13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම ගැන අනුරලා උතුරට එකක් කියා දකුණට තවත් එකක් කිව්ව හැටි සාක්කි සහිතව එළියට... මාලිමාවේ දෙබිඩි පිළිවෙත මෙන්න (වීඩියෝ සහිතයි)
සිරස රූපවාහිනී නාලිකාවේ 'සටන' දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් ජාතික ජන බලවේගයේ සභික නලින්ද ජයතිස්ස මහතා පසුගිය දිනෙක පැවසුවේ පළාත් සභාවලට ලබාදී තිබෙන බලතල පමණක් ක්‍රියාත්මක කරනවා මිස 13 බලාත්මක කිරීමක් සම්බන්ධයෙන් උතුරේ ජනතාවට නොපැවසූ බවකි.
මෙම සංවාදය සඳහා සහභාගි වී සිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී නලින්ද ජයතිස්ස මහතාගේ කතාවට විරෝධය පළකරමින්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් පැවසුවේ පොලිස් බලතල, ඉඩම් බලතල සහිතව 13 සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බව යැයි පැහැදිලිවම සඳහන් කරන ලදී.
අනුර කුමාර දිසානායක මහතා මෑතක දී සිදුකළ යාපනය සංචාරය පිළිබඳව ජනමාධ්‍ය වැඩි වශයෙන් අවධානය යොමුකර තිබූ අතර, එම සංචාරයේ දී ඔහු ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්.ඒ. සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ඇතුළු
දෙමළ දේශපාලකයින් පිරිසක් හමුවී සාකච්ඡා පවත්වන ආකාරය එම ජනමාධ්‍ය මගින් වීඩියෝ සහිතව පළකර තිබිණි.
එම සංචාරයේ දී මාධ්‍ය අමතමින් අනුර දිසානායක මහතා පැවසුවේ ජාතික සමගිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත්, 2019 මැතිවරණ ප්‍රකාශනයෙන් පළාත් සභා මේ ආකාරයෙන් ක්‍රියාත්මක වීම ජාතික ජනබලවේගය පිළිගෙන ඇති බවත්, පළාත් සභාවලින් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබී නැතිබව පිළිගන්නා අතර, පළාත් සභාවලට එහාගිය ක්‍රියාදාමයක් මේ සඳහා අවශ්‍ය බව පිළිගන්නා බවත් ය.
ජාතික ජන බලවේගයේ නායකයා උතුරේ දී සිදු කළ මෙම ප්‍රකාශය හා මෙම සාකච්ඡාවේ දී 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බව ඔහු විසින් පැවසූ බව සනාථ කරමින් සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය මෙන්ම දකුණේ දී ජාතික ජනබලවේගයේ සභික නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශය එකිනෙකට පරස්පර බව මේ වන විට සනාථ වී තිබීමෙන් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය පිළිබඳව දැඩි සැකසංකා ජනතාව තුළ මතුව තිබේ.
එමෙන්ම ඉකුත් දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මෙලනය මගින් පැවැත් වූ ජනාධිපති අපේක්ෂකයන්ගේ මත විමසුමේ දී ඊට සහභාගි වූ ජනපති අපේක්ෂකයන්ගේ නියෝජිතයන් අතර සිටි ජාතික ජන බලවේගයේ සභික විජිත හේරත් මහතා පවසා සිටියේ පළාත් සභා ක්‍රමය ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීමට පිළිතුරක් නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් පළාත් සභාවලට පොලිස් බලතල හෝ ඉඩම් බලතල ලබාදීමක් ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙල තුළ නොමැති බවත්ය.
ජාතික ජනබලවේගයේ නායකයා උතුරට ගොස් උතුරේ දෙමළ ජනතාවට එක් දෙයක් පොරොන්දු වී, එම පක්ෂයේම නියෝජිතයන් දකුණේ දී තවත් දෙයක් ප්‍රකාශ කිරීම පිළිබඳව මේ වන විට බොහෝ පාර්ශව වල දැඩි විවේචනය එල්ලවී තිබේ.
ඔවුන්ගේ මෙම දෙබඩි පිළිවෙත සාක්ෂි සහිතවම හෙළිකෙරෙන වීඩියෝ පට කිහිපයක් පහළින් දක්වා ඇත්තේ පාඨකයන්ගේ අවධානය පිණිසය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්