
අපේ ආණ්ඩුව ආවම රටේ ආර්ථිකය ජනතාව විසින්ම හදා ගන්නවා.. අපිට ආයෙත් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ - හඳුන්නෙත්ති කියයි
මාලිමා ආණ්ඩුවක් යටතේ ආර්ථිකය හදන්නට පෙර පවතින දේශපාලනය වෙනස් කිරීම කළ යුතු බව හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඉත්තෑපානදී පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“කවුරුත් අහන්නේ අපි මේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා. මේ රටේ ආර්ථිකය හදන වැඩේ අපි මුලින්ම පටන් ගන්නේ දේශපාලන ක්‍රමය නිවැරදිව හදලා. මේ පවතින දේශපාලන ක්‍රමවේදය තුළ මැති ඇමැතිවරුන්ට, ජනාධිපතිවරයාට විශාල මහජන මුදලක් වැය කරනවා. ඒ සියල්ල අඩු කරමින්, කපා හරිමින් ආණ්ඩුවේ වියදම අඩු කිරීම තමයි අපි මුලින්ම කරන්නේ. අපි එහෙම කරනකොට මේ රටේ ආර්ථිකය ජනතාව විසින්ම හදා ගන්නවා. අපට ආයෙත් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
රටේ ආදායම් උපදවන්නේ ජනතාව. ඒවා වියදම් කරන්නේ ආණ්ඩුව. ඒත් අද පවතින ක්‍රමය අනුව මැති ඇමැතිවරුන් සිතා සිටින්නේ හම්බ කරන්නේ තමන් බව. වැඩක් කළාම උත්සව තියන්නේ තමන්ගේ අතින් වියදම් වුණා වගේ.
පාලකයා, සේවකයා දෙන්නා මාරු වෙලා. පාලකයා විය යුත්තේ ජනතාව. පාලනය ක්‍රියාත්මක කරන සේවකයා දේශපාලකයා විය යුතුයි. ඒ අනුව මාලිමා රජයක් යටතේ පත්වන මන්ත්‍රීවරයා හෝ ඇමැතිවරයා හෝ පොරොන්දු ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩ කරන්නේ නැතිනම් ඔහු හෝ ඇය ආපසු කැඳවීමේ බලය ජනතාවට දෙනවා. ඒ නිසා අපි දෙන ප්‍රතිපත්ති ප්‍රකාශය බත් මුල් ඔතන්න ගන්නේ නැතිව ළඟ තියා ගන්න.
අද රටේ ජනතාවගේ ලයිට් බිල, වතුර බිල ගෙවා ගන්න බැරි වුණාම කපනවා. හැබැයි මන්ත්‍රීවරයාගේ ලයිට් බිල, වතුර බිල ලක්ෂ ගණන් ජනතා මුදලින් ගෙවනවා. මේවා සම්පූර්ණයෙන් අපි වෙනස් කරනවා. පාර්ලිමේන්තු යන වාරයක් වාරයක් පාසා පැමිණීමේ දීමනා, කමිටුවල වාඩිවන වාරයක් වාරයක් පාසා සහභාගි වීමේ දීමනා මන්ත්‍රීවරුන් ගන්නවා. පාර්ලිමේන්තු සහභාගි වීම මන්ත්‍රීවරයාගේ රාජකාරිය. එයට වැටුපක් ගෙවනවා. ජනතාව තමන්ගේ හම්බ කරන මුදලින් ලයිට් බිල්, වතුර බිල් ගෙවනවා වගේ, තමන්ගේ වාහනය හදා ගන්නවා වගේ, අනෙකුත් අවශ්‍යතාව සපුරා ගන්නවා වගේ මන්ත්‍රීවරයා තමන් ලබන වැටුපෙන් ඒ අවශ්‍යතා ඉටු කර ගත යුතුයි. ඒත් අද කරන්නේ ජනතාව මුදල් උපයා එම අවශ්‍යතා ඉටු කර දෙන ක්‍රමයක්.”
– ප්‍රේමතිලක පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
