News Category
From Date
To Date
Maximum Number of Result

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නෝර්වේ එන්ජීඕවේ නිවැරදි ස්වාධීන සමීක්ෂණ වාර්තාවක් එළියට:සජිත්ට 38.5%යි අනුරට 27.45% යි නාමල්ට 15.12% යි රනිල්ට 14.9% යි

Sep 18, 2024 at 12:37 AM
|


අප රටේ මැතිවරණ වලට ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීම පිණිස විවිධ කුට උපක්‍රම භාවිත කරති. ඒ අතරින් මෙතෙක් පැවැති මැතිවරණ වලදී ජ්‍යෝතිෂ්‍යකරුවන්ගේ අනාවැකි ප්‍රබල බලපෑමක් සමාජය කෙරෙහි එල්ල කළහ. එම ජ්‍යෝතිෂ්‍යකරුවන් කුමන හෝ පක්ෂයක එසේ නැතිනම් කුමන හෝ පුද්ගලයෙකුගේ අතකොලුවක් බව පසුව ඔප්පු වුණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙම විෂයේ කෙළ පැමිණියෙකි. එසේ වුවද එක්තරා ඇස් නොපෙනෙන ජ්‍යෝතිෂ්‍යකරුවෙකු කාගේ අතකොලුවක්දැයි පොදු මහජනයාට වටහා ගැනීමට නොහැකිතරම් සුක්ෂම ලෙස තම සේවය තම හාම්පුතා වෙනුවෙන් ඉටු කරණු ලැබුවේය. එහෙත් ඔහු හෝ අනෙකුත් ජ්‍යෝතිෂ්‍යකරුවෝ 2024 ජනාධිපතිවරණයේදී කිසිවෙකු වෙනුවෙන් අනාවැකි කීමට ඉදිරිපත් වන බවක් දක්නට නොලැබුණි.

එසේ වුවද අවසාන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කරණු ලැබූ විද්‍යාත්මක අනාවැකි ලෙස හුවාදක්වන සමාජ මාධ්‍ය ජාලා ආශ්‍රිතව  කළ සමීක්ෂණ ප්‍රතිඵල නම් රාශියක් ඉදිරිපත් විය. එම සියළු සමාජ ජාලා ආශ්‍රිත සමීක්ෂණ වලින් එක්තරා අපේක්ෂකයෙකු 50% සීමාව ඉක්මවා ඡන්දය ලබාගෙන ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා බවට පත්වන බවට අනාවැකි පල කළේය. ඒ අනුව එම අපේක්ෂකයා 8 වන ජනාධිපතිවරයා වීම කෙසේ වුවත් "ෆේස් බුක් " ජනාධිපති යනුවෙන් රටම දන්නා අන්වර්ථනාමයක් පවා පට බැඳ ගත්තේය. 

කෙසේ වුවත් ජනාධිපතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක දායකත්වයක් සපයන නාගරික මධ්‍යම පන්තියේ මනස ඒකාග්‍රව තබා ගැනීමට පූර්ව ජනාධිපතිවරණ සමීක්ෂණ වාර්තා අතිශය දැවැන්ත මෙහෙයක් ඉටු කරනු ලබන්නේය. ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීමට දින තුනක් තිබීයදී එනම් සබරගමුව විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථියෙකු වන  ප්‍රදීප් චානක සහ නොර්වේ රාජ්‍යයට සම්බන්ධ රාජ්‍ය නොවන ආයතනයක් වන  Oslo Institute of Political Research and Advocacy (OIPRA ) නම් ආයතනය විසින් ඉදිරිපත් කළ  2024 ජනාධිපතිවරණ ප්‍රතිඵල සමීක්ෂණ වාර්තා දෙකක් මූලිකව අප වෙත ලැබුණි. එම සමීක්ෂණ වාර්තා දෙකෙන් ප්‍රදීප් චානකගේ වාර්තාව කෙරෙහි අප පළමු කොටම අවධානය යොමු කළෙමු. පිටු 88 ක් පුරා පැතිරී තිබුණු ඔහුගේ වාර්තාවෙහි පිටු හතක්ම වෙන්වී තිබුණේ ඔහුගේ අතීත දස්කම් සම්බන්ධයෙන් පළවූ පුවත් වාර්තා කෙරෙහි පරිශීලකයාගේ අවධානය යොමු කරලීමටය. එලෙසම මෙම සමීක්ෂණය කිරීමට පාදක කරගත් ක්‍රමවේදය , ඒ සඳහා යොදාගත් ඡන්දදායකයන්ගේ ස්වභාවය, සමාජ සංදර්භය පිළිබඳ විශ්ලේෂණය ආදී අතිශය සංවේදී තොරතුරු එහි දක්නට නැත. ලියුම්කරු ලිපියෙහි මුලදී සඳහන් කළ පරිදි ප්‍රදීප් චානක ද කිසියම් දේශපාලන දහරාවක අභිලාශයන් තෘප්ත කිරීම පිණිස කිසියම් පාර්ශවයකට නැඹුරුව අනාවැකි පවසන ජ්‍යෝතිෂ්‍යකරුවාගේ භූමිකාවට පණ පොවන්නේද යන සැකය ලියුම්කරු හට පැන නැගුණි. ඒ අනුව විද්‍යාත්මක සමීක්ෂණයක් නොවන්නේය යන නිගමනයට පැමිණ ඔහුගේ වාර්තාව බැහැර කරන්නට ලියුම්කරු කටයුතු කළ බව පාඨකයා වෙත දන්වා සිටිමි.

OIPRA ආයතනය සිදුකළ සමීක්ෂණයේදී ප්‍රදීප් චානකගේ වාර්තාවේ තිබූ අඬු ලුහුඬුකම් කිසිවක් නොමැතිවා මෙන්ම ඔවුන් තෝරාගන්නා ලද නියැදියද අතිශය විශාල එකක් වී තිබේ. එලෙසම ඔවුන්ගේ වාර්තාවේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන පිරිස සමස්ථ ජනගහනයෙන් 32.9%ක් බව නිවැරැදිව දක්වා තිබේ. ඊළඟට ලියුම්කරුට පැන නැගුනු ගැටලුවක් වූයේ නෝර්වේ රාජ්‍ය මූලිකව කටයුතු කරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධාන වශයෙන්ම රටවල් තුළ අභ්‍යන්තර ගැටුම් අවුලුවාලීමට කටයුතු කරන සංවිධාන බවට පොදු ජනයා තුළ වන සැකය ලියුම්කරු තුලද පැන නැගීමයි.

එහෙත් ලතින් අමෙරිකානු ප්‍රභල රටක් වන වෙනිසියුලානු ජනාධිපතිවරණයේදී බටහිර සුරතලා උත්හර්ෂයට නැංවීමට  ඔහු ඉහළින්ම දිනන බවට ව්‍යාජ සමීක්ෂණ මගින් තහවුරු කළේය.OIPRA වාර්තාවද එවැන්නක් දැයි යන සැකය මුසුව වාර්තාව පරිශීලනය කළෙමි. එම වාර්තාව කිසිවෙකුට නැඹුරු නොවී මත දක්වන ශ්‍රී ලාංකික බුද්ධිමතුන් දක්වන මතය වන කිසිදු අපේක්ෂකයෙකුට 50% සීමාවට ළඟා විය නොහැකිය යන මතය තහවුරු කර තිබේ. එනම් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නේ යැයි පුරෝකථනය කරන සජිත් ප්‍රේමදස මහතාට හිමි වන්නේ 38.5%ක ප්‍රතිශතයක් බව වාර්තාව පුරෝකථනය කරයි. එලෙසම නොර්වේ රාජ්‍යයේ උපදෙස් අනුව අතීතයේදී කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගනු ඇතැයි පුරෝකථනය කරන ඡන්ද ප්‍රතිශතය 14.90% ක් හෙවත් නාමල් රාජපක්ෂ මහතා ලබා ගනු ඇතැයි පුරෝකථනය කරන 15.12%ට වඩා 0.22% කින් අඩු බවද පෙන්වා දී තිබේ. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී අනුගමණය කළ යුතු ක්‍රියා මාර්ග ඇතුලත් උපදේශනයේ දක්වා ඇති පශ්චාත් මැතිවරණ ගැටුම් පැන නැගීමට නම් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයා සහ දෙවැනි වැඩිම ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා අතර පරතරය ඉතාම අවම විය යුතුය. එනම් පරතරය 4%ට වඩා අඩු මට්ටමක පරතරයක් විය යුතුය. එහෙත් OIPRA  ඉදිරිපත් කරන වාර්තාවේ දෙවැනි වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා වන අනුර කුමාර දිසානයක මහතා ලබා ගන්නේ යැයි පුරෝකතනය කරන්නේ සමස්තස්ත ප්‍රකාශිත ඡන්ද වලින් 27.45% ක් පමණි. එනම් ස්ජිත් ප්‍රේමදාස මහතාට වඩා ඡන්ද 11.5% ක් අඩුවෙනි. මෙම පුරෝකථනය යම් හෙයකින් එලෙසම සිදු වුවහොත් ශ්‍රී ලංකාවේ අට වෙනි ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සිදුවීමට හේතුවක් නැත. මක්නිසාද යත් එක් අපේක්ෂක්යෙකු පැහැදිළි ජයග්‍රහනයක් ලබා තිබෙන බැවින් අනෙකුත් අපේක්ෂකයන්ගේ උදව්කරුවන්ට ප්‍රචන්ඩත්වයට යොමු වීමට හේතුවක් නිර්මාණය නොවීමය. එනම් නාමල් රාජපක්ෂගේ දෙවෙනි මනාපය හෝ රනිල් වික්‍රමසිංහගේ දෙවෙනි මනාපය අනුර කුමාර දිසානායකගේ මනාප ගොන්නට එකතු වීමට හේතුවක් නොමැති වීම නිසාවෙනි. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙවෙනි මනාපය ලබා ගැනීමේ තාර්කික වාසනාව හිමි සජිත් ප්‍රේමදාස මහතාටද 50% සීමාව පසු කර යා නොහැකිය.

OIPRA පුරෝකථනයට අනුව සමස්ත ඡන්දදායකයන්ගෙන් 3,148,489 ක් හෙවත් අනුර කුමාර දිසානායක මහතා ලබාගන්නේ යැයි පුරෝකථනය කරන ඡන්ද ප්‍රමානයට වඩා 661,527 අඩු ප්‍රමානයක් හෙවත් සමස්ථ ලියාපදිංචි ඡන්ද ප්‍රමානයෙන් 22.68% ඡන්ද පොළට යාමෙන් වැලකී තිබේ. එය මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියළු අපේක්ෂකයන් කෙරෙහි මහජනයා තුළ ඇති කළ කිරීම පිළිබිඹු කරන බව ලියුම්කරුගේ හැඟීමයි. 

සමීක්ෂණ වාර්තාව දෙස අවධානය යොමු කිරීමේදී පශ්චාත් මැතිවරණ ගැටුම් ඇති නොවීම සඳහා හොඳ පුරෝකථනයක් තිබුණද රනිල්, සජිත්, අනුර තුන්කට්ටුවෙන් කවුරු දිනුවද රටේ ඒකීය භාවය සහ අපගේ අතීත උරුමයක් වූ ආගමික සහ සංස්කෘතික උරුමයන්ට යහපතක් සිදු නොවන බව සක් සුදක් සේ පැහැදිළිය. එබැවින් සිංහල බෞද්ධ සංස්කෘතිය ඉතිහාසයේ මුහුණ දෙන දැවැන්තම විනාශවීමේ අනතුරට මුහුණ දී සිටින මේ මොහොතේදී කිසිදු අපේක්ෂකයෙකුට 50% සීමාව පසුකර යාමට ඉඩ නොදීමේ වාසිය අත් පත් කර ගැනීමට ඡන්දදායකයා වග බලාගැනීම මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය වටිනා දිවි කුසුම පූජා කළ අතීත විරුවන්ට මේ මොහොතේ කළ හැකි උත්තම උපහාරය බව ලියුම්කරුගේ හැඟීමයි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි


ආශ්‍රිත පුවත්

එළඹෙන ජනපතිවරණය ජයගන්නා අපේක්ෂකයා ගැන නොර්වේ රාජ්‍ය නොවන ආයතනයකින් විශේෂ හෙළිදරව්වක්

සම්බන්ධිත පුවත් | Related News

රට තුළ වර්ධනය වෙමින් පවතින ඒකාධිපති පාලන ප්‍රවණතාවන්ට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව සියලුම සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සහ මහජනතාව එකාබද්ධ විය යුතු බව මහජන කේන්ද්‍රය අවධාරණය කරයි.
ශ්‍රී ලාංකීය ඉංජිනේරු ක්ෂේත්‍රයත්, සමස්ත විශ්වවිද්‍යාල අධ්‍යාපන පද්ධතියත් ඒකාලෝක කළ පහන් ටැඹක් වූ මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා (P. A. D. Silva) ශූරීන්ගේ අභාවය යනු සමස්ත දේශයටම පියවා ගත නොහැකි මහත් පාඩුවකි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පෙළපොත් තොගයක් නිසි පරිදි බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත භාරනොදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.
මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.
උසස්පෙළ විභාගයේ හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලය කිසිදු අවස්ථාවක පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (13) පැවැති මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම දිස්ත්‍රික්කයේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.
මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනසක් සිදු කරමින්, අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ විධිමත් කාර්ය මණ්ඩලයකින් සමන්විත ‘ගොවි සමාගම්’ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.