ලංකාවට යවන්න ගෙන ආ රුසියානු පොහොර නැව ලැට්වියාවේ රීගා වරායේ සිරකිරීම සාධාරණීයකරණය කරීමට නවදිල්ලියේ ලැට්වියානු තානාපති කාර්යාලය ගත් උත්සාහය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට ලැට්වියා රාජ්‍යයේ රීගා වරායේ අවහිර කර ඇති ශ්‍රී ලංකාවට යැවීමට ගෙන ආ රුසියානු පොටෑෂ් පොහොර තොගයක් සහිත නෞකාව එම වරායේ සිරකර තැබීම සාධාරණීයකරණය කිරීමට නවදිල්ලියේ ලැට්වියානු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය ගත් අකාරුණික උත්සාහය පිළිබඳව කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙබඳු තීරණවල ප්‍රතිඵලයක් වශයෙන්, අප්‍රිකාවේ, ආසියාවේ සහ මෙම තීරණාත්මක අයිතම මත යැපෙන ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන ජනයා ද අවදානම් තත්ත්වයකට පත්වන බවත් එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
අදාල නිවේදනයේ සිංහල පරිවර්තනය හා ඉංග්‍රීසි පිටපත පහළින්...
2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට ලැට්වියා රාජ්‍යයේ රීගා වරායේ අවහිර කර ඇති රුසියානු පොටෑෂ් පොහොර තොගය ශ්‍රී ලංකාවට යැවීමට බාධාවක් වන තම රටේ තීරණ සාධාරණීකරණය කිරීමට නවදිල්ලියේ ලැට්වියානු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය ගත් අකාරුණික උත්සාහයක් කෙරෙහි කොළඹ රුසියානු තානාපති කාර්යාලය අවධානය යොමු කළේය. ඔවුන්ගේ අදහස් දැක්වීමේදී ඉදිරිපත් කළ සැකසහිත “තර්ක” විසින් කිසිවකු නොමග යැවිය යුතු නැත යන මතය ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය දරයි.
පොහොර තොගය මුහුදින් යැවීමේදි ඔවුන් පෙන්වාදෙන දිගු හා පදනම් විරහිත ප්‍රමාදයන් අනෙකුත් බෝල්ටික් රාජ්‍යයන් මෙන්ම ලැට්වියාවටද බලාත්මක වීම මගින් තරමක් සීමා සහිත ස්වෛරීභාවයක් ලැට්වියාවට ඇති බව වඩාත් පැහැදිලිව තහවුරු කිරීමකි.ඒ අනුව සියලුම වැදගත් විදේශ ප්‍රතිපත්ති ගැටළු විසඳනු ලබන්නේ රීගා නුවර පදනම්ව නොව අනෙකුත් අගනුවර වල සිටය.
තවමත් ලැට්වියාව පොහොර තොගයේ වැදගත්කම ප්‍රකාශ කිරීමට මංමුලා සහගත උත්සාහයක් දරමින් සිටියි. නමුත් යථාර්ථයේ දී ගෝලීය ආහාර ස්ථායිතාව අවදානමට ලක් කරන ක්‍රියාමාර්ග විස්තාරණය කිරීමේ ප්‍රමුඛයා බවට ලැට්වියාව පත්වේ. මේ අනුව, රීගා විසින් නැවත නැවතත් (2023 ඔක්තෝබර්, 2023 දෙසැම්බර් සහ 2024 ජනවාරි) යුරෝපා සංගමයේ තේරුමක් නැති සම්බාධක ප්‍රතිපත්තිය අනුගමනය කරමින් යුරෝපීය වෙළඳපොළට රුසියානු කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවේශය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමේ යෝජනාවක් පවා ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, එවැනි උත්සහයන්ගේ කතුවරුන් යුරෝපීය අපනයන කෘෂි නිෂ්පාදනවල මිළ තුන්වන පාර්ශවයේ රටවලදි ඉහළ යාමට හේතු වන බැවින් මෙම පියවර ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට අහිතකර බව පෙන්වීමට හිතාමතා හෝ නොදැනුවතව මග හැරීමට කටයුතු කරයි. යුරෝපයේ පොහොර නිෂ්පාදනය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබීම (2021 සිට 30% දක්වා අගයකට පහා විද්‍යාමානවීම විසින් තත්ත්වය සංකීර්ණ කර තිබේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, අප්‍රිකාවේ, ආසියාවේ සහ මෙම තීරණාත්මක අයිතම මත යැපෙන ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන ජනයා අවදානම් තත්ත්වයකට පත්වේ.
මෙම ක්‍රියාවන් හීනමානය මත පදනම් වූ කුහකකම බව අපගේ හැඟීමයි.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
2024 සැප්තැම්බර් 17

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..