News Category
From Date
To Date
Maximum Number of Result

සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කර ඇතත් සරත් ෆොන්සේකා මහතාද ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට පුරා ජනහමු සංවිධානය කරමින් සිටින බව වාර්තා වේ.

2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත.

ඔක්තෝබරයේදී පැවැත්වෙන ඉන්දීය සාගරයේ වටද්දර රටවල සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.

රට හැරගිය හා සේවයෙන් ඉවත් වූ වෛද්‍යවරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ පිළිබඳව තොරතුරු දන්වමින් එම සංගමය වෙත ලිපියක් යොමුකොට තිබේ.

රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු අනුව මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇති බව වාර්තා වේ.

රට හැර යන වෛද්‍යවරුන් රඳවා ගැනීමට උත්සාහ නොකර වෛද්‍යවරුන්ගේ හිඟය මගහරවා ගැනීමට යැයි පවසමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට රජය දියත් කර ඇති සැලසුමට එරෙහිව දැක්විය හැකි උපරිම විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ.


දේශීය පුවත්

හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි..

හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාගේ පවුලේ අය සහ ව්‍යාපාරික කණ්ඩායම් 10කට සම්බන්ධ ටකා බිලියන 760ක (අමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් පමණ) වත්කම් බංග්ලාදේශ රජය ඊයේ (15) රාජසන්තක කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

"අපි මුල්ලිවයික්කාල්වල පණ බේරාගන්න දුවද්දී ශානක්කියන් හිටියේ ඕස්ට්‍රේලියාවේ" - අරුන් සිද්ධාර්තන්

පසුගියදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්‍යම් ට එරෙහිව දැඩි විවේචනාත්මක චෝදනා රැසක් එල්ල කළේය.

අසු පිට ගිය සංචාරක නියෝජ්‍ය ඇමති, පෙයාස් කා ඉංග්‍රීසි පලයි..

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අශ්වයෙකු පිට නැගී සංචාරයක නිරත වන අතරතුර, පෙයාස් ගෙඩියක් අනුභව කරමින් විදේශීය සංචාරකයින් අමතා ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්වීමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ.

ක්‍රිප්ටෝ ප්‍රවර්ධනයට උඩගෙඩි දුන් ට්‍රම්ප් තමන්ගේ ඔහුගේ පෞද්ගලික ධනය සාම්ප්‍රදායික කොටස්වල ආයෝජනය කරලා.. - රොයිටර් අනාවරණය කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රසිද්ධියේ ඩිජිටල් වත්කම් (Cryptocurrency) ප්‍රවර්ධනය කළ ද, ඔහුගේ පෞද්ගලික ධන කළමනාකරුවන් විසින් එමඟින් උපයන ලාභ විශාල වශයෙන් වඩාත් සුරක්ෂිත සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි..

තමන් අමෙරිකාව සමග "පැවැත්ම උදෙසා වන යුද්ධයක" නිරතව සිටින බව පවසමින්, කලාපීය බලශක්ති අපනයන තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සිගරැට් බදු කැපීමෙන් රජයට කෝටි 920 කට වැඩි බදු ආදායමක් අහිමි වෙයි

සිගරැට් බදු කපා හැරීම හේතුවෙන් මෙම වසරේ පළමු දින 195 තුළදී පමණක් රුපියල් කෝටි 920 කට වැඩි බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර සිටියි.

"හැමදාම වීදි ලාම්පු දාන්න, තණකොළ කපන්න 49 දෙනෙක් ඕන නෑ" - මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද ඉල්ලා අස්වීමට හේතු කියයි

නගර සභාව තුළ සම්ප්‍රදායිකව සිදු කෙරෙන මූලික නඩත්තු කටයුතුවලින් ඔබ්බට ගිය සැබෑ මහජන සේවාවක් ඉටු කිරීමට පවතින බාධා හේතුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පවසයි.

"ඉන්ධන මිල වැඩි කිරීමට මම විරුද්ධ නැහැ" - මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන්

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ මිල සූත්‍රයන් පිළිබඳව අදහස් දක්වමින්, ඉන්ධන මිල ඉහළ දැමීමට තමන් පෞද්ගලිකව විරුද්ධ නොවන බව මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන් මහතා පවසයි.

"දේශපාලන නෂ්ටකාමය තියෙන අයට නිවැරදි තීන්දු ගන්න බැහැ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

දේශපාලන වශයෙන් බෙලහීනතාවයෙන් පෙළෙන, නිසි දැක්මක් හෝ ස්ථාවරත්වයක් නොමැති නායකයින්ට රටක් වෙනුවෙන් නිවැරදි සහ තීරණාත්මක තීන්දු තීරණ ගත නොහැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.