පාක්‍යසෝතිලාගේ ඩොලර් මල්ලේ එල්ලිලා හිටපු හරිනිලාගේ උපදෙස් අනුව තමයි බෙදුම්වාදීන් යුද්ධය පටන් ගත්තේ - ජාතික සංවිධාන කියයි
මන්නාරමේ දී කාන්තා වැඩසටහනක් අමතමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සිදුකළ ප්‍රකාශයක්, එනම් "යුද්ධය පටන් ගත්තේ තමන්ගෙන් හෙවත් මහජනයාගෙන් අනුමැතියක් අරගෙන නොවේ" යන ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්ව විසින් මත ප්‍රකාශ කරමින් සිටිති.
ලංකා ලීඩර් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,
"යුද්ධය පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ නෙවෙයි. බෙදුම්වාදී ම්ලේච්ඡ යුද්ධය පටන් ගන්නේ ප්‍රභාකරන්ලා. ඊට උපදෙස් දුන්නේ සහ දේශපාලන වශයෙන් එම යුද්ධය සාධාරණීකරණය කළේ පාක්‍යසෝති සරවණමුත්තුලා පුමුඛ බෙදුම්වාදී එන්.ජී.ඕ නඩය.
අද ඔය කතා කරපු හරිනි අමරසූරිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගන්න කළින් පාක්‍යසෝතිලාගේ ඩොලර් මල්ලේ ඒ කියන්නේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ එල්ලිලා හිටපු අය. ඒ නිසා යුද්ධය ආරම්භ කිරීම කෙසේ වෙතත් එය පවත්වාගෙන ගියේ හරිනිලාගෙන් අහලා බවට කිසිඳු සැකයක් නැහැ. ඒ උපදෙස් වලට ඩොලර්වලින් සංග්‍රහ කළ බව USAID වාර්තා වලින් කියැවෙනවා.
මහින්ද රාජපක්ෂ කළේ ප්‍රභාකරන්ලා, හරිනිලා, පාක්‍යසෝතිලා පවත්වාගෙන ගිය බෙදුම්වාදී ම්ලේච්ඡ යුද්ධය පරාජය කිරීම මගින් අවසන් කිරීමයි. ඒක කළේ මහජනයාගෙන් අහලා තමයි. ඒකට ඉතා පැහැදිලි ජනවරමක් ලැබුනා. එදා ජවිපෙ මාලිමාව නොවේ, 2005 දී මහින්ද බලයට ගේන්නේ යුද්ධය පරාජය කරලා අවසන් කරන්න තමයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..