ජනපති ලේකම්වරයාගේ උපදෙස් මාලාවෙන් ඇමතිලාට නියෝජ්‍ය ඇමතිලාට මසකට ඉන්ධන ලීටර 900ක්! දුරකථන දීමනාව රුපියල් 30000ක්!
නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන්ට සහ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එම උපදෙස්මාලාවට අනුව අමාත්‍යංශ සඳහා උපදේශකවරුන් පත් කර ගැනීම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලයට පත් කර ගැනීම, වාහන සහ ඉන්ධන දුරකථන සබඳතා ආදිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිශ්චිත උපදෙස් අනුගමනය කළ යුතුය.
ඒ අනුව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා උපරිම වශයෙන් නිල වාහන දෙකක් භාවිත කළ හැකිය. එම වාහන සඳහා මාසිකව ඉන්ධන ලීටර 900ක් උපරිම වශයෙන් ලබා ගත හැකි බව පැවසේ.
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ස්ථාවර දුරකථන සඳහා මාසිකව රුපියල් 20000ක උපරිමයක් සහ ජංගම දුරකථනය සඳහා මාසිකව රුපියල් දස දහසක් වෙන් කර ඇති බවද පැවසේ.
සෑම අමාත්‍යවරයෙකුටම උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට හැකියාව පවතින අතර උපරිමය දෙදෙනෙකු නොඉක්මවන පරිදි එම උපදේශක පත් කිරීම් සිදු කළ යුතු බවද උපදෙස් මාලාව මගින් අවධාරණය කෙරේ.
අමාත්‍යවරුන් සඳහා පෞද්ගලික කාර්ය මණ්ඩලය 15ක් හිමිවේ. එලෙසම නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලය 14 ක් වේ.
ජනාධි ලේකම් වරයාගේ උපදෙස් වල්ට අනුව මෙම තනතුරු සඳහා අමාත්‍යවරයාගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් හෝ සමීප ඥාතීන් පත් නොකර ගත යුතු බවට උපදෙස් දී තිබේ.
ඇමති කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුට වාහන 4ක් හිමි බව උපදෙස් මාලාවෙන් පැවසේ. ඇමැතිවරුන්ට අමතරව ඔහුගේ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන්ටද මාසික දුරකථන දීමනා හිමි වන බව එම උපදෙස් මාලාව පවසයි. ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ උපදෙස් මාලාව පහතින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..