News Category
From Date
To Date
Maximum Number of Result

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මිල්කෝ, හයිලන්ඩ් සහ කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට සැලසුම් කර ඇති බවයි.

පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වනදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබේ.

මුලතිව් මහෙස්ත්‍රාත් විනිසුරු සහ දිසා විනිසුරු වශයෙන් කටයුතු කළ ටී. සරවණරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඉදිරි මාස 03ක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛත්වය ලබාදී ඉටුකළ යුතු කරුණු 16ක් ඇතුළත් විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවක් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබේ.

බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් හි සහාය ලබාගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ ප්‍රකාශ කළද, එවැනි ඉල්ලීමක් ස්කොට්ලන්ඩ්යාඩ් වෙත ලැබී නොමැති බව අනාවරණය වේ.

පසුගිය දිනවල සිදුවූ ශ්‍රීලන්කන් ගුවන් ගමන් කිහිපයක් අවලංගු වීම් හා ඇතැම් ගුවන් ගමන් වාරවල දිගින් දිගටම සිදුවූ ප්‍රමාදයන් පිළිබඳ කරුණු විමසීම සඳහා අද (02) දිනයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.


දේශීය පුවත්

හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි..

හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාගේ පවුලේ අය සහ ව්‍යාපාරික කණ්ඩායම් 10කට සම්බන්ධ ටකා බිලියන 760ක (අමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් පමණ) වත්කම් බංග්ලාදේශ රජය ඊයේ (15) රාජසන්තක කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

"අපි මුල්ලිවයික්කාල්වල පණ බේරාගන්න දුවද්දී ශානක්කියන් හිටියේ ඕස්ට්‍රේලියාවේ" - අරුන් සිද්ධාර්තන්

පසුගියදා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්තන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්‍යම් ට එරෙහිව දැඩි විවේචනාත්මක චෝදනා රැසක් එල්ල කළේය.

අසු පිට ගිය සංචාරක නියෝජ්‍ය ඇමති, පෙයාස් කා ඉංග්‍රීසි පලයි..

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අශ්වයෙකු පිට නැගී සංචාරයක නිරත වන අතරතුර, පෙයාස් ගෙඩියක් අනුභව කරමින් විදේශීය සංචාරකයින් අමතා ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දැක්වීමට උත්සාහ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ.

ක්‍රිප්ටෝ ප්‍රවර්ධනයට උඩගෙඩි දුන් ට්‍රම්ප් තමන්ගේ ඔහුගේ පෞද්ගලික ධනය සාම්ප්‍රදායික කොටස්වල ආයෝජනය කරලා.. - රොයිටර් අනාවරණය කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රසිද්ධියේ ඩිජිටල් වත්කම් (Cryptocurrency) ප්‍රවර්ධනය කළ ද, ඔහුගේ පෞද්ගලික ධන කළමනාකරුවන් විසින් එමඟින් උපයන ලාභ විශාල වශයෙන් වඩාත් සුරක්ෂිත සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි..

තමන් අමෙරිකාව සමග "පැවැත්ම උදෙසා වන යුද්ධයක" නිරතව සිටින බව පවසමින්, කලාපීය බලශක්ති අපනයන තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සිගරැට් බදු කැපීමෙන් රජයට කෝටි 920 කට වැඩි බදු ආදායමක් අහිමි වෙයි

සිගරැට් බදු කපා හැරීම හේතුවෙන් මෙම වසරේ පළමු දින 195 තුළදී පමණක් රුපියල් කෝටි 920 කට වැඩි බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර සිටියි.

"හැමදාම වීදි ලාම්පු දාන්න, තණකොළ කපන්න 49 දෙනෙක් ඕන නෑ" - මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද ඉල්ලා අස්වීමට හේතු කියයි

නගර සභාව තුළ සම්ප්‍රදායිකව සිදු කෙරෙන මූලික නඩත්තු කටයුතුවලින් ඔබ්බට ගිය සැබෑ මහජන සේවාවක් ඉටු කිරීමට පවතින බාධා හේතුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පවසයි.

"ඉන්ධන මිල වැඩි කිරීමට මම විරුද්ධ නැහැ" - මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන්

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ මිල සූත්‍රයන් පිළිබඳව අදහස් දක්වමින්, ඉන්ධන මිල ඉහළ දැමීමට තමන් පෞද්ගලිකව විරුද්ධ නොවන බව මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන් මහතා පවසයි.

"දේශපාලන නෂ්ටකාමය තියෙන අයට නිවැරදි තීන්දු ගන්න බැහැ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

දේශපාලන වශයෙන් බෙලහීනතාවයෙන් පෙළෙන, නිසි දැක්මක් හෝ ස්ථාවරත්වයක් නොමැති නායකයින්ට රටක් වෙනුවෙන් නිවැරදි සහ තීරණාත්මක තීන්දු තීරණ ගත නොහැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.