බංග්ලාදේශ මහ මැතිවරණය අද..
බංග්ලාදේශ පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (12) පැවැත්වෙයි. ප්‍රචණ්ඩකාරී ශිෂ්‍ය අරගලය හමුවේ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට බලය අහිමි වී, හසීනාගේ වසර 15 ක ධුර කාලය අවසන් වී, අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ මෙම මහ මැතිවරණය පැවැත්වෙයි.
විරෝධතා හමුවේ රටින් පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මේ වනවිට ඉන්දියාවේ රැඳී සිටී. ඒ ඉන්දීය රජයේ ආරක්ෂාව යටතේය.
බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. එහි සුළුතරය වන්නේ හින්දුවරුන්ය. දැඩි අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් බංග්ලාදේශයේ තම ආධිපත්‍ය පතුරුවමින් හින්දු විරෝධී ක්‍රියාකාරකම්වල නියැලී සිටිති.
අද (12) පැවැත්වෙනු ඇත්තේ, බංග්ලාදේශයේ 13 වැනි මහ මැතිවරණයයි. ඡන්ද විමසීම පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස 299ක් පුරා උදෑසන 7.30 සිට සවස 4.30 දක්වා පැවැත් වීමට නියමිත බව මැතිවරණ බලධාරීහු පවසති. ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ වහාම ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වනු ඇත.
මැතිවරණ කොට්ඨාස 299ක ඡන්ද විමසීම් මෙහෙයවීම සඳහා 800,000ක ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් පිරිසක් සහභාගී වන අතර මෙවර දේශපාලන පක්ෂ 50 ක් තරග බිමට පිවිස සිටී. ස්වාධීන අපේක්ෂකයන්ට අමතරව දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 2,028 දෙනෙකු තරග වදින බව ද පැවැසෙයි.
ඒ අතරින් අභාවප්‍රාප්ත වූ බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරියක වන කලීඩා සියාගේ බංග්ලාදේශ ජාතික පක්ෂය ඉදිරියෙන් සිටින බව මාධ්‍ය වාර්කා පෙන්වා දෙයි. පක්ෂයට නායකත්වය දෙන්නේ සියාගේ පුත්‍රයා වන තරීක් රෙහ්මාන් ය.
මැතිවරණයේ විනිවිදභාවය ඉහළ නැංවීමට සහ මැතිවරණ වංචා වැළැක්වීම සඳහා ප්‍රථම වතාවට ඩ්‍රෝන යානා සහ සිරුරේ රැඳවිය හැකි කැමරා ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනෙනු ඇතැයි ද මැතිවරණ බලධාරීහු පවසති. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් 958,000ක් යොදවා ඇති අතර, ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන ප්‍රදේශ සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත.
මීට අමතරව 100,000කට අධික යුද හමුදා භට පිරිසක් ද මැතිවරණ සේවයේ යොදවා ඇත. ඩකා අගනුවර ප්‍රධාන ප්‍රදේශ පුරා සන්නද්ධ රථ සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ බළඇණි ස්ථානගත කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..