අපේක්ෂිත බදු ආදායම නොලැබීමෙන් රාජ්‍ය ආදායම අර්බුදයකට යාමේ අවදානමක්... IMF මීළඟ වාරිකයත් අවදානමක
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ වසර තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4,127 කි.
එම මුදලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉපැයිය යුතු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,024 කි. ඒ අනුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ මාස 09 ක කාලය තුළදී ඉපැයිය යුතු ඉලක්කගත ආදායම රුපියල් බිලියන 1,518 කි.
නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයේ මුදල් අංශවලට ලබාදුන් ලේඛනවල සඳහන් කර ඇත්තේ පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 1,498 ක ආදායමක් ඉපැයීමට හැකි බවය. නමුත්, එම මාස නවයක කාලය තුළ එම දෙපාර්තමේන්තුව උපයා ඇත්තේ රුපියල් බිලියන 1,423ක බදු ආදායමකි. මේ අනුව, රුපියල් බිලියන 75ක ආදායම් හිඟයක් පවතින බව මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
2023/24 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවීමේ කාලය පෙරේදා (30 වැනිදා) දිනයෙන් අවසන් විය.
අදාළ තක්සේරු වර්ෂයේ උපයා තිබෙන බදු ආදායම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකරගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ ලැබුණු සම්පූර්ණ බදු මුදල කොපමණද යන්න අද (02 වැනිදා) පස්වරු 3ට පමණ ප්‍රකාශ කිරීමට හැකි බවත්, බදු ආදායම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නොවූවත්, මහන්සි වී කටයුතු කිරීම මගින් අදාළ බදු ආදායම සපුරා ගැනීමට හැකි බවය. බදු ගෙවන ලෙස තවදුරටත් බදු ගෙවන්නන් දැනුවත් කිරීමට සිදුවන බවද ඇය පැවසුවාය.
කෙසේ නමුත්, මේ වසර අවසානය වනවිටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,024ක ආදායම් ඉලක්කය වෙත යාම අර්බුදකාරී වනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මීළඟ වාරිකය ලබා ගැනීමද අවදානම් තත්ත්වයක පවතින බවට තොරතුරු අනාවරණය වේ.
මේ වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.2ක ආදායම් ඉලක්කයක් උපයන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය පොරොන්දු වී ඇතත්, බදු ආදායම අඩුවීම නිසා දළ දේශීය නිෂ්පාදිත අගය සියයට 12ක අගයක් දක්වාවත් යාමට නොහැකිවනු ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
එවැනි අඩු ඉලක්කයක් මත ඉදිරියේදී බදු වැඩිකිරීමට සිදුවනු ඇතැයිද එම ආරංචිමාර්ග කියයි.
මෙවැනි තත්ත්වයක් මත තවදුරටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සිදුවනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයන් පවසති.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව ඉකුත් 2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිටදී එම දෙපාර්තමේන්තුව විසින් එකතු කළ යුතුව තිබූ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,066 කි. බදු ගෙවන්නන් ඉදිරිපත් කරන ලද අභියාචනා, අධිකරණයේ විභාග වන නඩු ආදී කාරණා මත මෙලෙස හිඟ බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, එම සම්පූර්ණ හිඟ බදු මුදලින් රුපියල් බිලියන 657ක් 2013 වසරට පෙර හිඟ බදු බව පැවසේ. තවත් බිලියන 209ක් වසර 2013 ත් 2018 ත් අතර කාලයේ හිඟ බදුය.
සාලිය කුමාර ගුණසේකර
– Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා