
අපේක්ෂිත බදු ආදායම නොලැබීමෙන් රාජ්‍ය ආදායම අර්බුදයකට යාමේ අවදානමක්... IMF මීළඟ වාරිකයත් අවදානමක
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ වසර තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4,127 කි.
එම මුදලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,024 කි. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ මාස 09 ක කාලය තුළදී ඉපැයිය යුතු ඉලක්කගත ආදායම රුපියල් බිලියන 1,518 කි.
නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් අංශවලට ලබාදුන් ලේඛනවල සඳහන් කර ඇත්තේ පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 1,498 ක ආදායමක් ඉපැයීමට හැකි බවය. නමුත්, එම මාස නවයක කාලය තුළ එම දෙපාර්තමේන්තුව උපයා ඇත්තේ රුපියල් බිලියන 1,423ක බදු ආදායමකි. මේ අනුව, රුපියල් බිලියන 75ක ආදායම් හිඟයක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
2023/24 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවීමේ කාලය පෙරේදා (30 වැනිදා) දිනයෙන් අවසන් විය.
අදාළ තක්සේරු වර්ෂයේ උපයා තිබෙන බදු ආදායම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ලැබුණු සම්පූර්ණ බදු මුදල කොපමණද යන්න අද (02 වැනිදා) පස්වරු 3ට පමණ ප්‍රකාශ කිරීමට හැකි බවත්, බදු ආදායම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නොවූවත්, මහන්සි වී කටයුතු කිරීම මගින් අදාළ බදු ආදායම සපුරා ගැනීමට හැකි බවය. බදු ගෙවන ලෙස තවදුරටත් බදු ගෙවන්නන් දැනුවත් කිරීමට සිදුවන බවද ඇය පැවසුවාය.
කෙසේ නමුත්, මේ වසර අවසානය වනවිටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,024ක ආදායම් ඉලක්කය වෙත යාම අර්බුදකාරී වනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීළඟ වාරිකය ලබා ගැනීමද අවදානම් තත්ත්වයක පවතින බවට තොරතුරු අනාවරණය වේ.
මේ වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.2ක ආදායම් ඉලක්කයක් උපයන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පොරොන්දු වී ඇතත්, බදු ආදායම අඩුවීම නිසා දළ දේශීය නිෂ්පාදිත අගය සියයට 12ක අගයක් දක්වාවත් යාමට නොහැකිවනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
එවැනි අඩු ඉලක්කයක් මත ඉදිරියේදී බදු වැඩිකිරීමට සිදුවනු ඇතැයිද එම ආරංචිමාර්ග කියයි.
මෙවැනි තත්ත්වයක් මත තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සිදුවනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයන් පවසති.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිටදී එම දෙපාර්තමේන්තුව විසින් එකතු කළ යුතුව තිබූ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,066 කි. බදු ගෙවන්නන් ඉදිරිපත් කරන ලද අභියාචනා, අධිකරණයේ විභාග වන නඩු ආදී කාරණා මත මෙලෙස හිඟ බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, එම සම්පූර්ණ හිඟ බදු මුදලින් රුපියල් බිලියන 657ක් 2013 වසරට පෙර හිඟ බදු බව පැවසේ. තවත් බිලියන 209ක් වසර 2013 ත් 2018 ත් අතර කාලයේ හිඟ බදුය.
සාලිය කුමාර ගුණසේකර
– Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
