කන්ටේනර් 323 විමර්ශනය කිරීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස්වූ බව ඇමති අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවට කියයි..
කන්ටේනර් 323ක් සම්බන්ධ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස්වන බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
තමන් මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තේරීම් කාරක සභාව සඳහා තමන් පත් කරන අවස්ථාවේදී නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ද, වර්තමානය වන විට තමන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවයි.
කන්ටේනර් නිදහස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා රේගුව මගින් සිදු කළ ද, වරාය අධිකාරිය යනු එම ආනයන අපනයන කටයුතු සඳහා පහසුකම් සපයන ආයතනයක් බව ඔහු පෙන්වා දුන්නේය.
තමන් වරාය විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් මෙම කාරක සභාවේ රැඳී සිටීම තුළින් "සබැඳියාවන් අතර ගැටුමක්" ඇති විය හැකි බවත්, එමගින් විමර්ශන ක්‍රියාවලියෙන් අනාවරණය වන සත්‍යයේ විනිවිදභාවය පිළිබඳව කිසිවෙකුට ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එම නිසා විමර්ශනයේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු පිණිස තමන් මෙම තීරණය ගත් බවත්, ඒ සම්බන්ධ ලිපිය සභාගත කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..