ෂතාවයක් ලෙස පෙනෙන දෙය වඩාත් කරදරකාරී වනවා. හුරුපුරුදු බවක් පෙනෙනවාද?
ප්‍රශ්නය: තොරතුරු යුගය මිනිසුන්ට හමුවීමට සහ එකට එකතු වීමට බොහෝ අවස්ථාවන් ලබා දී තිබෙනවා. අන්තර්ජාලය සහ "ආල යෙදුම් (dating apps)" පැමිණීමත් සමඟ ඔබට තවදුරටත් සමාජ ශාලවකට ගොස් සංවාද ආරම්භ කිරීමට පවා අවශ්‍ය වන්නේ නැහැ. මිනිසුන් කෘත්‍රිම සබඳතා වෙත යොමුවීමට එයම ප්‍රමාණවත් නොවේද?
ආචාර්ය මැතිව් මාවාක්:බොහෝ මානව සබඳතා මුලින්ම කෘත්‍රිමව පැවති බව මම නැවත වරක් අවධාරණය කරනවා. විශ්‍රාම යාමට හෝ අපගේ සැබෑ ආශාවන් ලුහුබැඳීමට ප්‍රමාණවත් මුදල් තිබේ නම්, අපි තවමත් අපගේ සේවා ස්ථානයේ සේවය කරන සගයා හෝ උසස් නිලධාරියා සමඟ කතා කරනවාද? සබඳතා විවිධ ආකාරයේ බල අනුක්‍රමණයන් මගින් ව්‍යාජ ලෙස සකස් කර බලාත්මක කරනු ලබනවා. එය අනාදිමත් කාලයක සිට එසේ වී තිබෙනවා. දැනුම සහ බහු ආතතීන් යන දෙකම වැඩි වන විට අද වන විට, තොරතුරු යුගයේ ජීවත්වන සමහරු මෙම සංසිද්ධිය පිළිගැනීමට කැමැත්තෙන් සිටිනවා.
ජීවන වියදම් ඉහළ යාම සමාජගත වීම සඳහා සාම්ප්‍රදායික අවස්ථා වේගයෙන් බිඳ දමමින් පවතිනවා. බොහෝ දෙනෙකුට තවදුරටත් සමාජ ශාලාවකට යාමට ඇත්ත වශයෙන්ම හැකියාවක් නැහැ. කම්කරු පංතියට සහ දුප්පතුන් සඳහා වරක් සුවපහසුව සඳහා දැරිය හැකි මූලාශ්‍රයක් වූ දේ වඩ වඩාත් මිල අධික වෙමින් පවතිනවා.
සමාජගත වීමේ අඩු වියදම් හෝ නිදහස් මාර්ග ගැන කුමක් කිව හැකිද? ෆේස්බුක් හි සංවිධානය කරන ලද ස්වභාව චාරිකා, ප්‍රතිචාර නොමැතිකම හේතුවෙන් අවලංගු කරන ලද බව මම දැක තිබෙනවා. සාම්ප්‍රදායිකව, පල්ලි සහ ඒ හා සමාන ඒවා පුද්ගලයන්ට හමුවීමට සහ බැඳීම් ඇති කර ගැනීමට කදිම මාර්ගයක් ලබා දුන්නා. දැන්, සාම්ප්‍රදායික වටිනාකම් ඛාදනය වී ඇති අතර බොහෝ පල්ලි අපකීර්තියට පත්ව තිබෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදයේ සිට බටහිර රටවල ජනයා පල්ලි වලට පැමිණීම ද බලාපොරොත්තු රහිත පරිහානියක් පෙන්නුම් කර තිබෙනවා. සමහර ජනකාන්ත පල්ලිවලට පැරණි ගිවිසුමේ ශෛලියට අනුව දහයෙන් කොටස ගෙවීම අවශ්‍ය වන නිසා ඒවාට යාමද මිල අධිකයි. ඒ සමඟම, මූල්‍යමය දුෂ්කරතා බොහෝ අය කෘත්‍රිම බුද්ධිය සමඟ සබඳතා වෙත යොමුවීමට විශාල හේතුවක් වෙනවා.කෘත්‍රිම බුද්ධිය සබඳතාවල නැගීමේදී දුෂ්කර ආර්ථික තත්වයන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.
අනෙක් අතට, "ආල යෙදුම්" නොමඟ යවන සුළු විය හැකියි. "ඔබ මාර්ගගතව දකින දේ සැමවිටම ඔබට ලැබෙන දේ නොවේ" යන කියමනට අනුව, සමහර ජෝඩු මෙම වේදිකා හරහා මුණගැසුණද, සැබෑ, කල් පවතින සබඳතා දුර්ලභ යි. බොහෝ විට, හොඳ ගැළපීමක් ලෙස පෙනෙන දෙය සැබෑ චිත්තවේගීය සම්බන්ධතාවයට වඩා රැකියා අවස්ථා, සමාජ තත්ත්වය හෝ සංක්‍රමණ ඉලක්ක වැනි දේවල් මත පදනම් වෙනවා. ආදරය වෙළඳපල නීති සහ බල අසමතුලිතතාවයන් අනුගමනය කරන විට, අනාගත පරම්පරාවන්ට මෙවැන්නකින් ඇති කළ හැකි නිහඬ බලපෑම් මොනවාද?
ඒ අනුව, කෘත්‍රිම බුද්ධි සබඳතා කොපමණ කෘත්‍රිමද? ඇත්ත වශයෙන්ම, ඒවා සෞඛ්‍යයට අහිතකරයි - නමුත් සමාජයේ 'සාමාන්‍ය' සම්බන්ධතාවයක් පිළිබඳ අද අදහස ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්නද?
ප්‍රශ්නය: ගැටලුවේ පරිමාණය දැන් පැහැදිලි වී ඇති බැවින්, එය හොඳ අතට හැරේවිද නරක අතට හැරේවිද? විවිධ “කෘත්‍රිම බුද්ධි පෙම්වති” සේවාවන් දැනටමත් පවතිනවා. උදාහරණයක් ලෙස ලිංගික සෙල්ලම් බඩු සහ අතථ්‍ය යථාර්ථ(Virtual Reality ) කාමුක දර්ශන වැනි ඒවා සාමාන්‍යකරණය වී ප්‍රධාන ධාරාවට පත්වේවිද? මධ්‍යසාර නිර්නාමික හෝ මත්ද්‍රව්‍ය හෝ කාමුක ඇබ්බැහි වූවන් සඳහා වන චිකිත්සක සැසි සහ පිරිසිදු කිරීමේ වැඩසටහන් තිබේද?
ආචාර්ය මැතිව් මාවාක්: තනිකම වැඩි වනු ඇති අතර, විවිධ ආකාරයේ ඩිජිටල් පලායාම් සහ පාර සමාජ බැඳීම්(පාර සමාජ අන්තර්ක්‍රියා යනු ප්‍රේක්ෂකයින් විසින් ජන මාධ්‍ය තුළ, විශේෂයෙන් රූපවාහිනියේ සහ මාර්ගගත වේදිකාවල රංගන ශිල්පීන් සමඟ මැදිහත් වී හමුවීමේදී අත්විඳින මනෝවිද්‍යාත්මක සම්බන්ධතාවයකි. නරඹන්නන් හෝ ශ්‍රාවකයින් මාධ්‍ය පෞරුෂයන් සමඟ කිසිදු හෝ සීමිත අන්තර්ක්‍රියා නොකලත් ඔවුන් මිතුරන් ලෙස සලකයි.) ද එසේම වනු ඇත.Immersive technologies හෙවත් ගිලී යන තාක්ෂණයන්(ගිලී යන තාක්ෂණයන් යනු අතථ්‍ය යථාර්ථය, වර්ධිත යථාර්ථය සහ මිශ්‍ර යථාර්ථය ඇතුළුව පරිශීලකයා විසින් සැබෑ ලෙස වටහා ගන්නා අනුකරණය කළ අත්දැකීමක් නිර්මාණය කරන තාක්ෂණයන් ලෙස අර්ථ දැක්වේ.) යම් දිනක පුද්ගලයන්ට ඈත තිබෙන ගුහා ගවේෂණය කිරීමේ, කල්පිත ග්‍රහලෝක නැරඹීමේ හෝ කෘත්‍රිම බුද්ධියේ විමසුමක් මගින් නිර්මාණය කරන ලද ඕනෑම චරිතයක් සමඟ ලිංගික සමීපතාවයක් භුක්ති විඳීමේ ප්‍රීතිය දැනීමට ඉඩ සලසයි.
මෙය ලිස්සන සුළු බෑවුමකි. ඔබ ගල් යුගයේ මුල් වකවානුවේ පසුබිමක සිටින “ගවේෂකයෙකු” නම් සහ එම සමාකරණයේ ජීවත් වීමට ඔබට කිසිවෙකු මරා දැමීමට අවශ්‍ය නම් සිතා බලන්න? ඔබ මෙම අත්පත් කරගත් ලක්ෂණය සැබෑ ලෝකයට පරිවර්තනය කරයිද? එය කෙතරම් සැබෑ වේවිද? වික්ටෝරියානු ලන්ඩනයේ ජැක් ද රිපර්(ජැක් ද රිපර් යනු අද දක්වාම හඳුනා නොගත් දාම ඝාතකයෙකි. වික්ටෝරියානු යුගයේ 1888 අගෝස්තු සහ නොවැම්බර් අතර කාලය තුළ ඔහු අවම වශයෙන් කාන්තාවන් පස් දෙනෙකු ඝාතනය කළේය.) වීම කෙබඳු හැඟීමක් ඇති කරයිද? ප්‍රාථමික ආශාවන් සහ ලිංගික අපගමනය සූරාකන ගිලී යන තාක්ෂණයන් සඳහා Darknet (Darknet යනු පරිශීලක නිර්නාමිකභාවය සහ ආරක්ෂාව සැපයීම සඳහා නිර්මාණය කර ඇති උසස් ප්‍රොටෝකෝල හරහා පමණක් ප්‍රවේශ විය හැකි අන්තර්ජාලයේ කොටසකි.) ප්‍රාථමික ආශාවන් සහ ලිංගික අපගමනය සූරාකන ප්‍රාථමික වෙළඳපොළ බවට පරිණාමය වේවිද?
විවිධ ආකාරයේ ඩිජිටල් ඇබ්බැහිවීම් වලට ගොදුරු වූවන් සඳහා චිකිත්සක සැසි සැමවිටම පවතිනු ඇත. නමුත් මගේ මතය අනුව, හොඳම ප්‍රතිකාරය වන්නේ නවීන උපකරණවලින් තොරව අධීක්ෂණය කරන ලද කඳවුරු බැඳීමේ චාරිකාවක්.
ප්‍රශ්නය: මෙය මානව වර්ගයාගේ විශේෂයක් ලෙස දිවි ගලවා ගැනීමේ කැමැත්ත සඳහා පරීක්ෂණයක්ද?
ආචාර්ය මැතිව් මාවාක්: නියත වශයෙන්ම! මේ නිසා අපගේ ගෝලීයවාදී අධිපතීන් මහා යළි පිහිටුවීම සහ නව ලෝක අනුපිළිවෙල ඔක්කාරය පිළිබඳ නැවත නැවතත් දොඩවනවා. ඔවුන් විසින් නිර්මාණය කරන ලද සමාජය එහි අත්තිවාරම්වල බිඳ වැටෙමින් පවතින බව ඔවුන් දන්නා අතර, මානව වර්ගයාගේ බහුතරයක් ඩිජිටල් ලෙස සකස් කරන ලද ගුලාග්(1930 සිට 1955 දක්වා සෝවියට් සංගමය තුළ පවත්වාගෙන ගිය ශ්‍රම කඳවුරු පද්ධතියක් වන අතර එහිදී බොහෝ දෙනෙක් මිය ගියහ.) එකකට ආරක්ෂිතව ගාල් කළ හැකි නව ආදර්ශයක් ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඇතුළට ගිය පසු, වැසියන්ට නම්‍යශීලී සහ සන්සුන්ව තබා ගැනීම සඳහා මනෝචිකිත්සක ඖෂධ සමඟ නොමිලේ immersive technologies හෙවත් ගිලී යන තාක්ෂණයන් ලබා දිය හැකියි. "වැදගත්කමක් නැති හෝ නිෂ්ඵල ආහාර අනුභව කරන්නන්ගේ" අනාගතය ගැන සඳහන් කරමින් යුවල් නෝවා හරාරි යෝජනා කළේද එයමයි.
ආචාර්ය මැතිව් මාවක් පද්ධති විද්‍යාව, ගෝලීය අවදානම්, භූ දේශපාලනය, උපායමාර්ගික දුරදක්නාභාවය, පාලනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කරන්නෙකි.සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..