එළඹෙන ජනපතිවරණය ජයගන්නා අපේක්ෂකයා ගැන නොර්වේ රාජ්‍ය නොවන ආයතනයකින් විශේෂ හෙළිදරව්වක්
එළඹෙන 2024 ජනාධිපතිවරණයේ දී ජය ලබා ගන්නා අපේක්ෂකයා පිළිබඳව නොර්වේ රාජ්‍යයට සම්බන්ධ රාජ්‍ය නොවන ආයතනයක් වන Oslo Institute of Political Research and Advocacy නම් ආයතනය විසින් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව පුරෝකථනයක් සිදුකර තිබේ.
එම පුරෝකතනයට අනුව ඔවුන් සඳහන් කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවයි.
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදුකර ඇති මෙම වාර්තාවට අනුව සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 5,343,068ක් ලබා 38.50%ක ප්‍රතිශතයක් ලබාගනිමින් පළමු තැනට පත්වන බවත්, අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 3,810,016ක් ලබා 27.45%ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවන තැනට පත්වන බවත්, නාමල් රාජපක්ෂ මහතා 2,098,606ක් ලබා 15.12%ක ප්‍රතිශතයක් ලබාගනිමින් තෙවන ස්ථානයට හා රනිල් වික්‍රමසිංහ මහතා 2,067,937ක් ලබා 14.90%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් සිව්වන ස්ථානයට පත්වන බවත් දක්වා ඇත.
මෙහි දක්වා ඇති පරිදි ලියාපදිංචි මුළු ඡන්ද ප්‍රමාණය 17,140,354ක් වන අතර, ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 13,991,865ක් සහ ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය 112,289ක් ද, වලංගු ඡන්ද ප්‍රමාණය 13,879,576ක් වන බවද සඳහන් ය.
කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, වන්නි, මඩකලපුව, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සියල්ලේම පළමු තැනට සජිත් ප්‍රේමදාස මහතා පත්වන බවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ ජය පමණක් අනුර කුමාර දිසානායක මහතාට හිමිවන බවත් එම වාර්තාවේ දක්වා තිබේ.
අදාළ වර්තාව පහළන්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..