
13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම ගැන අනුරලා උතුරට එකක් කියා දකුණට තවත් එකක් කිව්ව හැටි සාක්කි සහිතව එළියට... මාලිමාවේ දෙබිඩි පිළිවෙත මෙන්න (වීඩියෝ සහිතයි)
සිරස රූපවාහිනී නාලිකාවේ 'සටන' දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් ජාතික ජන බලවේගයේ සභික නලින්ද ජයතිස්ස මහතා පසුගිය දිනෙක පැවසුවේ පළාත් සභාවලට ලබාදී තිබෙන බලතල පමණක් ක්‍රියාත්මක කරනවා මිස 13 බලාත්මක කිරීමක් සම්බන්ධයෙන් උතුරේ ජනතාවට නොපැවසූ බවකි.
මෙම සංවාදය සඳහා සහභාගි වී සිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී නලින්ද ජයතිස්ස මහතාගේ කතාවට විරෝධය පළකරමින්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් පැවසුවේ පොලිස් බලතල, ඉඩම් බලතල සහිතව 13 සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බව යැයි පැහැදිලිවම සඳහන් කරන ලදී.
අනුර කුමාර දිසානායක මහතා මෑතක දී සිදුකළ යාපනය සංචාරය පිළිබඳව ජනමාධ්‍ය වැඩි වශයෙන් අවධානය යොමුකර තිබූ අතර, එම සංචාරයේ දී ඔහු ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්.ඒ. සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ඇතුළු
දෙමළ දේශපාලකයින් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වන ආකාරය එම ජනමාධ්‍ය මගින් වීඩියෝ සහිතව පළකර තිබිණි.
එම සංචාරයේ දී මාධ්‍ය අමතමින් අනුර දිසානායක මහතා පැවසුවේ ජාතික සමගිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත්, 2019 මැතිවරණ ප්‍රකාශනයෙන් පළාත් සභා මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම ජාතික ජනබලවේගය පිළිගෙන ඇති බවත්, පළාත් සභාවලින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබී නැතිබව පිළිගන්නා අතර, පළාත් සභාවලට එහාගිය ක්‍රියාදාමයක් මේ සඳහා අවශ්‍ය බව පිළිගන්නා බවත් ය.
ජාතික ජන බලවේගයේ නායකයා උතුරේ දී සිදු කළ මෙම ප්‍රකාශය හා මෙම සාකච්ඡාවේ දී 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බව ඔහු විසින් පැවසූ බව සනාථ කරමින් සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය මෙන්ම දකුණේ දී ජාතික ජනබලවේගයේ සභික නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශය එකිනෙකට පරස්පර බව මේ වන විට සනාථ වී තිබීමෙන් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය පිළිබඳව දැඩි සැකසංකා ජනතාව තුළ මතුව තිබේ.
එමෙන්ම ඉකුත් දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මෙලනය මගින් පැවැත් වූ ජනාධිපති අපේක්ෂකයන්ගේ මත විමසුමේ දී ඊට සහභාගි වූ ජනපති අපේක්ෂකයන්ගේ නියෝජිතයන් අතර සිටි ජාතික ජන බලවේගයේ සභික විජිත හේරත් මහතා පවසා සිටියේ පළාත් සභා ක්‍රමය ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීමට පිළිතුරක් නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් පළාත් සභාවලට පොලිස් බලතල හෝ ඉඩම් බලතල ලබාදීමක් ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙල තුළ නොමැති බවත්ය.
ජාතික ජනබලවේගයේ නායකයා උතුරට ගොස් උතුරේ දෙමළ ජනතාවට එක් දෙයක් පොරොන්දු වී, එම පක්ෂයේම නියෝජිතයන් දකුණේ දී තවත් දෙයක් ප්‍රකාශ කිරීම පිළිබඳව මේ වන විට බොහෝ පාර්ශව වල දැඩි විවේචනය එල්ලවී තිබේ.
ඔවුන්ගේ මෙම දෙබඩි පිළිවෙත සාක්ෂි සහිතවම හෙළිකෙරෙන වීඩියෝ පට කිහිපයක් පහළින් දක්වා ඇත්තේ පාඨකයන්ගේ අවධානය පිණිසය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
