News Category
From Date
To Date
Maximum Number of Result

නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ අඛණ්ඩ විදුලි උත්පාදනය සහතික කිරීම වෙනුවෙන් ලංකා ගල් අගුරු සමාගම (Lanka Coal Company) විසින් හදිසි ගල් අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියක් (Emergency Procurement) ආරම්භ කර ඇත.

රට ඒ්කීය වශයෙන් පවත්වාගෙන යා යුතු බවත්, සමුබුද්ධ ශාසනය පවත්වාගෙන යමින් ථෙරවාදය සුරක්ෂිත කරමින් පවත්වාගෙන යන එකම රට මෙරට පමණක් බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම අඩුවී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ තොරතුරු සඳහන් කරයි.

විශ්‍රාමික ඇමරිකානු බුද්ධි (FBI) නියෝජිත ​රාජ් පටෙල් 2019 ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව කැළඹිලි සහගත නව තොරතුරු අනාවරණය කර තිබේ. මෙහිදී ISIS සබඳතා, ගෝලීය ත්‍රස්තජාල සහ දශකයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක සත්‍යය හෙළි කර ගැනීමට සිදු කළ අසීරු ජාත්‍යන්තර පරීක්ෂණය පිළිබඳව ඔහු කරුණු දක්වයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ තවත් එක් රැවටීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය යාපනය සංචාරය අතරතුර කොක්කුවිල් තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති එක් උත්සවයක් සඳහා පමණක් රුපියල් එක් කෝටි දස ලක්ෂ හැත්තෑ නවදහස් හැත්තෑපහයි ශත පනහක (11,079,075.50$) දැවැන්ත මුදලක් වැය කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් වාර්තා මගින් අනාවරණය වී ඇතැයි 'තිනකුරල්' පුවත්පත වාර්තා කරයි.

කියුබානු දේශසීමා ආරක්ෂකයින් විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි (speedboat) බෝට්ටුවකට වෙඩි තබා පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කර තිබේ.

2026 පෙබරවාරි 12 වැනිදා බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වුණු අතර, මැතිවරණය පැවැත්වූ ආසන 299න් 212ක් දිනාගැනීමට බංග්ලාදේශ් ජාතිකවාදී පක්ෂය සමත් වූ බවත්, බංග්ලාදේශ ආණ්ඩු පෙරළියට දායක වූ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගොඩනගා ගත් පක්ෂය ආසන 30කට තරඟ කොට දිනාගත්තේ ආසන 6ක් පමණක් බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ලබන සඳුදා (2 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි 'ආරෝග්‍යා සායන' කටයුතුවලින් ඉවත් වීමට එම සංගමය තීරණය කර ඇත.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.