News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තුවේ කමිටුවක සභාපතීත්වය දරන මන්ත්‍රිවරයෙකුට එම සභාපතිධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා දන්නවා සිටියද ඔහු ඉවත් නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු සැසිවාරය අවසන්කිරීම මගින් එම කමිටුවද ඇතුළු සියලුම කමිටු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් සහන නොලැබීමෙන් ව්‍යාපාර රැසක් වැසී යාමට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා ශුද්‍ර, කුඩා හා මධ්‍ය ව්‍යවසායක මණ්ඩලය මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉන්දියාවේ සංචාරක නිරත වන ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඇතුළු පිරිස ඉන්දියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන ආයතනය වන අමුල් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පවසයි.

ජාතික ජන බලවේගය සමඟ ඉන්දියාව ගනුදෙනු කරන්නේ ඉදිරියේදී තම පක්‍ෂයේ ආණ්ඩුවක් එනු ඇතැයි බලාපොරොත්තුවෙන් බව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයක් දැරීමට වරමක් හිමිවී නැති බවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඔහුට කිසිඳු බලයක් නැති බවත් හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද(08) එළිදැක්වීය.

බදුල්ල රෝහලේ පැවැති ඖෂධ සහ උපකරණ හිඟය මත රෝගීන් මුහුණ දී සිටි අසරණ තත්ත්වය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය හමුවේ දැනුවත් කර පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර විනය පරීක්ෂණයකට කැඳවා ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.


ප්‍රධාන පුවත්

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.