News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගේ අලුත් ආණ්ඩුවට චීනයේ සහයෝගය... චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය අමතා චීන තානාපතිවරයා කළ කතාව මෙන්න...

Sep 28, 2024 at 01:14 PM
|

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් පසුගිය 25 වැනිදා චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි. සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ වත්මන් විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතාය.

මෙහිදී සභාව ඇමතීම චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ විජිත හේරත් මහතා විසින් සිදු කළ අතර, එහිදී නව රජයට සුබ පතමින් චීන තානාපතිවරයා අවධාරණය කළේ පවත්නා අර්බුදය ජයගනිමින් ශ්‍රී ලංකාව යළි ඔසවා තැබීමට සිය සම්පූර්ණ සහයෝගය අනුර කුමාර දිසානායක මහතාගේ නව රජයට ලබාදෙන බවය. එහිදී ලංකාවේ නව තත්ත්වය මෙන්ම ගෝලීය දේශපාලනය හා ඒ තුළ චීනයේ භූමිකාව පිළිබද තානාපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

"චීනයට පසුගිය වසර 75ක කාලය වනාහී නොයෙක් සුළං කුණාටුවලට මුහුණ දෙමින් අභීතව පෙරට පැමිණි ගමනකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) නායකත්වය යටතේ 1949 දී මහජන චීනය ස්ථාපිත කළ දා සිට අද දක්වා සිය සමෘද්ධිය කරා යන ගමනේ විශාල පරිවර්තනයක් අත්කරගැනීමට චීන ජාතිය සමත් වී තිබේ. දැන් චීන ජනතාව සෑම අතින්ම ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ නව මාවතේ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යමින් සිටින අතර චීන නව්‍යකරණය තුළින් ජාතික පුනර්ජීවනය අත්කර ගනිමින් සිටිති.

චීනයේ මේ කැපී පෙනෙන යෝධ සංවර්ධනයේ මූලික හේතුව අන් කිසිවක් නොව ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ඔස්සේ විශිෂ්ට ගමනක් ආරම්භ කිරීමට චීන ජනතාවට මග පෙන්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයයි. වසර 46කට පෙර 1978 දී 11 වැනි කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරයේදී ගනු ලැබූ මෙම ඓතිහාසික තීරණය, එනම් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය විසින් සමාජවාදී නවීකරණයේ නව යුගයකට චීනයේ ප්‍රවේශය සනිටුහන් කළේය. මේ වසරේ 20 වැනි පක්ෂ මධ්‍යම කාරක සභාව ජූලි මාසයේදී සිය තුන්වන පූර්ණ සැසිවාරය සාර්ථකව කැඳවා, ප්‍රතිසංස්කරණය සහ විවෘතභාවය සඳහා සිය නව වැඩපිළිවෙළ සම්මත කරන ලදී. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳ මධ්‍යම කාරක සභාවේ යෝජනාවයි. මෙම යෝජනාව මගින් චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව සංවර්ධනය කරමින් නවීකරණය කරමින් පෙරට ගෙන යාමට අපේක්ෂා කෙරේ. එය 2029 දී මහජන චීන සමූහාණ්ඩුවේ 80 වැනි සංවත්සරය වන විට සම්පූර්ණ කළ යුතු ප්‍රධාන ප්‍රතිසංස්කරණ 300කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.  

මෙකී පුළුල් ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය ඔස්සේ චීන නව්‍යකරණය පෙරට ගෙන යාම හුදු චීනයේ ජයග්‍රහණයකින් නොනැවතී සමස්ත ලෝකය කෙරේම සාධනීය බලපෑමක් ඇති කරන්නකි. බිලියන 1.4කට අධික යෝධ ජනතාවක් නවීකරණයට පිවිසීම යනු ලෝක පරිමාණ මහා වෙළෙ‍ඳපොළකට ඉඩහසර විවෘත කිරීමකි. ඒ වෙළෙ‍ඳපොළ දැනට ලෝකයේ පවතින සියලු සංවර්ධිත රටවල වෙළෙ‍ඳපොළට වඩා විශාලය. චීන නව්‍යකරණය සමස්ත ගෝලීය ආර්ථිකයේ වර්ධනයකට මෙන්ම ගෝලීය සහයෝගීතාව ශක්තිමත් කිරීමටද ඉවහල් වන්නකි. මේ වසරේ ජුනි මාසයේ පැවති උත්සවයකදී ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළේ වර්ෂ 2030 දක්වා වූ ඉදිරි කාලය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලින් චීනයේ ආනයන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 8 ඉක්මවා යනු ඇති බවය.

අපි සියල්ලෝම ජාත්‍යන්තර පවුලක සමාන සාමාජිකයෝ වෙමු. එසේ වුවද අද අප අභියස ඇත්තේ ඉහළ හස්තයන් හා බලාධිකාරීන් විසින් අනෙකා පෙළන අධිපතිවාදී ලෝකයක් මිස සාධාරණ හා යුක්ති සහගත ලෝකයක් නොවේ. බලවතා විසින් දුබලයා පෙළන කැලෑ නීතිය යළිත් හිස ඔසවමින් පවතින අතර, “බලය පරම වේ” යන්න ඔවුන්ගේ ඒකායන දෘෂ්ටිය තිබේ. ඒ තුළ මනුෂ්‍යත්වය නැවතත් ඉතිහාසයේ සන්ධිස්ථානයකට පැමිණ ඇත. මෙවැනි ගෝලීය සන්දර්භයක් තුළ ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් බහුපාර්ශ්විකත්වයේ ධජය ඉහළට ඔසවා තබමින් “සාමය, සංවර්ධනය, සමානාත්මතාවය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස” යන සාරධර්ම ප්‍රවර්ධනය කරමින්, විශ්ව සාධාරණ හා බහු ධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටීම චීනයේ ඒකායන අභිප්‍රාය වෙයි. ඒ සදහා බෙල්ට් ඇන්ඩ් රෝඩ් සහයෝගීතා වැඩසටහන සාර්ථකව ස්ථිරව ඉදිරියට ගෙන යන අතරම, සමස්ත මානව වර්ගයා උදෙසා කල්පවත්නා සාමය, ගෝලීය ආරක්ෂාව සහ පොදු සමෘද්ධිය සහිත සුන්දර අනාගත ලෝකයක් ගොඩනැගීමට චීනය ජාත්‍යන්තර ප්‍රජාව හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත. 

මෙහිදී, සති තුනකට පෙර බීජිං හි සාර්ථකව පැවැත්වූ චීන-අප්‍රිකා සහයෝගිතා (FOCAC) සමුළුව පිළිබඳ සිහිපත් කිරීමට මම කැමැත්තෙමි. චීනයේ සහ අප්‍රිකානු රටවල් 53ක නායකයින් මෙන්ම අප්‍රිකානු සංගමයේ කොමිසමේ සභාපතිනියද මීට සහභාගී වූ අතර එය “ගෝලීය දකුණ” අතර සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් විවෘත කළේය. සමුළුව අතරතුර, ජනාධිපති ෂී ජින්පිං නිවේදනය කළේ ඉදිරි වසර තුන තුළ චීන රජය RMB යුවාන් බිලියන 360ක මූල්‍ය ආධාර අප්‍රිකානු කලාපය වෙත ලබා දෙන බවය. මෙය RMB යුවාන් බිලියන 210ක ණය සහ RMB යුවාන් බිලියන 80ක විවිධ ආකාරයේ ආධාර සහ අවම වශයෙන් RMB බිලියන 70ක ආයෝජනවලින්ද සමන්විත වන්නකි. මේ ආකාරයට චීනය ශ්‍රී ලංකාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ එක්ව “ගෝලීය දකුණ” සංවර්ධනය හා පුනර්ජීවනය කරාගෙන යාමට කැපවී සිටින අතර, ඔවුන්ගේ වර්ධනය තුළින් පොදු යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ ගෝලීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. 

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිතුරන් හා අසල්වැසියන් වන අතර, අපගේ මිත්‍රත්වය වසර 2000කට වැඩි කාලයක් ඈතට දිවෙන්නකි. 1957 දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගන්නා මොහොත වන විටත්, දෙරට අතර ස්වාධීනත්වය, ස්වයං විශ්වාසය, සහ අන්‍යෝන්‍ය සහයෝගය මූර්තිමත් කළ ඓතිහාසික රබර්-සහල් ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පැවති බාධා ජයගැනීමට අප සමත්ව තිබුණි. පසුගිය වසර 67 පුරාවට චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්ම මත පදනම්ව සහයෝගයෙන් කටයුතු කොට ඇත. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද නොයෙක් තර්ජන අභියෝගවලට මුහුණ දුන්නද චීන රජය සහ ජනතාව සැමවිටම ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ ස්ථිරව සිටින බව ඉතිහාසය සනාථ කර ඇත. චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වඩ වඩාත් වර්ධනය වන තරමට ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව, සංවර්ධනය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමටත්, කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමටත් ශ්‍රී ලංකාව සමත් වන බව ඉතිහාසය යළි යළිත් පෙන්වා දී තිබේ. 

සාර්ථක ජනපතිවරණයට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ සිටින අපේ සහෝදර සහෝදරියන්ට නැවත වරක් මගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි. ශ්‍රී ලංකාවාසී ජනතාව දැන් නව යුගයකට අවතීර්ණ වී සිය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියමින් සිටිති. චීනයේ සහ අනෙකුත් මිත්‍ර රටවල සහයෝගය ඇතිව සහ නව ජනාධිපති අනුර දිසානායකගේ ශක්තිමත් නායකත්වය යටතේ ලංකාවේ ජනතාවට සියලු අවදානම් හා අභියෝග පරදවා වත්මන් අර්බුදය ජයගෙන නැවත නැගී සිටිය හැකි බව බව මම තරයේ විශ්වාස කරමි. අනාගතයේදී "ඉන්දියන් සාගරයේ මුතු ඇටය" ලෙස ශ්‍රී ලංකාව වඩාත් දීප්තිමත් වනු ඇති අතර, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සදාකාලික මිත්‍රත්වය මත පදනම් වූ චීන ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉහළ මට්ටමකින් අඛණ්ඩව පෙරට යනු ඇත."





සම්බන්ධිත පුවත් | Related News

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ අතර හමුවක් ඊයේ (09) එම පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්විණි.
ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටින බව වාර්තා වේ.
ඩෙංගු මදුරුවන් බෝවන අවදානම සහිත ස්ථාන පාසල් පරිශ‍්‍රයකින් වාර්තා වුවහොත් ඒවායේ විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළකර තිබේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට සමඟි ජන බලවේගයෙන් ඊසා සරුක් ඉදිරිපත් කරවීමට පෙර සමගි ජන බලවේග නායකත්වය අනෙකුත් පක්ෂ සමඟ යම් දුරකට සාකච්ඡා කරන්නට තිබුණේ යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පැවැසීය.
මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.
වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනවාර්ගික කණ්ඩායමක නායකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැගීමෙන් පසු බලධාරීන් විසින් කැළඹිලි සහිත ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාල සේවා අවහිර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිටින බව දන්වා තිබේ.
රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් නිදහස් කරන ලද බහාලුම් 323 ලැයිස්තුවක් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් අද ඉදිරිපත් කලේය.

ප්‍රධාන පුවත්

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)

රේගු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිටකරන ලද කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අන්දෝලනාත්ම ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුළ දී සිදුකර තිබේ.

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..

යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම පිළිබඳව ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාලය සමග සාකච්චාවක් පැවත්විණි.

දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)

දන්ඩනිති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ මෙම වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ ලෙස තම සංවිධානය තදින් විරුද්ධ වන බවය.

ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව

දරුවන් ලිංගික අපයෝජනවලින් බේරාගැනීම සඳහා දණ්ඩනීති සංග්‍රහයේ ඇති අස්වාභාවික වැරදි පිළිබඳ 365 දරණ වගන්තිය සහ පුද්ගලයන් අතර බරපතළ අශෝභන ක්‍රියා පිළිබඳව සඳහන් වන 365 A වගන්තිය ඉවත් කරමින් දණ්ඩනීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ඒමට අධිකරණ ඇමැතිවරයාට මානව හිමිකම් කොමිසම විසින් දන්වා ඇති බවට ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් දේශහිතෛෂීජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන්කර සිටියේය.

දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)

සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නීති සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව මේ වන විට නැවත උත්සාහ දරමින් සිටින බවත්, දණ්ඩනීති සංග්‍රහයේ දැනට බල පවත්වන 365 වගන්තිය සහ 365 ආ වගනිතිය අහෝසි කිරීමට මෙමගින් යෝජනා කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)

ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකාරීන් පිරිසක් විසින් රටේ අර්බුද මැද මහජනයාගේ මනස වෙනත් පැත්තකට යොමු වී ඇති මොහොතක දරුවන් ලිංගික අපරාධවලින් ආරක්ෂා කරගැනීමට පනවා තිබූ දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 ආ වගන්ති සංශෝධනය කර ලක්ෂ 60ක පමණ වන මෙරට දරුවන්ගේ ජීවිත අනතරුරට හෙළීමට කටයුතු සූදානම් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.