පරීක්ෂාවකින් තොරව බහාලුම් 373ක් වරායෙන් නිදහස් කර තිබෙන බව සත්‍යයක්! ඒවායේ යම් නීති විරෝධී දෙයක් තිබුණොත් ආණ්ඩුව වගකීම භාර ගන්නවා- වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුම්වල යම් කිසි නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බවයි.
පරීක්ෂාවෙන් තොරව බහාලුම් 373 ක් වරායෙන් පිටතට යවා ඇති බවට එල්ල වන චෝදනා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහු මෙලෙස පැවසීය.
“අපේ වරායට දිනකට එන බහාලුම් වලින් 80% ක් පමණ නැවත ප්‍රතිඅපනයනය කරනවා. මේ වන විට ආනයනය වන බහාලුම් දෙදහසක් පමණ මේ වනවිට දිනකට ලැබෙමින් පවතිනවා. මෙලෙස තදභදයක් ඇති වීමට හේතුව වරාය වර්තමානයට ගැලපෙන පරිදි සංවර්ධනය කර නොතිබීමයි. වරායේ තිබූ තදබදය ඉවත් කිරීම සඳහා "ග්‍රීන් චැනල්" ඔස්සේ පරීක්ෂාවකින් තොරව බහාලුම් 373 ක් පිටතට යවා තිබෙන බව සත්‍යයක්.එලෙස පරීක්ෂාවකින් තොරව බහාලුම් පිටකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණිල්ලක් පවා යොමු වී තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කෙරෙනවා." යනුවෙන් පැවසීය.
එහිදි වැඩිදුරටත් කරුණු දක්වමින් මෙරටට පැමිණි නැව් 27 ක ප්‍රමාණයක් නැවත හැරී ගොස් තිබෙන බවට අමාත්‍යවරයා දැනුවත් කළේ නැව් ඒජන්තවරු විසින් බව පැවසීය.
" නැව් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණි පසු වුවද නැවත ආපසු හැරී යන්නත් පුළුවන්. ඔවුන්ගේ ඊළඟ වරායට ළඟා වෙන්න තියෙන වෙලාව අනුව අපේ රටේ තියෙන තදබදය නිසාත් නැවක් ආපසු හැරිලා යන්න පුළුවන්. ඒ පිළිබඳව දත්ත තියෙන්නේ නැව් නියෝජිතයන් ගාව පමණයි. ඒ අනුව අපිට එයාලව විශ්වාස කරන්න වෙනවා.නැව් වරාය ඇතුලට ඇවිල්ල හැරිලා ගියාද පිටතින් හැරිලා ගියාද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඇත්තටම අපේ වරාය දැන් කාර්යබහුලයි. ඒකත් රේගුවේ ප්‍රශ්නේ වගේ තමා. 2024 ඉවර වෙන්න තිබුන නැගෙනහිර ජැටිය අපි එනකොට තිබුනේ 2027 ඉවර කරන්නයි. මේ අවුරුද්දේම ඉවර කරගන්න අපි දැන් උත්සාහ කරනවා.” අමාත්‍යවරයා අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..