News Category
From Date
To Date
Maximum Number of Result

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, දෙමළ ජනතාවගේ ඉඩම් ගැටලු නොවිසඳීම ඇතුළු කරුණු කිහිපයකට විසඳුම් ඉල්ලා උතුරු නැගෙනහිර ප්‍රදේශවල අද (18දා) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මඩකළපුව දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ශානක්‍යන් රාසමානික්කන් පවසයි.

උතුරේ විරෝධතාවයක් නොමැතිව දිනයක් ගතනොවන නමුත් මෑත සතිවලදී, සමාජ ක්‍රියාකාරීන් හෝ සිවිල් සමාජ සාමාජිකයන් යැයි කියා ගන්නා සුදු පැහැති ඇඳුම් ඇඳගත් පුද්ගලයන් ඔවුන් සමඟ එක්වන විරෝධතාවල නිරතවීම වැඩිවීමක් දක්නට ලැබෙන අතර, එය දේශපාලන වාසිලබා ගැනීමේ උත්සාහයක් ලෙස පෙනේ.

මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බලවත් අභියෝගයක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

නිර්නාමික යුරෝපීය නිලධාරීන් උපුටා දක්වමින්, ජනාධිපති ට්‍රම්ප් සඳුදා ධවල මන්දිරයේදී යුක්රේනයේ ව්ලැඩිමීර් සෙලෙන්ස්කි හමුවීමට යුරෝපීය නායකයින්ට ආරාධනා කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා පවසයි.

විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලු සඳහා මේ වන තෙක් විසඳුම් ලැබී නොමැති බව පවසමින් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව වැඩ වර්ජනයකට සූදානම් වෙයි.

අද (17) පස්වරු 4.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සැලසුම් කර ඇත.

2025 වසරේ මේ දක්වා කාලය තුළ අලි ඇතුන් 400කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, මෙය දැවැන්ත පාරිසරික ඛේදවාචකයක් බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාරිසරික විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

චීනය ඊයේ(15) බීජිං නුවර රඳි සිටින ජ්‍යෙෂ්ඨ ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කැඳවා, දෙවන ලෝක යුද්ධයේදී (WWII) ජපානය කොන්දේසි විරහිතව යටත් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් ජපානයේ යුද්ධයට සම්බන්ධ යසුකුනි සිද්ධස්ථානයට ජපන් දේශපාලඥයන් කළ සංචාර සම්බන්ධයෙන් ජපානයට cඊනයේ දැඩි විරෝදය එල්ල කළේය.


ප්‍රධාන පුවත්

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.