News Category
From Date
To Date
Maximum Number of Result

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ඊයේ සවස ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ දී "අචේරේන ච සම්මන්තී" - ලෝක සාමය පතා කෙරෙන මහා ආශිර්වාද පූජාව පැවැත්විණි.

තෙල් නෞකා සඳහා ගෙවීම් චීන යුවාන් (Yuan) මුදලින් සිදු කරන්නේ නම් පමණක්, සීමිත තෙල් නෞකා සංඛ්‍යාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ දීම පිළිබඳව ඉරානය සලකා බලමින් සිටින බව සී.එන්.එන් (CNN) පුවත් සේවයට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළ බව ඔවුන් වාර්තා කරයි.

දකුණු කොරියාවේ පිහිටා ඇති ඇමරිකානු හමුදා ආරක්ෂක පද්ධති කිහිපයක් මැදපෙරදිග කලාපයට මාරු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ආරක්ෂාව සමිබන්ධයෙන් සැකයන් මතුව තිබේ.

ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ අද (15) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදී ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවය.

බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස, රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයන් ගෙදර සිට සේවා කටයුතු සඳහා සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙල (Work From Home ) ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවත QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

පෘථිවියේ දියුණුම හමුදාව මූල්‍යමය වශයෙන් අඩපණ කළ හැකි තරම් ලාභදායී, සරල සහ බහුලව නිපදවා ඇති ආයුධයක් සම්බන්ධයෙන් සිත යොමු කරන්න.

සර්වජන බලයේ මැදිහත්වීමෙන් අද (14) ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුවක් සකස් කරදීමට පියවර ගෙන තිබේ.

කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ඊයේ(13) මාධ්‍ය වාර්තාකරුවන් ඉදිරියේ කියුබාව මුහුණ දෙන ජාතික ගැටළු සහ විදේශ සබඳතා පිළිබඳව අදහස් දැක්වීය. එහිදී, කියුබාව සහ එක්සත් ජනපදය අතර පැවැත්වෙන සාකච්ඡා සහ කියුබාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව අදහස් දක්වනු ලැබීය.


ප්‍රධාන පුවත්

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.