News Category
From Date
To Date
Maximum Number of Result

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති අද (04) අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ජ.වි.පෙ.න් කැඩී ගොස් වෙනම දේශපාලන පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වසර ගණනාවක් තිස්සේ තමන් භාරයේ තබා ගනිමින් දේශපාලන කටයුතු සඳහා යොදා ගනු ලැබූ මෙම කාර්යාලය, පොලීසියේ ආශිර්වාදය හා රාජ්‍ය බලයේ මහිමය යොදා ගනිමින් මෙලෙස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ශ‍‍්‍රී ලංකාවේ ප‍‍්‍රජාතන්ත‍‍්‍රවාදය පත්ව ඇති භයානක ඉරණම කුමකදැයි මොනවාට පෙන්වා දෙනු ලබන්නක් බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පියවර ගැනීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කරනවා.

චීනය, රුසියාව සහ උතුරු කොරියාව එක්සත් ජනපදයට එරෙහිව "කුමන්ත්‍රණය" කරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්චෝදනා කර තිබේ. දෙවන ලෝක යුද්ධයේදී ජපානයට එරෙහි ජයග්‍රහණය සනිටුහන් කරමින් අද(03) බීජිං හි පැවති හමුදා පෙළපාළිය ක්‍රියාත්මකව තිබෙන මොහොතේදී ඔහු සිය සමාජ ගිනුමේ මෙලෙස සටහන් තබා තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීත්වයෙන් චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම මේ වනවිට බීජිං අගනුවරදී ආරම්භ වී තිබේ.

පසුගිය කාලයේදී මෙරටට ගෙන්වන ලද ටෙනෙක්ටපෙස් නමැති හදිස්සි හදවත් රෝගීන්ට ලබා දෙන ඖෂධයක් ගුණාත්මකභාවයෙන් අඩුවීම නිසා ඖෂධ නියාමන අධිකාරිය මගින් භාවිතාවෙන් ඉවත් කර ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘතීය සමිති සන්ධානය පවසයි .

ලබන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව අද (02)තීරණය කරනු ලැබීය.

ලෝක ෆැසිස්ට් විරෝධී සහ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය ජයග්‍රහණය කිරීමේ 80 වැනි සංවත්සරය සමරමින් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (අගෝස්‍තු 31) කොළඹ පදනම් ආයතනයේ නිව් වින්ග් ශාලාවේදී පැවැත්විය.


ප්‍රධාන පුවත්

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.