පාසල් වර්ණ ප්‍රදානෝත්සව සඳහා ජාතික මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ යුතු බවට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක්..
මාතර රාහුල විද්‍යාලයේදී දක්ෂතම ක්‍රීඩකයා තේරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය වී ඇති බවට තීරණයක්..
මාතර රාහුල විද්‍යාලය විසින් සංවිධානය කරන ලද 2023/2024 වර්ෂයේ වර්ණ ප්‍රදානෝත්සවයේදී "වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා" (Most Outstanding Player of the Year) තේරීමේදී අනුගමනය කළ අසාධාරණ ක්‍රියාපටිපාටිය හේතුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් තහවුරු කර ඇති "නීතිය හමුවේ සමානාත්මතාවය සහ නීතියේ සමාන රැකවරණය ලැබීමේ" මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) තීරණය කර ඇත.
2026 අගෝස්තු 20 වන දින අංක HRC/HO/15/26 දරන පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මෙම තීරණයේ පිටපත් අධ්‍යාපන අමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ද යොමු කර තිබේ.
මාතර රාහුල විද්‍යාලයේ සියවසකට අධික ඉතිහාසය තුළ ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමට තේරී පත් වූ එකම ශිෂ්‍යයා වන දිනුජය කොඩිතුවක්කු සිසුවා 2024 වසරේදී ජාත්‍යන්තර චෙස් තරගාවලි හයකට සහභාගී වී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ වසරේ විශිෂ්ටතම පාසල් චෙස් ක්‍රීඩකයා සහ ජනප්‍රියතම චෙස් ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලබා ඇත.
කෙසේ වෙතත්, 2025 දෙසැම්බර් 30 දින පැවැත්වුණු වර්ණ ප්‍රදානෝත්සවයේදී, ඔහු චෙස් ක්‍රීඩකයෙකු වීම පමණක් හේතු කරගෙන වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය සඳහා වූ අයදුම්පත සලකා බැලීමට පවා විද්‍යාලය කටයුතු කර නොතිබූ අතර සම්මුඛ පරීක්ෂණයකට කැඳවීම හෝ අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදී නොතිබුණි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන නිගමන
ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම:
ඔලිම්පික් තරඟ සඳහා අනුමත ක්‍රීඩාවන්ට පමණක් ප්‍රමුඛතාවය ලබාදී චෙස් වැනි ක්‍රීඩාවන් වෙනස් කොට සැලකීම (Discrimination) මගින්, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ (UNCRC) 31 වන ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික ළමා අයිතිවාසිකම් නොසලකා හැර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ උල්ලංඝනය:
අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක 35/2020 චක්‍රලේඛය මගින් පාසල් සඳහා නිර්දේශිත ක්‍රීඩා 32 ටම සමාන පිළිගැනීමක් ලබාදී තිබියදී, රාහුල විද්‍යාලය අත්තනෝමතික ලෙස ඔලිම්පික් ක්‍රීඩාවලට පමණක් මුල්තැන දෙමින් කටයුතු කර ඇත.
ව්‍යවස්ථාපිත ක්‍රීඩා නීතිය උල්ලංඝනය:
1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් අංක 2437/24 (2025 මැයි 21) මඟින් කිසිදු ක්‍රීඩාවක් අතර විභේදනයක් කර නොමැති වටපිටාවක, චෙස් ක්‍රීඩාව නොසලකා හැරීම රටේ පවතින නීතියට පටහැනිය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පූර්වාදර්ශ: Haputhanthirige and Others v. Attorney General නඩුවේදී අවධාරණය කර ඇති පරිදි, ක්‍රීඩා සම්බන්ධයෙන් කෙරෙන යම් වර්ගීකරණයක් අත්තනෝමතික හෝ අසාධාරණ නොවිය යුතු අතර එය සැබෑ පදනමක් මත සිදුවිය යුතු බව කොමිෂන් සභාව පෙන්වා දී ඇත.
ප්‍රධාන නිර්දේශ
අධ්‍යාපන අමාත්‍යාංශයට:
සමස්ත ලංකා පාසල්වල වර්ණ ප්‍රදානෝත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු ජාතික මට්ටමේ පොදු විධිවිධාන මාලාවක් හෝ නියාමන මාර්ගෝපදේශ සංග්‍රහයක් වහා සකස් කර ක්‍රියාත්මක කළ යුතුය.
මාතර රාහුල විද්‍යාලයට:
මින් ඉදිරියට වර්ණ ප්‍රදානෝත්සව පැවැත්වීමේදී සියලුම ක්‍රීඩකයන්ට සමානාත්මතාවය සහ සාධාරණත්වය තහවුරු වන පරිදි, විනිවිදභාවයෙන් යුතු, කුසලතා මත පදනම් වූ විධිමත් ක්‍රමවේදයක් සකස් කර අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ඇතිව ක්‍රියාත්මක කළ යුතුය.
මෙම තීරණය තනි පාසලකට පමණක් නොව සමස්ත පාසල් පද්ධතියේම ක්‍රීඩා පරිපාලනයට, දරුවන්ගේ අයිතිවාසිකම් රැකගැනීමට සහ කුසලතා සාධාරණව ඇගයීමට බලපාන ඓතිහාසික පූර්වාදර්ශයක් බව පැමිණිලිකරු වන මහාචාර්ය කේ. කේ. අයි. යූ. අරුණ කුමාර මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..