News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලකයන්ට වන්දනාමාන කරන පුරවැසියන් අවශ්‍ය නෑ.. පිම්බූ හිස් චරිත නඩත්තු කරන්න රටට බෑ- ජනපති අනුර

Sep 17, 2025 at 02:10 PM
|

අපේ රටට අවශ්‍ය වන්නේ දේශපාලකයන්ට වන්දනාමාන කරන පුරවැසියන් නොව, රට නිවැරදි දිශාවකට ගෙන යා හැකි දේශපාලකයන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රටක් දියුණු කළ හැක්කේ දේශපාලකයන්ට වැඳ වැටෙන ජනතාවක්ගෙන් නොවන බවත් ඒ් මහතා අවධාරණය කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේ ද පැවසීය.

"අපිට මේ මතුපිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඔවුන්ට අවි ආයුධ ලැබෙනවා නීතියානුකූල හමුදාවන් විසින් කුඩු ප්‍රවාහනය කරනවා. එය මැඩපැවැත්වීමට ඉන්න පොලීසිය ඔවුන්ට රැකවරණය දෙනවා. දේශපාලන අධිකාරිය විසින් නීතිවිරෝධී පාස්පෝට් හදලා දෙනවා. නීතියානුකූල පාස්පෝට් සෑදීම වැළැක්වීම සඳහා තිබෙන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට මෝටර්රථ ලියාපදිංචි කරලා දෙනවා. මෝටර්රථ ලියාපදිංචියට තියෙන ආයතන විසින් ඔවුන්ට නීතියේ රැකවරණයත් ලබාදෙනවා. ඒ නිසා මේ මතුපිට තිබෙන රාජ්‍යයට සමාන යටිබිම්ගත රාජ්‍යයක් සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත තිබෙනවා. තැන තැන වෙඩිතැබීම්, මත්ද්‍රව්‍ය ආදි විශාල සමාජ අපරාධවලින් ගහණ වූ යටිබිම්ගත රාජ්‍යයක්. මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහතික වශයෙන්ම අවසන් කරනවා. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමාජයේ විශාල ව්‍යවසනයක් ඇති කරලා.  එය මැඩපැවැත්වීමට කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය අභියෝගය හා විශ්වාසය පොලීසිය භාරගෙන තිබෙනවා. ඒ ගැන ඔවුන්ට ස්තූතිය පළ කරනවා.

“පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළාම ඊට සමච්චල් කරන නායකයන් ඉන්නවා. ගතානුගතික, හිස් පුම්බා අතහරින ලද චරිත වෙනුවෙන් අපේ ජනතාව වැය බරක් දැරිය යුතු නැහැ. අපට අවශ්‍ය දියුණු දේශපාලකයන් වන්දනා කරන්න දේශපාලකයන් අපට අවශ්‍ය නෑ. අපිට කිසිසේත් අවශ්‍ය වෙන්නේ නැහැ වන්දනාමාන කරන පුරවැසියෙක්. අපට අවශ්‍ය වන්නේ තම තමන්‍ගේ වගකීම් ඉටු කරන අය පමණයි. වගකීම් ඉටුකරන පුරවැසි සමාජයක් අපට අවශයයි. රාජ්‍යත්වයට උසවා තැබිය යුතු සමාජයක් ඕන නැහැ. දියුණු පුරවැසියෙක් දියුණු දේශපාලනාධිකාරයක් බිහිකරගත යුතුයි. පුරවැසියා පැරණි ගතානුගතික, බියමුසු පුරවැසියෙක් නොවිය යුතුයි. රටක් ඉදිරියට ගෙන යන්න ඕන දියුණු පුරවැසියකුගෙන් පමණයි. දේශපාලකයන්ට වැඳගෙන ඉන්න පුරවැසියන්ගෙන් රටක් ඉදිරියට ගෙන යන්න බෑ. ලෝකයේ දියුණුම ජාතිය ශ්‍රී ලංකාවේ ගොඩනැගීමේ අභියෝගය අප භාර ගෙන තිබෙනවා.’’

මීට වසර පෙර අපේ රටේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වූ බවත් වත්මන් රජයට එම තත්ත්වය දශයකට අඩු ඇතැම් විට දශකයකට අඩකින් එම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් පවතින බවද ජනාධිපතිවරයා පැවසුවේය.

පසුගිය චීන සංචාරයේදී තමන් චීන ජනාධිපතිවරයාගෙන් චීන රජය විසින් ණය ආධාර මත දියත් කර තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට සහයෝගය ඉල්ලා සිටි බවද ජනපතිවරයා එහිදී සඳහන් කළේය.

"විශේෂයෙන් පසුගිය ජනවාරියේ චීන සංචාරයේ දී මා චීන ජනපතිගෙන් ඉල්ලා සිටියා අපට නැවත චීන රජය විසින් ණය ආධාර මත ආරම්භ කර ඇති ව්‍යාපෘති ආරම්භ කරන්න සහාය දෙන්න කියලා. එතුමා විශේෂ අවධානය යොමුකරලා ඒ නතර වී ඇති සියලු ව්‍යාපෘති ආරම්භ කරන්න අවශ්‍ය ආධාර චීන රජයෙන් ලබාදෙන්න එකඟත්වය පළ කරා. එයට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා. අපි මෙම අධිවේගී කොටස සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටියා. ඒ අනුව එතුමාලා අපිට දැනුවත් කළා ඩොලර් වලින් විශේෂ ණය යෝජනා ක්‍රම නොමැති බවත් එය යුවාන්වලින් ගෙවිය හැකි බවත්. ඒ අනුව 2.5% - 3.5%අතර පොලී අනුපාතයකට මෙම ණය මුදල අපිට ප්‍රදානයට චීන එක්සිම් බැංකුව අපිට කැමැත්ත පළ කරා. එයටත් ස්තූතියි."

“අවාසි කන්දක්ව පැවැති මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ගැටළු විසඳා ගැනීමට භාවිත කළේ රටටත් ජනතාවටත් අවම අවාසියක් වන ප්‍රවේශයක්. මේ පිළිබදව දීර්ඝ විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පවතිනවා. නැත්නම් මේ පිළිබඳව විශාල සංවාදයක් ගොඩනැගිය හැකියි. අවාසි කන්දක් තිබුණ ව්‍යාපෘතියක් මේක. පටන් ගත්ත ව්‍යාපෘතියත්, නතර වුණ ව්‍යාපෘතියත් සල්ලි ගෙවලා නැති ව්‍යාතියත් සල්ලි ගෙවලා නැති ව්‍යාපෘතියත්, ව්‍යාපෘති කරපු කඩා වැටුණු ව්‍යාපෘතියක් ගෙවන්න තියෙන සල්ලි ගෙවලා නෑ. ව්‍යාපෘති සමාගම ගෙනාපු යන්ත්‍ර සූත්‍ර දිරාපත් වෙලා තිබෙනවා. ඩොලරය තිබුණු ගානට වඩා දෙගුණටත් වඩා වැඩිවෙලා තිබෙනවා. මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක්. ඒ සංකීර්ණ තත්වයේදී ආණ්ඩුවක් විදිහයට අපේ ප්‍රවේශය බවට පත්වුණේ රටටත් ජනතාවටත් අවම අවාසියක් වන ආකාරයට මෙය විසඳාගන්නේ කොහ‍ොමද කියන එක. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. මම හිතනවා අපි හැමදනාටම ඒක වාසිදායකම යෝජනාව තෝරගන්න අපි සමත්වී සිටිනවා.’’

සම්බන්ධිත පුවත් | Related News

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද (11) නොතීසියක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති සමාව හිමිව ඇති බවට ව්‍යාජ නිල ලේඛන සකස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි 'බී' වාර්තාව හෝ පසු වාර්තා මඟින් අනාවරණය වී නොමැති බව පවසමින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මූලික විරෝධතාවක් ඉදිරිපත් කර ඇත.
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ප්‍රධාන පුවත්

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.