මහින්දගේ පවුලේ අය හිරේ දාන එක ගැන ඩයස්පෝරාව සතුටින්.. ගෝඨාභයත් ඇතුළට දාන්න.. - අර්ච්චුනා
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කරගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන් සිරගත කිරීම පිළිබඳව ඩයස්පෝරාව සතුටු වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා, තවමත් ඉතිරිව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද වහාම අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
මෙලෙස කටයුතු කළහොත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාතේ ඡන්ද ලබාගැනීමට ආණ්ඩුවට පහසු වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මෙය රජය විසින් සිදුකරන දේශපාලන දඩයමක් සහ දෙපිටරට්ටු (Double game) ක්‍රියාවක් බවත්, පුද්ගලිකව තමන් මෙවැනි ක්‍රියා අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
උතුරු පළාතේ සිදුව ඇති සැබෑ දූෂණ හා වංචා පිළිබඳ විගණන වාර්තා කිහිපයක්ම බලධාරීන්ට භාරදී තිබුණද, ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිහඬව සිටින බවට ද අර්චුනා රාමනාදන් මහතා චෝදනා කළේය.
විශේෂයෙන්ම උතුරේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා යැයි පවසමින් පැය කිහිපයකට රුපියල් මිලියන 14ක් වැනි අධික මුදලක් වියදම් කර ඇති නමුත්, අනෙක් පසින් විශාල වශයෙන් බාර් බලපත්‍ර බෙදාහරිමින් සිටින බව ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා බාර් බලපත්‍ර ලබාගත් බව පවසමින් ඔහුව අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළ ද, ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිදුවූ ක්‍රියාදාමයන් හෙළිවේ යැයි පවතින බිය නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙවැනි උපක්‍රම හරහා ජනතාව මුළා කිරීමට ආණ්ඩුව උත්සාහ කළද, මහජනතාව මේ වන විට සිදුවන සියලු තත්ත්වයන් ඉතා හොඳින් නිරීක්ෂණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?