News Category
From Date
To Date
Maximum Number of Result

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත් නොවී ඇති බවත්, එමෙන්ම ආණ්ඩුවේම මැති ඇමතිවරු සෑහීමකට පත්ව නොමැති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

පාර්ලිමේන්තුව අද (21) සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව, අද පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි සඳහන් 1 සිට 6 දක්වායි පාර්ලිමේන්තු කටයුතු සදහා වෙන්කර ඇත. කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

කොළඹ වරාය නගරයේ නවීනතම ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයක් චීනය විසින් ඉදිකරන බව ජනාධිපති අනුර කුමාර පවසා තිබේ.

ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. නිටෙව්දනයක් නිකුත් කරමින් ඒම පක්ෂ,ය මෙසේ ප්‍රකාශයට පත්කර ඇත.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ ඉදිරියේදී වී සඳහා සහතික මිලක් වෙනුවට අවම මිලක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බවයි.

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිලිබදව සිය ආණ්ඩුවේ අළුත් වැඩක් ලෙසින් ඉදිරිපත් කරන ව්‍යාපෘතිය මින් වසර තුනකට පෙර තමන් බලශක්ති අමාත්‍යධූරය දරන සමයේ සම්පූර්ණ කල ව්‍යාපෘතියක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මේ සම්බන්ධ ගිවිසුම 2022 වසරේ අත්සන් කල බවත් එවකට එයට දැඩිව බාධා කලේ ජාතික ජන බලවේගය බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටීයි.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ වැටුප්, දීමනා තනි ගිණුමකට බැර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් වටගල මහතා පවසයි.

ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.