News Category
From Date
To Date
Maximum Number of Result

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසන ආකාරයට සිය ඒකකය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් ඉලක්ක කර මත් මුද්දර, මත් කරල් සහ කුෂ් මත්ද්‍රව්‍ය අලෙවි කළ විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රුපියල් ලක්ෂ 25කට ආසන්න මත් ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් දීමේ චෝදනාව මත ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අදානි සමූහ ව්‍යාපාරය සමග අත්සන් තබා ඇති බලශක්ති සම්බන්ධ ගිවිසුම් නැවත විමසා බැලීමට තීරණය කර ඇති බව ඉන්දියාවේ ‘ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස්’ පුවත්පත වාර්තා කරයි.

නිදහස් උත්සවය ඇතුළු රාජ්‍ය උත්සව සංවිධානය කිරීමේදී මූලික වී කටයුතු කරන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදී මගහැරී ගොස් ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබා දීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉඩදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සමගි ජන බලවේගය සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති සුන් හයියැන් මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.

ඊයේ (24) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී සහ චීන තානාපතිවරයා ඇතුලු චීන රජයේ නියෝජිතයන් පිරිසක් ජවිපෙ නායකයන් හමුවී තිබේ.

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබේ.

වෙහෙර විහාරවල දාගැබේ විහාර සඳහා මිනිසුන් පූජා කරන දේවල් ධාතු ගර්භ හා වෙහෙර විහාරවල තිබෙන්නට හෝ නොතිබෙන්නට හැකි බවත් භූ විද්‍යාව සම්බන්ධව වසර 40 ගණනක පලපුරුද්ද අනුව අඩි 40 ක් 50 යට ගල් හාරා නිදන් තැන්පත් කර ගල් උනු කර දැමීමක් හෝ ගල් ඇලවීමේ තාක්ෂණයක් එදත් අදත් නැති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබද සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා අද(25) දින වැඩ භාරගන්නා ලදී.


ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.