මෛත්‍රී CIDයට දුන් ප්‍රකාශය නීතිපතිට
පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයන් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) ඒ මහතාගෙන් පැය 6ක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඊයේ පෙරවරු 9.50ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රශ්න කිරීම අවසන් වී ඇත්තේ සවස 4.30ට ය.
හිටපු ජනාධිපතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු ඒ මහතාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා යොදවා තිබිණි.
හිටපු ජනාධිපතිවරයා පැවසූ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව විවිධ පාර්ශ්වයන් විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා කැඳවා මේ පිළිබඳව ප්‍රශ්න කළ යුතු බවටයි. මහජන ආරක්‍ෂාව භාර ඇමැති ටිරාන් අලස් මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නේ ඉන් අනතුරුවය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ මංගල දෙහිදෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළේය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ඒ මහතාට දැනුම් දීමක් කර තිබිණි. එම දැනුම් දීමට අනුව ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත හිටපු ජනාධිපතිවරයා පැමිණි අතර ඒ මහතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ඇරැඹිණි.
හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පැමිණෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇතුළු ආධාරකරුවෝ රැසක් එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටට රැස්ව සිටියහ.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද ප්‍රකාශය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්