News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගේ අලුත් ආණ්ඩුවට චීනයේ සහයෝගය... චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය අමතා චීන තානාපතිවරයා කළ කතාව මෙන්න...

Sep 28, 2024 at 01:14 PM
|

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් පසුගිය 25 වැනිදා චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි. සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ වත්මන් විදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතාය.

මෙහිදී සභාව ඇමතීම චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ විජිත හේරත් මහතා විසින් සිදු කළ අතර, එහිදී නව රජයට සුබ පතමින් චීන තානාපතිවරයා අවධාරණය කළේ පවත්නා අර්බුදය ජයගනිමින් ශ්‍රී ලංකාව යළි ඔසවා තැබීමට සිය සම්පූර්ණ සහයෝගය අනුර කුමාර දිසානායක මහතාගේ නව රජයට ලබාදෙන බවය. එහිදී ලංකාවේ නව තත්ත්වය මෙන්ම ගෝලීය දේශපාලනය හා ඒ තුළ චීනයේ භූමිකාව පිළිබද තානාපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

"චීනයට පසුගිය වසර 75ක කාලය වනාහී නොයෙක් සුළං කුණාටුවලට මුහුණ දෙමින් අභීතව පෙරට පැමිණි ගමනකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) නායකත්වය යටතේ 1949 දී මහජන චීනය ස්ථාපිත කළ දා සිට අද දක්වා සිය සමෘද්ධිය කරා යන ගමනේ විශාල පරිවර්තනයක් අත්කරගැනීමට චීන ජාතිය සමත් වී තිබේ. දැන් චීන ජනතාව සෑම අතින්ම ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ නව මාවතේ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යමින් සිටින අතර චීන නව්‍යකරණය තුළින් ජාතික පුනර්ජීවනය අත්කර ගනිමින් සිටිති.

චීනයේ මේ කැපී පෙනෙන යෝධ සංවර්ධනයේ මූලික හේතුව අන් කිසිවක් නොව ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ඔස්සේ විශිෂ්ට ගමනක් ආරම්භ කිරීමට චීන ජනතාවට මග පෙන්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයයි. වසර 46කට පෙර 1978 දී 11 වැනි කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරයේදී ගනු ලැබූ මෙම ඓතිහාසික තීරණය, එනම් ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය විසින් සමාජවාදී නවීකරණයේ නව යුගයකට චීනයේ ප්‍රවේශය සනිටුහන් කළේය. මේ වසරේ 20 වැනි පක්ෂ මධ්‍යම කාරක සභාව ජූලි මාසයේදී සිය තුන්වන පූර්ණ සැසිවාරය සාර්ථකව කැඳවා, ප්‍රතිසංස්කරණය සහ විවෘතභාවය සඳහා සිය නව වැඩපිළිවෙළ සම්මත කරන ලදී. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳ මධ්‍යම කාරක සභාවේ යෝජනාවයි. මෙම යෝජනාව මගින් චීන ලක්ෂණ සහිත සමාජවාදය අඛණ්ඩව සංවර්ධනය කරමින් නවීකරණය කරමින් පෙරට ගෙන යාමට අපේක්ෂා කෙරේ. එය 2029 දී මහජන චීන සමූහාණ්ඩුවේ 80 වැනි සංවත්සරය වන විට සම්පූර්ණ කළ යුතු ප්‍රධාන ප්‍රතිසංස්කරණ 300කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.  

මෙකී පුළුල් ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය ඔස්සේ චීන නව්‍යකරණය පෙරට ගෙන යාම හුදු චීනයේ ජයග්‍රහණයකින් නොනැවතී සමස්ත ලෝකය කෙරේම සාධනීය බලපෑමක් ඇති කරන්නකි. බිලියන 1.4කට අධික යෝධ ජනතාවක් නවීකරණයට පිවිසීම යනු ලෝක පරිමාණ මහා වෙළෙ‍ඳපොළකට ඉඩහසර විවෘත කිරීමකි. ඒ වෙළෙ‍ඳපොළ දැනට ලෝකයේ පවතින සියලු සංවර්ධිත රටවල වෙළෙ‍ඳපොළට වඩා විශාලය. චීන නව්‍යකරණය සමස්ත ගෝලීය ආර්ථිකයේ වර්ධනයකට මෙන්ම ගෝලීය සහයෝගීතාව ශක්තිමත් කිරීමටද ඉවහල් වන්නකි. මේ වසරේ ජුනි මාසයේ පැවති උත්සවයකදී ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළේ වර්ෂ 2030 දක්වා වූ ඉදිරි කාලය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලින් චීනයේ ආනයන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 8 ඉක්මවා යනු ඇති බවය.

අපි සියල්ලෝම ජාත්‍යන්තර පවුලක සමාන සාමාජිකයෝ වෙමු. එසේ වුවද අද අප අභියස ඇත්තේ ඉහළ හස්තයන් හා බලාධිකාරීන් විසින් අනෙකා පෙළන අධිපතිවාදී ලෝකයක් මිස සාධාරණ හා යුක්ති සහගත ලෝකයක් නොවේ. බලවතා විසින් දුබලයා පෙළන කැලෑ නීතිය යළිත් හිස ඔසවමින් පවතින අතර, “බලය පරම වේ” යන්න ඔවුන්ගේ ඒකායන දෘෂ්ටිය තිබේ. ඒ තුළ මනුෂ්‍යත්වය නැවතත් ඉතිහාසයේ සන්ධිස්ථානයකට පැමිණ ඇත. මෙවැනි ගෝලීය සන්දර්භයක් තුළ ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් බහුපාර්ශ්විකත්වයේ ධජය ඉහළට ඔසවා තබමින් “සාමය, සංවර්ධනය, සමානාත්මතාවය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස” යන සාරධර්ම ප්‍රවර්ධනය කරමින්, විශ්ව සාධාරණ හා බහු ධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටීම චීනයේ ඒකායන අභිප්‍රාය වෙයි. ඒ සදහා බෙල්ට් ඇන්ඩ් රෝඩ් සහයෝගීතා වැඩසටහන සාර්ථකව ස්ථිරව ඉදිරියට ගෙන යන අතරම, සමස්ත මානව වර්ගයා උදෙසා කල්පවත්නා සාමය, ගෝලීය ආරක්ෂාව සහ පොදු සමෘද්ධිය සහිත සුන්දර අනාගත ලෝකයක් ගොඩනැගීමට චීනය ජාත්‍යන්තර ප්‍රජාව හා සහයෝගයෙන් කටයුතු කරනු ඇත. 

මෙහිදී, සති තුනකට පෙර බීජිං හි සාර්ථකව පැවැත්වූ චීන-අප්‍රිකා සහයෝගිතා (FOCAC) සමුළුව පිළිබඳ සිහිපත් කිරීමට මම කැමැත්තෙමි. චීනයේ සහ අප්‍රිකානු රටවල් 53ක නායකයින් මෙන්ම අප්‍රිකානු සංගමයේ කොමිසමේ සභාපතිනියද මීට සහභාගී වූ අතර එය “ගෝලීය දකුණ” අතර සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් විවෘත කළේය. සමුළුව අතරතුර, ජනාධිපති ෂී ජින්පිං නිවේදනය කළේ ඉදිරි වසර තුන තුළ චීන රජය RMB යුවාන් බිලියන 360ක මූල්‍ය ආධාර අප්‍රිකානු කලාපය වෙත ලබා දෙන බවය. මෙය RMB යුවාන් බිලියන 210ක ණය සහ RMB යුවාන් බිලියන 80ක විවිධ ආකාරයේ ආධාර සහ අවම වශයෙන් RMB බිලියන 70ක ආයෝජනවලින්ද සමන්විත වන්නකි. මේ ආකාරයට චීනය ශ්‍රී ලංකාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ එක්ව “ගෝලීය දකුණ” සංවර්ධනය හා පුනර්ජීවනය කරාගෙන යාමට කැපවී සිටින අතර, ඔවුන්ගේ වර්ධනය තුළින් පොදු යහපැවැත්ම වැඩිදියුණු කිරීමට සහ ගෝලීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. 

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිතුරන් හා අසල්වැසියන් වන අතර, අපගේ මිත්‍රත්වය වසර 2000කට වැඩි කාලයක් ඈතට දිවෙන්නකි. 1957 දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගන්නා මොහොත වන විටත්, දෙරට අතර ස්වාධීනත්වය, ස්වයං විශ්වාසය, සහ අන්‍යෝන්‍ය සහයෝගය මූර්තිමත් කළ ඓතිහාසික රබර්-සහල් ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව පැවති බාධා ජයගැනීමට අප සමත්ව තිබුණි. පසුගිය වසර 67 පුරාවට චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්ම මත පදනම්ව සහයෝගයෙන් කටයුතු කොට ඇත. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද නොයෙක් තර්ජන අභියෝගවලට මුහුණ දුන්නද චීන රජය සහ ජනතාව සැමවිටම ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ ස්ථිරව සිටින බව ඉතිහාසය සනාථ කර ඇත. චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වඩ වඩාත් වර්ධනය වන තරමට ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව, සංවර්ධනය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමටත්, කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමටත් ශ්‍රී ලංකාව සමත් වන බව ඉතිහාසය යළි යළිත් පෙන්වා දී තිබේ. 

සාර්ථක ජනපතිවරණයට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ සිටින අපේ සහෝදර සහෝදරියන්ට නැවත වරක් මගේ උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි. ශ්‍රී ලංකාවාසී ජනතාව දැන් නව යුගයකට අවතීර්ණ වී සිය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියමින් සිටිති. චීනයේ සහ අනෙකුත් මිත්‍ර රටවල සහයෝගය ඇතිව සහ නව ජනාධිපති අනුර දිසානායකගේ ශක්තිමත් නායකත්වය යටතේ ලංකාවේ ජනතාවට සියලු අවදානම් හා අභියෝග පරදවා වත්මන් අර්බුදය ජයගෙන නැවත නැගී සිටිය හැකි බව බව මම තරයේ විශ්වාස කරමි. අනාගතයේදී "ඉන්දියන් සාගරයේ මුතු ඇටය" ලෙස ශ්‍රී ලංකාව වඩාත් දීප්තිමත් වනු ඇති අතර, අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සදාකාලික මිත්‍රත්වය මත පදනම් වූ චීන ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉහළ මට්ටමකින් අඛණ්ඩව පෙරට යනු ඇත."





සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.