
දිලිත් ගෙන් අනුරට සුභපැතුම්!
අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය පිළිබඳව සුබාශිංසන පුද කර සිටින බව මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් වූ දිලිත් ජයවීර මහතා පවසයි.
සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ මේ සුන්දර දිවයින සුරකින්නට සියලු දෙනා එක්ව ප්‍රමුඛත්වය දිය යුතු බවත් ය.
අදාළ සටහන පහළින්...
"අනුර කුමාර දිසානායක සහෝදරයා ලැබූ ජයග්‍රහණයට මාගේ අවංක හදපිරි සුබාශිංසන පුද කර සිටිමි. ශ්‍රී ලාංකේය ජනතාවගේ තීරණය යථාර්ථයක් වූ මෙවර ජනාධිපතිවරණය, රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රබල තහවුරු කිරීමකි. ජනයා නැගූ හඬට පිළිතුරක් ලැබී ඇති මේ මොහොතේ, නායකත්වය යනු හුදෙක් ජයග්‍රහණය පමණක් නොව බුද්ධිමත්ව, නිහතමානීව සහ අනාගතවාදී දැක්මකින් යුතුව දේශයක් පාලනය කිරීමේ වගකීම බව අපට මතක් කර දෙයි.
ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් නිර්මාණය කිරීමට අප සතු දැක්ම කෙරෙහි විශ්වාසය තබමින් මා හට තම වටිනා ඡන්දය පළ කළ සියලුදෙනාටම, මම කෘතඥපූර්වකව ස්තූතිවන්ත වෙමි. ඉතා කෙටි කාලයක් තුළ වුවත්, සම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ට අභියෝග කරමින් අලුත් අරමුණක් පෙරදැරිව අලුතින් හිතන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට අප සමත් වූයෙමු. ඔබ පළ කළ සෑම මනාපයකින්ම පිළිබිඹු වන්නේ අප දරනා සාරධර්ම සහ මාගේ නායකත්වය ඔබ අනුමත කරන බවයි. ඔබ තැබූ ඒ විශ්වාසය මම නිහතමානීව භාරගනිමි.
මෙම ජනාධිපතිවරණය මට ලබා දුන්නා අලුත් බලාපොරොත්තුවක්. අපගේ ජනතාව ගැන, ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලීන් ගැන සහ සාමුහික අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක්. වැදගත්ම කරුණ නම්, මව්බිමේ සුබසිද්ධිය, උන්නතිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීමේ වගකීම පිළිබඳව මාගේ හැඟීම, මේ බලාපොරොත්තුවෙන් බලගැන්වෙමින් තවත් ශක්තිමත් වීමයි. ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිතයි. අප ලැබූ නව ජනවරමත් සමග දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමුඛ හඬ වන්නට අප සූදානම්. තව ද, පාර්ලිමේන්තු ක්‍රියාවලිය හරහා ගෙන එනු ලබන තීරණ විනිවිදභාවයෙන් වගවීමකින් යුතුව අපේක්ෂිත පරිදි ලබාදීම ද අපි සහතික වන්නෙමු.
අපේ කතාව ඇරඹුණා පමණයි.
මේ මොහොත ඉල්ලා සිටින්නේ සර්වජනයාගේ එකමුතුවයි. මේ සුන්දර දිවයින සුරකින්නට අපි එක්ව ප්‍රමුඛත්වය දිය යුතුයි.
නැවත වරක් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඔහුගේ කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට මාගේ සුබ පැතුම් පුද කරමි. ඔවුන් අපගේ දේශයේ සෞභාග්‍යය වෙනුවෙන් අඛණ්ඩව, බැරෑරුම්ව, කැප වී නායකත්වය දෙනු ඇතැයි මම විශ්වාස කරමි."
ස්තුතියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
