
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට සෙනෙහසින් භාරදෙමි - රනිල්, ජනපති අනුරට කියයි
‘ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනවයෙන් නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (22දා) රාත්‍රී නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබුණි.
වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
පසුගිය 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන් ජනවරම ප්‍රකාරව අභිනව ජනාධිපති අනුර දිසානායක මහතාට රට භාර දෙන බවත් තමන්ට සහායදුන් නොදුන් සියලුම දෙනාට ස්තූතිවන්ත වන බවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා තමන් මෙතෙක් ආරක්ෂිතව වැල් පාලමේ ගෙන ආ බවත් අභිනව ජනාධිතිවරයා යටතේ එම දරුවා වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට හැකියාව ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සැප්තැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබාදී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කළ යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කළ යුතුයි. මීට අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙලා, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණ, ඉතාමත් අර්බුදකාරී වාතාවරණයකදී මම මේ රට භාර ගත්තා.
ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනකුට නොතිබූ අවස්ථාවක තමයි මම ඒ වගකීම භාර ගත්තේ.
ඉතිහාසය විසින් මට ලබාදුන් ඒ වගකීම මම සාර්ථකව ඉෂ්ට කළා.වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත්භාවයෙන් මුදා ගන්න මට හැකියාව ලැබුණා. මගේ දේශපාලන ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්න ලැබුණු වටිනාම කාර්යභාරය එය කියලයි මම විශ්වාස කරන්නේ. මම රට භාරගන්නා අවස්ථාවේදී සීයට හැත්තෑවක්ව පැවැති උද්ධමනය බින්දුවයි දශම පහක් (0.5%) දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා. ඇමරිකානු ඩොලර් මිලියන විස්සක්ව පැවැති මෙරට විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හතක් දක්වා ඉහළ දැමීමට මට හැකියාවක් ලැබුණා. ඒ වගේම ඩොලරයට සාපේක්ෂව තුන්සිය අසූවක්ව පැවැති රුපියලේ අගය රුපියල් තුන්සීයක් දක්වා පහත හෙළමින් ශක්තිමත්, ස්ථාවර අගයකට ගෙන ඒමට මට හැකි වුණා. එසේම ඍණ හතයි දශම තුනක්ව (-7.3%) පැවැති ආර්ථික වර්ධනය ධන දෙකයි දශම තුනක් (2.3%) දක්වා ඉහළ නැංවීමට මා කටයුතු කළා. ඒ ගැන මම සතුටු වෙනවා.
මගේ ඒ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා. මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා. මම නිවැරදි මාර්ගයේ ගිහින් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිතුමාත් ඔහුට ලැබුණු ජනවරම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මගේ පාලන කාලය තුළදී ඒ සඳහා සහාය දුන් නොදුන් සියලුම දෙනාටත්, මේ රටේ සියලුම පුරවැසියන්ටත් ස්තූතියි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
