News Category
From Date
To Date
Maximum Number of Result

තැපැල් සේවකයින් අතිකාල (OT) ගෙවීම් වංචනික ලෙස ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව තැපැල් වෘත්තීය සමිති පැවසීය.

චීන අගමැති ලී කියැං ඊයේ(09) ප්‍රකාශ කළේ, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව (DPRK) සමඟ ඉහළ මට්ටමේ හුවමාරු සහ උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීමට චීනය සූදානම් බවයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ මූලික විද්‍යාර්ථයන්ගේ වාර්ෂික පර්යේෂණ සැසියේ (under graduate Research Symposium) ආරම්භක සැසිවාරයේ(2025/10/10) සමාරම්භක උත්සවය උපකුලපති, ශ්‍රාස්ත්‍රපීඨයේ පීඨාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගි වූ අවස්ථාවේ සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමට ආරාධනා කිරීමේ දී කොළඹ විශ්ව විද්‍යාලය රාජ්‍ය භාෂාව වන සිංහල භාෂාව භාවිත නොකොට ඉංග්‍රීසි භාෂාව සහ දෙමළ භාෂාව පමණක් භාවිත කිරීම හේතුවෙන් ඊට විරෝධය පා මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියන් හා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මෙන්ම මහාචාර්ය ප්‍රේමසිරි නාගසිංහ යන මහත්වරුන් උත්සව සභාවෙන් පිටව ගොස් තිබේ.

අද (10) බීජිං වේලාවෙන් පෙ.ව. 9:43 ට, පිලිපීන දූපත් කලාපය අසල මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 15 ක් ගැඹුරින් රිච්ටර් මාපක 7.3 ක භූමිකම්පාවක් ඇති වී ඇතැයි වාර්තා වේ.

2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පහතින්.

අද (10) කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

පිලිපීන්යේ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවකින් ඇතිව තිබේ.

නීතිවිරෝධී ආකාරයට රේගුවෙන් කන්ටේනර් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් මාස කිහිපයකට පසු විමර්ශන ආරම්භ කිරීමට අල්ලස් කොමිසම කටයුතු කරමින් සිටින බව පිවිතුරු හෙළඋරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.


ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.