
ඡන්ද රාජකාරි නිසා පොලිසියට අධිකරණ කටයුතුවලට එන්න බැහැ
මෙවර ජනාධිපතිවරණය හා සම්බන්ධ රාජකාරි හේතුවෙන් අද (19 වැනිදා) සිට ලබන සඳුදා (23 වැනිදා) දක්වා අධිකරණයන්හි සාක්ෂි ලබාදීම හා අනෙකුත් කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට පැමිණීමට නොහැකි වන බව පොලිසිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.
අදාළ කාලසීමාව තුළ ජනාධිපතිවරණ රාජකාරි හේතුවෙන් පොලිස් නිලධාරීන්ට පැමිණීමට අවස්ථාවක් නොමැති හෙයින් අධිකරණ නඩු කටයුතු ඉදිරි දින කිහිපයක් සඳහා කල් තැබීමට අවශ්‍ය කරන පරිදි විනිසුරුවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් පොලිසිය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්ද කර තිබේ.
ප්‍රජා, පොලිස්, සංචාරක, ආයෝජන හා මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්. සංජීව සෝමරත්න වෙත ලිපියක් යොමු කරමින් එම ඉල්ලීම කර තිබේ.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඡන්ද මධ්‍යස්ථාන 13314 ක් හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49 කට ආසන්න සංඛ්‍යාවක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් අද සිට 22 වැනිදා දක්වා අනුයුක්ත කිරීමට නියමිතව ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
