News Category
From Date
To Date
Maximum Number of Result

චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ (ජූලි 1) කොළඹ Cinnamon Life හෝටලයේ Cumulus Ballroom පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබේ.

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා භාරදීම සිදුවිය.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රදානී සුරේ සලේ විසින් ඊට එරෙහිව ගොනුකල පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණයට සලකා බැලූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා තමන්ට සහ රණවිරු පදක්කම්වලට අපහාසාත්මක ලෙස අදහස් පළ කළ බව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක මහතා පවසයි.

විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගනිමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒමේ අරමුණින් පසුගිය මාර්තු මාසයේදී ආරම්භ කරන ලද අත්තනගල්ල, අලවල එළිමහන් කඳවුරු ව්‍යාපෘතිය (Camping Site) මේ වන විට දැඩි ලෙස වල් වැදී විනාශ වෙමින් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වේ.

වෙනිසියුලාවට බලපෑ ඉතා දරුණු භූමිකම්පාව හේතුවෙන් මියගිය නිල මරණ සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍යය සහ සාධාරණය ඉටුකර දීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව දරන අවංක උත්සාහය වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සම්පූර්ණ සහාය පළ කරන බව නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ කේ.එස්.බී. රාජනායක මහතා ඊයේ (01) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සභාවේ ලේකම්වරිය වෙත භාර දී ඇති බව වාර්තා වේ.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MINUSCA) අනුයුක්තව රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය අතිශය අවදානම් සහගත තත්ත්වයක් හමුවේ සතුරු ප්‍රහාර මධ්‍යයේ සුවිශේෂී ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් (CASEVAC) සාර්ථකව නිම කර තිබේ.


ප්‍රධාන පුවත්

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.