අනුරගේ අගමැති හරිනි?
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අගමැති ධූරය කාන්තාවකට හිමිවිය හැකි බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉඟි පළකර තිබේ.
ඔහු කියාසිටියේ සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණයෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47.3 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල සහිත නව කැබිනට් මණ්ඩලයක් පත්කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවයි.
“අනුර කුමාර ජනාධිපති වුනොත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගෙනියන්නේ කොහොමද කියලා විපක්ෂ කඳවුර ප්‍රශ්න කරනවා. අනුර ජනාධිපති වුණාට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ඊළඟට ඉන්න ලක්ෂ්මන් නිපුණආරච්චි නව මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනවා. එතකොට අපි හතර දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන්නම්, අගමැති ධූරයට පත්වන්නේ පුරුෂයෙක් හෝ කාන්තාවක් විය හැකියි.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එහිදී පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ස්විට්සර්ලන්තයේ ඇත්තේ හත්දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පමණක් බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නව කැබිනට් මණ්ඩලයක් පත්කරන තෙක් සිව්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට මාස දෙකක කාලයක් ක්‍රියාත්මක විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..