News Category
From Date
To Date
Maximum Number of Result

රනිල්-සජිත්-අනුර IMF වන්දනාවේ... ඔය කවුරු බලයට ආවත් IMF පදයට නටනවා හැර වෙන උත්තර නැහැ – විමල් වීරවංශ (වීඩියෝ)

Mar 24, 2024 at 08:24 PM
|

දේශපාලනයේ හසරක් නොදැන කරන හොරු ඇල්ලීමේ බහුනාටකවල ගොදුරු බවට පත් නොවන ලෙසත් දේශපාලන වේදිකාවල සුරංගනා කථාවලට ඇහුම්කන් දී මේ රටේ අනාගතය පරදුවට නොතියන ලෙසත් ජාතිකවාදී, ප්‍රගතිශීලී, දෑහිතකාමී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, ඒ සියලු ජනතාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ යන සියල්ලන් එක මිටට තබා පැරදවිය හැකි නිර්මාණය වෙමින් පවතින නව දේශපාලන බලවේගය සමඟ සිටගන්නා ලෙස ඇරයුම්කර සිටියි.

“77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව්!”යන තේමාව යටතේ උත්තර ලංකා සභාගය කැඳවා තිබූ “ජන පෙළගැස්ම” විශේෂ ජන සමුළුව අමතමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය. එම විශේෂ ජන සමුළුව ඊයේ(23) මහරගම තරුණ සේවා සභා ශාලාවේ දී මුළු දුන්නේ ය.

මෙම විශේෂ ජන සමුළුව අමතා උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජයධරණී ජාතික සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, උත්තර ලංකා සභාගයේ විධායක සභික, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී තිලකසිරි යන දේශපාලන පක්ෂ නායකයෝ ද අදහස් දැක්වූහ.

1977 දී මෙරටට හඳුන්වා දුන් පරාධීන ආර්ථික මාවත හේතුවෙන් ගිලන් වූ අපගේ මාතෘභූමිය සුවපත් කෙරුමට සමත්, නැවුම් මාවතකට මුල්ගල තැබෙන මෙම අවස්ථාවට, උත්තර ලංකා සභාගය හා ඉදිරියේදී පුළුල් දේශපාලන සන්ධානයක් සඳහා සන්ධානගත වීමට නියමිත දේශපාලන සන්ධාන සහ දේශපාලන පක්ෂවල නායකයන් ඇතුළු දේශපාලන නායකයන් පිරිසක් සුබ පැතුම් එක් කිරීම ද සිදු කෙරිණි.

ඒ අනුව මානුෂීය ජනතා සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ඩලස් අලහප්පෙරුම, “දූෂණය නවතමු! මව්බිම ගොඩගමු!” සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරු මෙම විශේෂ සමුළුවට සුබ පැතුම් එක් කළහ.

පැමිණි පිරිස පිළිගැනීම උත්තර ලංකා සභාගයේ විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් සිදු කළ අතර “1977 කොඩිවිනය අවසන් කරමු!” නමින් වාර්තාමය වැඩසටහනක් ද මෙහි දී ප්‍රදර්ශනය කෙරිණි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද ජාතික සංවිධාන සහ බහුජන සංවිධාන නියෝජනය කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගම, නීතිඥ කල්‍යානන්ද තිරාණගම ඇතූළු විද්වත් වෘත්තිකයයෝ රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන බලවේගය

“උත්තර ලංකා සභාගය මේ ජන පෙළගැස්ම මහරගමින් ආරම්භ කළේ ‘මේ රටේ ප්‍රගතිශීලී, දෑහිතකාමී බලවේගවල නව ගමන් මඟ අපි නිර්මාණය කරනවා’ කියන සහතිකය මේ රටේ ජනතාවට ලබා දීමටයි. මේ ඇති වෙන්න හැරපු ආර්ථික අර්බුදයෙන් පස්සේ සමහරු හිතනවා, ‘මේ රටේ දෑහිතකාමී බලවේග දුර්මුඛ වෙලා’ කියලා. ඒ්ක වැරදියි. ‘හිටියාටත් වඩා සවිමත්ව, ඥානාන්විතව, අරමුණු සහගතව, ධෛර්යය සම්පන්නව ඒ් දෑහිතකාමී, ප්‍රගතිශීලී බලවේග මේ රටේ අනාගතය තීරණය කරන ප්‍රධාන බලවේගය බවට පත් කරනවා’ කියන අධිෂ්ඨානය තමයි අද මහරගමට එක්රොක් වුණු මේ ප්‍රගතිශීලී, දෑහිතකාමී ජනතාව පළකර සිටියේ.

රනිල්-සජිත්-අනුර IMF වන්දනාවේ

මේ ආර්ථික අර්බුදය නිවැරදිව විග්‍රහ කරගත් කිසිවෙකුටත් බැහැ IMF එක වන්දනා කරමින් ඉන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාත්, සජිත් ප්‍රේමදාස මහත්තයාත්, අනුර කුමාර මහත්තයාත්(සාකච්ඡාවලට හඳුන්නෙත්තිව යවමින්) IMF වන්දනාවේ යෙදෙනවා. ‘අපි ආවත් IMF එකත් එක්ක ගනුදෙනු කරනවා’ කියලයි හඳුන්නෙත්තිලත් කියන්නේ. ‘විදේශ විනිමය නිදහසේ එහේ මෙහේ යන එකට බාධා කරන්න බැහැ’ කියලා IMF එක තමයි කියන්නේ. ඉන්දියාවේ වගේම අපෙත් කලින් තිබුණු විදේශ විනිමය පනත අනුව මාස තුනක් ඇතුළත උපයපු විදේශ විනිමය රට තුළට රැගෙන එන්න ඕනෙ. නැතිනම් අපරාධ වරදක් සේ සලකා නඩු පැවරිය හැකියි. අපේ විදේශ විනිමය පනතින් ඒ ප්‍රතිපාදනය ඉවත් කළා. දැන් අපේ රටේ විදේශ විනිමය උපයන අය ඒවා විදේශ රටවල ‘පාක්‘ කරනවා. ඒ අනුව නැති විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය කළා. ඒ විදේශ විනිමය අර්බුදය නිසා තමයි IMF එක ශ්‍රී ලංකාවේ බෙල්ල මුලින් අල්ලා ගත්තේ.

අනාගත දරු පරපුරේ පදයට නටන බලවේගයක්

ඒ අනුව පැහැදිලියි, ‘IMF සරණං ගච්ඡාමි‘ කියන රනිල්, සජිත්, අනුර යන ඔය කවුරු බලයට ආවත් මූල්‍ය අරමුදලේ පදයට නටනවා හැර මේ අයට වෙන උත්තර නැහැ. IMF පදයට නටන්නේ නැති, රටේ පදයට, ජාතියේ පදයට, අනාගත දරු පරපුරේ පදයට නටන බලවේගයක් තමයි අද ජනතාව ඉල්ලන්නේ. ලෝකයේ ඇති වන නව බල වෙනස්කම් දිහා බලලා, ඒ නව ප්‍රවණතා සමඟ එකට හිටගන්න පුළුවන් දේශපාලන බලවේගයකට විතරයි මේ වැටිලා තිබෙන ආර්ථික ප්‍රපාතයෙන් මේ රට ගොඩගන්න පුළුවන්.

වෙළඳ පරතරය පියවිම

අපට ඩොලර් බිලියන 40ක පමණ විදේශ ණය ප්‍රමාණයක් සහ ඩොලර් බිලියන 50ක පමණ දේශීය ණය තියෙනවා. ඒ අනුව සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 90ක් විතර වෙනවා. ඒ වගේම අපේ වෙළඳ පරතරය ඩොලර් බිලියන 130ක් පමණ වෙනවා. 1977ට කලින් වෙළඳ පරතරයක් තිබුණේ නැහැ, වෙළෙඳ ශේෂයක් තිබුණේ. මේ වෙළඳ පරතරය පළල් වෙනකොට ‘ලෝකයේ හෙට්ටියන්ගෙන්’ ණය අරගෙන ඒ්ක පියවන එක තමයි මේ තරම් කාලයක් කළේ. ‘ණයට කාලා – සැපට ඉන්න’ ප්‍රතිපත්තිය වෙනුවට ‘නව වැඩපිළිවෙළක්, මූලෝපායක්’ යටතේ මේ මහා පොළොව අස්වැද්දීමෙන් තමයි මේ වෙළඳ පරතරය පියවිය හැක්කේ.

රටේ වත්කමට තවත් ඩොලර් බිලියන 232ක්

ලෝක බැංකුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත වත්කම ඩොලර් බිලියන 74.4යි. අපේ රටේ සමස්ත ජනගහනය දෙකෝටි විසිඑක්ලක්ෂ අසූඑක්දහසයි. ඒ අනුව ඒක පුද්ගල ආදායම ඩොලර් 3,354ක් පමණ වෙනවා. ලෝක බැංකුවේ නිර්ණායක අනුව දියුණු රටක් ලෙස පිළිගන්නේ ඩොලර් 13,845කට වැඩි ඒක පුද්ගල ආදායමක් තිබුණොත් විතරයි. මේ මට්ටමට එන්න අපි අපේ වත්කම ඩොලර් බිලියන 74.4 සිට ඩොලර් බිලියන 307 දක්වා ඉහළ දැමිය යුතුයි. එහොම කළොත් විතරයි ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කියා පිළිගන්නේ. මේ ආණ්ඩුවට මේ රට එතැනට ගන්න සැලැස්මක් තියෙනවාද? ඔවුන් බලාගෙන ඉන්නේ IMF තුන්වැනි ණය වාරිකය ලබාගෙන, ආයෙත් ණය ලබාගැනීමේ සුදුසුකම අරන් ණයට කාලා, සැපට ඉන්නයි. ලෝකය පිළිගත් නිර්ණායක අනුව දියුණු රටක් වීමට අපි දැන් තිබෙන වත්කමට තවත් ඩොලර් බිලියන 232ක් එකතු කළ යුතුයි. සොබාදහම සෑම සම්පතක්ම ලබාදී ඇති, ලෝක බලවතුන්ගේ ඇසට ගොදුරක් සේ පෙනෙන මේ රට, නිසි නායකත්ව මණ්ඩලයක මෙහෙයවීම යටතේ එතැනට රැගෙන යා හැකියි.

‘වියට්නාම – පෝලන්ත’ නිදසුන්

දැන් බලන්න, සම්බාධක දමපු රුසියාවේ අර්ථික වර්ධන වේගය යුරෝපයේ සියලු රටවලට වඩා වැඩියි. ඊයේ මොස්කව්වලට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දැකීමට සහ එමගින් මියගිය අයගේ පවුල්වලට උත්තර ලංකා සභාගයේ සාතිශය සංවේගය පළ කර සිටීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා. අද සම්බාධක දමපු හැම භාණ්ඩයක්ම රුසියාව තුළ නිපදවනවා. හිම වැටෙන රුසියාවට එවැනි ඉලක්කයන් සපුරාගත හැකි නම් සොබාදහම හොඳටම සලකපු අපට වත්කම ඩොලර් බිලියන 307ක් දක්වා වැඩිකර ගැනීමේ ඉලක්කයට යා නොහැකි ඇයි? දැන් බලන්න, වියට්නාමයේ 2006 වන විට වත්කම ඩොලර් බිලියන 66ක්. අද වියට්නාමයේ වත්කම ඩොලර් බිලියන 409කට ආසන්නයි. ඔවුන් අවුරුදු 18කින් ඩොලර් බිලියන 340කට අධික වත්කමක් උපයා තිබෙනවා. පෝලන්තය 1990 දී අන්ත දිළිඳු රටක්. වත්කම ඩොලර් බිලියන 65යි. 2024 වන විට පෝලන්තයේ මුළු වත්කම ඩොලර් බිලියන 690කට ආසන්නයි. අවුරුදු 34ක් ඇතුළත ඩොලර් බිලියන 630කට ආසන්න අගයකින් තම වත්කම ඉහළ දමාගන්න පෝලන්තය සමත්ව තිබෙනවා.

නායකත්ව මණ්ඩල කේන්ද්‍රීය සැලැස්මක්!

මේ රටේ බලය ඉල්ලන කවර පාර්ශ්වයක් වුවත් ඉහත කී ඉලක්කය සපුරාගන්නා ආකාරය ජනතාවට කිව යුතුයි. බොරු පුරාජේරු, කයිවාරු වැඩක් නැහැ. අපි මේ රටට නායකත්වය සපයන්නේ, ‘ඩොලර් බිලියන 75ක වත්කමකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 307කට අධික වත්කමක් සහිත රටක් බවට පත් කිරීමේ උපායමාර්ගික සැලැස්මක්’ අතේ ඇතිවයි. ඒ උපායමාර්ගික සැලැස්ම පුද්ගල කේන්ද්‍රීය සැලැස්මක් නෙවෙයි. නායකත්ව මණ්ඩල කේන්ද්‍රීය සැලැස්මක්. අපි ඒක අනාගතයේදී එළිදක්වනවා.

දක්ෂ නාවිකයන් නිර්මාණය කරන වෙලාව

සුරංගනා කතාවලින් වැඩක් නැහැ. දැන් බලන්න, ‘පෝර්ට් සිටි’ කියන්නේ අනාගතයේදී විදේශ විනිමය උපයන ප්‍රධානතම මර්මස්ථානය. ඒක හදනකොට කියපු කතා ඔබට මතක ඇති. ‘සීගිරි ගලත් කඩන්න වෙනවා’ කියා එදා කිව්වා. නමුත් දැන් සීගිරියත් තියෙනවා; පෝර්ට් සිටියත් තියෙනවා. එදා එහෙම රස කතා කියපු අය තමයි අද රට බේරගන්න එනවා කියන්නේ. බස් බෙදන් ගියාට, දෙබස් කියන් ගියාට මේ අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ මේ අර්බුදය ‘වවාගෙන කෑම’ පමණයි. දක්ෂ නාවිකයන් නිර්මාණය කරන්නේ සසල මුහුද විසිනුයි. මහජනයා අපහසුතාවට පත්වීමට ඉඩ නොදී, රළ එන දිශාව නිවැරදිව වටහාගෙන ශ්‍රී ලංකාව නමැති යාත්‍රාව නිරුපද්‍රිතව රැගෙන යා හැකි දක්ෂ නාවිකයන් අවශ්‍යයි. මේ තමයි ඒ දක්ෂ නාවිකයන් නිර්මාණය කරන වෙලාව. උත්තර ලංකා සභාගයත් අනාගතයේදී අපි සියලුදෙනා එකතු වෙලා ගොඩනඟන දේශපාලන කඳවුරත් සසල මුහුද තරණය කරන්න පුළුවන් දක්ෂ නාවිකයන් බිහි කරන මධ්‍යස්ථානයක් බවට අපි පත්කරනවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යාව?

දැන් බලන්න, සමහර රටවල් අපේ මේ ආර්ථික අර්බුදය නමැති ‘ගින්න’ නිවන්න වගේ ‘වතුර බාල්දියකුත්’ අරගෙන එනවා. නමුත් වෙන්නේ මංකොල්ලය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ ඒ මංකොල්ලයට පොට පාදන්න කියලයි. අපේ දත්ත පද්ධතිය තිබෙන කේබල් පද්ධතිය සමඟ ටෙලිකොම් එක මිලදී ගන්න ඉන්දීය ධනපතියෝ බලා ඉන්නවා. විදුලිබල මණ්ඩලය කෑලි කඩලා විකුණනකොට ගන්න අදානිලා, ටාටාලා බලාගෙන ඉන්නවා. මම දැක්කා සාගල රත්නායක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව භෞතිකව යා කරන පාර ගැන කතා කරන්න ඉන්දියාවට ගිය බවට ප්‍රවෘත්තියක්. එහෙම තීරණ ගන්න යවන්න සාගල රත්නායක කවුද? පාකිස්ථානයේ නව ජනාධිපතිවරයා නම් පැවසුවා, තමන්ගේ බිරිඳ මියගොස් ඇති නිසා තම දුව ආර්යාව ලෙස සලකනවා කියා. නමුත් මම දන්නේ නැහැ, ශ්‍රී ලංකාවේ ජනාධිපති ආර්යාව ලෙස සාගල රත්නායක සලකනවා ද?’ කියා.

Connectivity…

කොහොම වුණත් සාගල රත්නායක යන්නේ Connectivity කරන්න. විදුලිය, තෙල් Connectivity කරනවා. අන්තිමේදී පාර හදලා භෞතිකවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව Connectivity කරනවා. ඊළඟට එට්කා ගිවිසුම අප්‍රේල් මාසයේ අවුරුදු දිනවල හොර රහසේම අත්සන් කිරීමට මේ ආණ්ඩුව සූදානම්ව සිටිනවා. ඊට පස්සේ සිදුවන්නෙත් Connectivity. එට්කා ගිවිසුමට අනුව රැකියාවලට සහ වෙළඳාමට ඉන්දියානුවන්ට ශ්‍රී ලාංකිකයන්ට තිබෙන ඉඩකඩම ලැබෙනවා. දැන් මේ සිදුවන්නේ ගේ ගිනිගන්නා අස්සේ හොරකම. මෙයාලා ජාතික සම්පත් විකුණන්නේ ‘කොමිස් ජරාව‘ කන ගමන්.

සිකීමයේ ඉරණම අපටත්

සිකීමය කියන්නේ ඉස්සර ස්වාධීන රටක්. අද ඉන්දියාවේ ප්‍රාන්තයක්. 1974 දී සිකීමයේ පැවති මැතිවරණයෙන් ඉන්දියාවට උවමනා අපේක්ෂකයා පරාජයට පත්වුණා. පසුව රෝ සංවිධානය මැදිහත් වෙලා, උද්ඝෝෂණ කරවලා, සිකීමයේ රජු බියවද්දලා යළි මැතිවරණය පවත්වන තැනට කටයුතු කළා. අවසානයේදී ඉන්දියාවට උවමනා පුද්ගලයා සිකීමයේ අගමැති බවට පත්වුණා. මේ ලෙන්ඩප් ඩෝර්ජස් අගමැති වුණාට පසුව ඉන්දියාව සමග ගහන්න ඕන සියලු ගිවිසුම් ගැහුවා. 1975 වන විට සිකීමය ඉන්දියාවේ 22 වැනි ප්‍රාන්තය බවට පත්වුණා. ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වූයේ ලෙන්ඩප් ඩෝර්ජස්මයි.

රෝහණ විජේවීර පරිච්ඡේදයේ අවසානය

පසුව සිකීමයේ පක්ෂ, විපක්ෂ සියලුදෙනා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනඒමට සූදානම් වුණා, චීනය සමග එක්ව කටයුතු කිරීමට. නමුත් සිකීමයට විදුලිය සහ තෙල් යන්නේ ඉන්දියාවෙන්. විදුලිය සහ තෙල් සැපයුම නවත්තලා ඉහත කී යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනඒම පවා නවත්වන්න ඉන්දියාව කටයුතු කළා. සිකීමයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අද සිදුවෙලා තියෙනවා තමන්ගේ ස්වෛරීත්වය අහිමි කරගන්න. අද ශ්‍රී ලංකාවට Connectivity කියමින් මේ එන්නේ දෙවන සිකීමය හදන්නයි. දැන් අනුර කුමාරලාගේ පක්ෂය මේවා කතා කරන්නේ නැහැ. රෝහණ විජේවීර මහත්තයා හිටපු කාලයේ කරපු කතා අද නැහැ. අද ඒ අය ඉන්නේ ‘අමුල්‘ බීලා. රෝහණ විජේවීර පරිච්ඡේදය අවසානයි. දැන් ඉන්නේ කුමාරයෙක්නෙ.

ඇතුළතින්ම කඳ පනුවන් හදලා

කුමන රටක වුවත් අධිපති සංස්කෘතිය තියෙන්නේ නරක දෙයක් නොවෙයි. මේ රටේ තියෙන අධිපති සංස්කෘතියෙන් අන්‍ය ආගම්වලට, විශ්වාසයන්ට ගරහලා නැහැ; ඒවා තහනම් කරලා නැහැ. මහා විහාරය විසින් නිර්මාණය කරපු, ථේරවාදී බුදුදහම සමග සමග බැඳුණු අධිපති සංස්කෘතියක් තමයි අපට තිබෙන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ ‘හොඳම රජ්ජුරුවෝ’ කියන්නේ ඒ සංස්කෘතිය පිළිගත් නිසයි. බැරක් ඔබමා අප්‍රිකානු සම්භවයක් තියෙන කළු ජාතිකයෙක්; ආගම රෙපරමාදු. ඔහු ඇමරිකාවේ අධිපති සංස්කෘතිය නියෝජනය කළා. ඒ වගේ වඩුග, නායක්කාර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එදා මේ පොළොවේ තිබුණු සංස්කෘතිය නියමානුකූලව පිළිගත්තා. ඔහු ලන්දේසීන් ගිනි තැබූ ශ්‍රී දළදා මාළිගාව යළි ගොඩනැඟුවා; වෙහෙර විහාර, පිරිවෙන් හැදුවා; එදා ඒ සංස්කෘතිය පෝෂණය කළා. හැම තැනකටම ගහගෙන යනකොට ගහන්න බැරිව තිබුණු එකම තැන සම්බුද්ධ ශාසනය. දැන් ඇතුළතින්ම කඳ පනුවන් හදලා එතැනටත් පහර ගහනවා. ත්‍රිපිටකය ගැන තිබෙන විශ්වාසයට ගහනවා. ධර්මය විකෘති කරනවා. අපේ තරුණ පරම්පරාව ඒ් සංස්කෘතියෙන් ඈත් කරපු පරම්පරාවක් බවට පත් කිරීමට වලිකනවා. ඒ නිසා මේ එන සමස්ත ප්‍රහාරය හොඳින් තේරුම් ගත යුතුයි.

‘සෙක්ස් කරන්න නීති’

දැන් බලන්න, විජයදාස රාජපක්ෂ වයස අවුරුදු 14 කෙල්ලට ‘සෙක්ස් කරන්න නීති’ ගෙනඑන්නේ එයාගේ පුතා කියලා නොවෙයි. මේ එන්නේ, මේ රට හයිටියක් බවට පත් කරන ප්‍රහාරයයි. හයිටිය ගිලගත්තා වගේ ශ්‍රී ලංකාවත් ගිලගන්නයි මුන්ට උවමනා. සඟරුවනට පහරදීම ඇතුළු මේ සමස්ත ප්‍රහාරය එන්නේ එකම න්‍යාය පත්‍රයකින්; එකම තැනකින්. ඒක නිවැරදිව හඳුනාගත්තු සවිඥානික, ප්‍රබුද්ධ දේශපාලන බලවේගයකට පමණයි වල්මත් වෙලා තියෙන මේ රටට නියමානුකූල නායකත්වය ලබා දෙන්න පුළුවන්.

සවිඥානික – ප්‍රබුද්ධ සම්ප්‍රදාය…

උත්තර ලංකා සභාගයේ අපි නියෝජනය කරන්නේ ඒ සවිඥානික, ප්‍රබුද්ධ සම්ප්‍රදාය. චීනයේ වර්තමාන ජනාධිපතිතුමන් මෑතකදී කරපු දේශනයකදී කියනවා, ‘මන්ද අපි නිතරම ජාතික වීම නිසා වඩාත් ජාත්‍යන්තර වේ’ කියා. ඔව්! ‘අපි නිතරම ජාතික වීම නිසා වඩාත් ජාත්‍යන්තර වීම’ තමයි අපට අයිති උරුමය. ඒ නිසා අපි කාටත් අද විශාල වගකීමක් තියෙනවා. දේශපාලනයේ හසරක් නොදැන කරන හොරු ඇල්ලීමේ බහුනාටකවල ගොදුරු බවට පත්වෙන්න එපා! සුරංගනා කථාවලට ඇහුම්කන් දීලා මේ රටේ අනාගතය පරදුවට තියන්න එපා! ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ යන මේ සියලුදෙනා එක මිටට තියලා පරද්දන්න පුළුවන් නව දේශපාලන බලවේගය නිර්මාණය වෙනවා. ඒ් සමඟ සිටගනිමු. ඒ ගමන යන්න අපත් සමඟ අත්වැල් බැඳගන්න.

කිසිවිටෙකත් අපි අපේ භූමිකාව අතහැරියේ නැහැ!

ඕනෑම දුෂ්කර අවස්ථාවක අපි අපේ භූමිකාව අතහැරියේ නැහැ අඳුරු භීම සමයන්හිදී පවා අපි අපේ භූමිකාව අතහැරියේ නැහැ. ඔය ‘අනුර කුමාරයා ‘ 1989 භීෂණයෙන් පසුව ගෙදර ගිහින් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගියා. ‘ඒ් ලෙවල් කරමින් ඉදලා මඟ දාලා පක්ෂයට ගියපු අපට’ ඒ්කට හිත එකඟ කර ගන්න බැරි වුණා. අපි එකදිගට අතනොහැර දේශපාලනයේ රැඳී සිටියා. ‘වැටෙන තැනින් නැගිටින මාවත’ තෝරාගත්තා. අපි එදා තෝරාගත්තේ පසුබසින මාවත නොවෙයි, ධෛර්ය සම්පන්නව නැගී සිටින මාවත.

කාලෝ අයංතේ!

මේ රටේ ජාතිකවාදී, ප්‍රගතිශීලී ජනයා වැටිලා නැහැ. මේ ඔවුන් හිටියාටත් වඩා හොඳින්, ධෛර්ය සම්පන්නව නැගී සිටින කාලය; තමන්ගේ භූමිකාව සියතට ගන්නා කාලය; සතුරු බලමුළු පරදවා රටේ උරුමය වෙනුවෙන් නැඟී සිටිනා කාලය. අන්න ඒ කාලය, ඔබේ කාලය; ජාතියේ කාලය; ලක් මාතාවගේ කාලය. කාලෝ අයංතේ!”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.