News Category
From Date
To Date
Maximum Number of Result

පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න... අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න - අනුර ඔරුමිත්තනාඩුවට පණ දෙන හැටි ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

Sep 16, 2024 at 05:54 PM
|

‍2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අනුර කුමාර දිසානායක මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ 230 පිටුවේ සදහන් කර ඇති අතර මෙරට ඔරුමිත්තනාඩුවක් ලෙස හදුන්වන, බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කර ශ්‍රී  ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමේ වැඩ පිළිවෙල අන්තර්ගත වන්නේ 2015 මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය තුල බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බණ්ඩාරගම නගරයේ පැවති සර්වජන බලය ජනපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ මැතිවරණ රැළියකට එක්වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

දේශපාලන තාච්චි පැනිල්ල

පුංචි කාලයේ අපි තාච්චි පනිනවා කියලා ක්‍රීඩාවක් කළා. ඒකේ තමන්ගේ පැත්ත කියලා නෑ. ඒ පැත්තෙන් මේ පැත්තටත් පනිනවා. මේ පැත්තෙන් ඒ පැත්තටත් පනිනවා. දැන් ඔන්න දේශපාලනේ තාච්චි පැනීමක් පටන් අරන්. තලතා සජිත්ගේ පැත්තෙන් රනිල්ගේ පැත්තට පනිනවා. ගීතා රනිල්ගේ පැත්තෙන් රනිල්ගේ පැත්තට පනිනවා. රනිල් ෂෝක් කිව්ව ගීතා දැන් ඒ කටින්ම සජිත් ෂෝක් කියනවා. සජිත් ෂෝක් කිව්ව තලතා ඒ කටින්ම දැන් රනිල් ෂෝක් කියනවා. බුරුතු පිටින් දෙපැත්තට පනින්නේ ඇයි? ලැජ්ජාවක් හිරිකිතයක් නැත්තේ ඇයි? ලැජ්ජාවක් ඇති වෙන්න නම් දෙපැත්ත අතර වෙනසක් තිබෙන්න ඕනි. දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි. යූඑන්පී ප්‍රතිපත්තිම තමයි සජබ ප්‍රතිපත්තිය. සජබේ උදවිය රනිල් අත් හැරියේ රනිල්ගේ ප්‍රතිපත්ති නරකයි කියලා නොවේ. රනිල්ට දිනන්න බෑ කියලා. සජිත්ගේ දේශපාලන පියාණෝ ජනපති ප්‍රේමදාස නොවේ. රනිල් වික්‍රමසිංහ. රනිල් සජිත් දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි.

තුනම එකයි

සජිත් රනිල් විතරද? අනුරත් එකයි. එක වල්ලේ පොල්. මොනවා වුණත් රනිල් මැතිතුමා දුරකතනයෙන් කතා කරන විධියටම වේදිකාවේත් මගේ ආදරණීය මිත්‍රයා අනුර කියලා අමතනවා. අයියෝ එතකොට අනුර ලැජ්ජාවෙන් ඇඹරෙනවා. සාගලවත් එහෙම ඇබරෙන් නැ. එහෙම ඇඹරෙන්න දෙයක් නෑ. මිත්‍රයෝ තමයි. එක ප්‍රතිපත්තිය දෙකට බෙදා ගෙන ජීවත් වෙන එක තමයි දෙන්නාම කරන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශ තුන බැලුවොත් තුනම එකයි. එකක් දම් පාටයි. එකක් කොල සහ කහ පාටයි. අනිත් එක දේදුනු වර්ණ. ඔච්චරයි වෙනස. ඔය තුනම දේශීය නිෂ්පාදන නොවේ. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා ඉන්දියානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා සිංහලට පරිවර්තනය කරපු බඩු. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉංග්‍රීසියෙන් හදලා සිංහලට පරිවර්තනය කරද්දී හරි සිංහල වචන හොයාගන්න බැරිවුනාම ඉංග්‍රීසියෙන්ම දමලා ඇරලා තියෙනවා. පාට වෙනස් වුණාට වචන වෙනස් වුණාට ප්‍රතිපත්තිය එකයි.

ආර්ථික ප්‍රතිපත්තිය මූල්‍ය අරමුදලේ වැල් පාලමේ එල්ලිලා ඉන්න එක මිස දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන එක නොවේ. රට බංකොලොත් වුණු ඒ ක්‍රමයම ඉදිරියටත් කරනවා කියන එකයි තුන් දෙනාම කියන්නේ.

රජ පුටුවේ මළත් සැපයි

බලය බෙදීම ගැන තුනම කියන්නේ එකයි. 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවාලු. ඉන්දියාව බලහත්කාරයෙන් පටවලා අපේ ව්‍යවස්ථාවට දැම්මත් පොලිස් බලතල දෙන්න ජනාධිපතිවරු අටදෙනෙක්ම කටයුතු කලේ නෑ. මමයි ගෙනාවේ මමම දෙනවා කියලා ජේආර්ට දෙන්න තිබ්බේ නැද්ද? අවුරුද්දකට වැඩි කාලයක් සාම කතා කරපු ප්‍රේමදාසට ඕක දෙන්න තිබ්බේ නැද්ද? උතුරෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගත්තු චන්ද්‍රිකාට ඕක දෙන්න තිබ්බෙ නැද්ද? ඔය කවුරුවත් පොලිස් බලතල පලාත් සභා වලට දුන්නේ නැත්තේ ඒක කලොත් රටම ලේ විලක් වෙන බව දන්න නිසායි. රට දෙපළු වෙලා දෙමළ ඊළම හැදෙන බව දන්න නිසා. නමුත් උතුරේ ඡන්ද කුට්ටියට කෙළ හලමින් රටට කෙළ වුණත් රජ පුටුවේ මළත් සැපයි කියලා හිතන නිසා තමයි රනිල් සජිත් අනුර තුන්දෙනා එක හඬින් අපි පොලිස් බලතල උතුරට දෙනවා කියලා කියන්නේ.

ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට අනුර පණ දෙයි

ප්‍රතිපත්ති ප්‍රකාශ හදන කොට රට පෙඩරල් කරනවා කියලා රනිල් සජිත් දෙන්නාම කොලේ වහලා ගහලා තියෙන්නේ. එයාලා සෘජුව කියන් නැ ඒගැන. ඒ දෙන්නාම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා විතරයි කියලා තිබෙන්නේ. නමුත් අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මොකද කියන්නේ? 230 පිටුව බලන්න. 2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යනු ලැබේ කියලා ලියලා තිබෙනවා. රනිල් – සජිත් ජෝඩුව එකට ඉන්න කාලයේ ගෙනාපු මේ රටේ දේශප්‍රේමි බලවේග පරාජය කරපු ව්‍යවස්ථාව. රනිල් – සජිත් දෙන්නවත් කියන් නැ අපේ පරන ප්‍රතිපත්තිය ගේනවා කියලා. පැත්තෙන් හිටපු අනුර තමයි කියන්නේ. ඕක තමයි රට පෙඩරල් කරන රටේ නමත් ඔරුමිත්තනාඩු කරන ව්‍යවස්ථාව. ඕකේ තමයි බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරනවා කියලා තිබෙන්නේ. ඕකේ තමයි  ලංකාව නිරාගමික රාජ්‍යයක් කරනවා කියලා තිබෙන්නේ. පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න. අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න. දැන් බැලින්නම් අනුර කුමරු පිරිබාහරන්ටත් වඩා හපන් බෙදුම්වාදියෙක්නෙ. අපිව සිංහල දෙමළ කියලා බෙදුවා මදිවාට අපි බස්නාහිර උඹ දකුණේ අරූ ඌවේ කියලා අපි පලාත් වලටත් බෙදන්නයි අනුරගේ කල්පනාව.

මතක තියා ගන්න. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ නැතිව රැල්ලට ගිහිල්ලා කතිරේ ගැහුව්වාට පස්සේ බලයට පත් වෙන අය කියන්නේ අපට ජනවරමක් තිබෙනවා. අපි කරන දේ ට විරුද්ධ වෙන්න කාටවත්ම බෑ කියලා. ඒනිසා මෙවර මැතිවරණයේදී අපේ මිනී වල අපිම කපා ගැනීමක් කරගන්න එපා කියන එක අපි සිහිපත් කරන්න ඕනේ.

ඡන්ද කුට්ටි ගන්න දොල පිදේනි නොදෙන වැඩපිලිවෙලක්

දිලිත් ඡන්ද කුට්ටි ගන්න දොල පිදේනි දෙනවා වෙනුවට රට ගොඩ ගන්න වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. දිලිත්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බලන්න.

දිලිත්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බලන්න. නිර්මාණශීලි තාරුණ්‍යයෙන් ලෝකයම වැඩ ගන්න කොට අපේ රටේ තරුණයෝ පාසලට විශ්ව විද්‍යාලයට නාකි වෙනවා. අවුරුදු පහ පිරිලා පාසලට ඇවිත් අවුරුදු 13ක් පාසල් යනවා. ඊට පස්සේ විශ්ව විද්‍යාලයේත් අවුුරුදු පහක් හිටියාම රස්සාවක් හොයා ගන්න කොටම කෙස් පැහෙන්නත් පටන් අරන්. ජීවිතයට පටන් ගන්නත් කලින් ජීවිතය ඉවර වෙලා. පාසල් අධ්‍යාපනය වසර 11කට අඩු කරන්න පොරොන්දු වෙලා තිබෙන්නේ දිලිත් විතරයි.

මේ මැතිවරණයට රට ගොඩ ගන්නේ කොහොමද කවදාද කියලා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා විතරයි. අනිත් අය උපායමාර්ගික වැඩපිලිවෙලක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. ඒ අය දන්නේ කට රවුම් කරලා බොරු කියන්න විතරයි. බොරු කියලා ඡන්ද දිනන්න පුළුවන්. ඒත් රට හදන්න බෑ.

දිලිත් ඒහි පස්සිකෝ කියලා එව බලව කියලා පෙන්නන්න දෙයක් කරලා තිබෙනවා. මොකද දිලිත් කියන්නේ කයිකාරයෙක් නොවේ වැඩකාරයෙක්. වැඩක් කරලා පෙන්නපු කෙනෙක්. රක්ෂණ නියෝජිතයෙක් විධියට පටන් අරන් පුංචි තැනින් පටන් අරන් සමාගම් 53ක් හදපු ව්‍යවසාය ලෝකයේ දැවැන්තයෙක්. කඩා වැටුණු සමාගම් මිල දී අරන් ගොඩ දාපු කෙනෙක්. ට්‍රයි ඇඩ් සමාගම පටන් අරන් වසර දහයෙන් අංක 1. ටීවී දෙරණ එෆ්එම් දෙරණ අංක 1 ට ගෙනාවා.

ඒ අත්දැකීම නිසා තමයි මට මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා විශ්වාසයෙන් කියන්නේ.

දිලිත් කියන්නේ වැඩක් කරපු මනුස්සයෙක්. වැඩක් කරන මනුස්සයෙක්. අලුතින් හිතන මනුස්සයෙක්. රට වෙනස් කරන්න පුළුවන් වෙනස් මනුස්සයෙක්. ඒ නිසා සතුටු දැයක් හදන්න දිලිත්ට රට බාර දෙන්න කියන ඉල්ලීම මම කරනවා.


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
දළදා පුදබිමේ ආරක්ෂාවට සිටි අණ දෙන නිලධාරීවරයාට ඉතා අශෝබන ලෙස පොලිස් නිලධාරියෙකු විසින් බැන වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකරන එකසත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු, හිටපු යුද හමුදා නිලධාරි අසේල ධර්මකීර්ති මහතා පවසන්නේ යුද හමුදාවේ කිසිදු සෙබලෙකුට මේ ආකාරයෙන් බැන වැදීමක් යුද හමුදාව තුළදීවත් සිදු නොවන බවත්, පොලිස් නිලධාරියා විසින් සිසුකළ එම ක්‍රියාව ඉතා නින්දිත ක්‍රියාවක් බවත් ය.
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබීය.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය.
කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
බලශක්ති ගිවිසුම හරහා ත්‍රිකුණාමල නගරය ගෙඩිය පිටින් ඉන්දියාවට දීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ

යුක්රේන හමුදා අත්පත් කරගෙන සිටි රුසියාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා ඉලක්ක කර රසායනික අවි භාවිත කර ඇති බවට රුසියානු ආරක්ෂක අංශ පවසයි.

මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.

රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්

රට වෙනස් කරන්නට පැමිණි නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට රාජ්‍ය සේවාව පත් කරන්නට උත්සාහ දරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.