News Category
From Date
To Date
Maximum Number of Result

පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න... අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න - අනුර ඔරුමිත්තනාඩුවට පණ දෙන හැටි ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)

Sep 16, 2024 at 05:54 PM
|

‍2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අනුර කුමාර දිසානායක මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ 230 පිටුවේ සදහන් කර ඇති අතර මෙරට ඔරුමිත්තනාඩුවක් ලෙස හදුන්වන, බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කර ශ්‍රී  ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමේ වැඩ පිළිවෙල අන්තර්ගත වන්නේ 2015 මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය තුල බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බණ්ඩාරගම නගරයේ පැවති සර්වජන බලය ජනපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ මැතිවරණ රැළියකට එක්වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

දේශපාලන තාච්චි පැනිල්ල

පුංචි කාලයේ අපි තාච්චි පනිනවා කියලා ක්‍රීඩාවක් කළා. ඒකේ තමන්ගේ පැත්ත කියලා නෑ. ඒ පැත්තෙන් මේ පැත්තටත් පනිනවා. මේ පැත්තෙන් ඒ පැත්තටත් පනිනවා. දැන් ඔන්න දේශපාලනේ තාච්චි පැනීමක් පටන් අරන්. තලතා සජිත්ගේ පැත්තෙන් රනිල්ගේ පැත්තට පනිනවා. ගීතා රනිල්ගේ පැත්තෙන් රනිල්ගේ පැත්තට පනිනවා. රනිල් ෂෝක් කිව්ව ගීතා දැන් ඒ කටින්ම සජිත් ෂෝක් කියනවා. සජිත් ෂෝක් කිව්ව තලතා ඒ කටින්ම දැන් රනිල් ෂෝක් කියනවා. බුරුතු පිටින් දෙපැත්තට පනින්නේ ඇයි? ලැජ්ජාවක් හිරිකිතයක් නැත්තේ ඇයි? ලැජ්ජාවක් ඇති වෙන්න නම් දෙපැත්ත අතර වෙනසක් තිබෙන්න ඕනි. දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි. යූඑන්පී ප්‍රතිපත්තිම තමයි සජබ ප්‍රතිපත්තිය. සජබේ උදවිය රනිල් අත් හැරියේ රනිල්ගේ ප්‍රතිපත්ති නරකයි කියලා නොවේ. රනිල්ට දිනන්න බෑ කියලා. සජිත්ගේ දේශපාලන පියාණෝ ජනපති ප්‍රේමදාස නොවේ. රනිල් වික්‍රමසිංහ. රනිල් සජිත් දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි.

තුනම එකයි

සජිත් රනිල් විතරද? අනුරත් එකයි. එක වල්ලේ පොල්. මොනවා වුණත් රනිල් මැතිතුමා දුරකතනයෙන් කතා කරන විධියටම වේදිකාවේත් මගේ ආදරණීය මිත්‍රයා අනුර කියලා අමතනවා. අයියෝ එතකොට අනුර ලැජ්ජාවෙන් ඇඹරෙනවා. සාගලවත් එහෙම ඇබරෙන් නැ. එහෙම ඇඹරෙන්න දෙයක් නෑ. මිත්‍රයෝ තමයි. එක ප්‍රතිපත්තිය දෙකට බෙදා ගෙන ජීවත් වෙන එක තමයි දෙන්නාම කරන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශ තුන බැලුවොත් තුනම එකයි. එකක් දම් පාටයි. එකක් කොල සහ කහ පාටයි. අනිත් එක දේදුනු වර්ණ. ඔච්චරයි වෙනස. ඔය තුනම දේශීය නිෂ්පාදන නොවේ. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා ඉන්දියානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා සිංහලට පරිවර්තනය කරපු බඩු. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉංග්‍රීසියෙන් හදලා සිංහලට පරිවර්තනය කරද්දී හරි සිංහල වචන හොයාගන්න බැරිවුනාම ඉංග්‍රීසියෙන්ම දමලා ඇරලා තියෙනවා. පාට වෙනස් වුණාට වචන වෙනස් වුණාට ප්‍රතිපත්තිය එකයි.

ආර්ථික ප්‍රතිපත්තිය මූල්‍ය අරමුදලේ වැල් පාලමේ එල්ලිලා ඉන්න එක මිස දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන එක නොවේ. රට බංකොලොත් වුණු ඒ ක්‍රමයම ඉදිරියටත් කරනවා කියන එකයි තුන් දෙනාම කියන්නේ.

රජ පුටුවේ මළත් සැපයි

බලය බෙදීම ගැන තුනම කියන්නේ එකයි. 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවාලු. ඉන්දියාව බලහත්කාරයෙන් පටවලා අපේ ව්‍යවස්ථාවට දැම්මත් පොලිස් බලතල දෙන්න ජනාධිපතිවරු අටදෙනෙක්ම කටයුතු කලේ නෑ. මමයි ගෙනාවේ මමම දෙනවා කියලා ජේආර්ට දෙන්න තිබ්බේ නැද්ද? අවුරුද්දකට වැඩි කාලයක් සාම කතා කරපු ප්‍රේමදාසට ඕක දෙන්න තිබ්බේ නැද්ද? උතුරෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගත්තු චන්ද්‍රිකාට ඕක දෙන්න තිබ්බෙ නැද්ද? ඔය කවුරුවත් පොලිස් බලතල පලාත් සභා වලට දුන්නේ නැත්තේ ඒක කලොත් රටම ලේ විලක් වෙන බව දන්න නිසායි. රට දෙපළු වෙලා දෙමළ ඊළම හැදෙන බව දන්න නිසා. නමුත් උතුරේ ඡන්ද කුට්ටියට කෙළ හලමින් රටට කෙළ වුණත් රජ පුටුවේ මළත් සැපයි කියලා හිතන නිසා තමයි රනිල් සජිත් අනුර තුන්දෙනා එක හඬින් අපි පොලිස් බලතල උතුරට දෙනවා කියලා කියන්නේ.

ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවට අනුර පණ දෙයි

ප්‍රතිපත්ති ප්‍රකාශ හදන කොට රට පෙඩරල් කරනවා කියලා රනිල් සජිත් දෙන්නාම කොලේ වහලා ගහලා තියෙන්නේ. එයාලා සෘජුව කියන් නැ ඒගැන. ඒ දෙන්නාම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා විතරයි කියලා තිබෙන්නේ. නමුත් අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මොකද කියන්නේ? 230 පිටුව බලන්න. 2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යනු ලැබේ කියලා ලියලා තිබෙනවා. රනිල් – සජිත් ජෝඩුව එකට ඉන්න කාලයේ ගෙනාපු මේ රටේ දේශප්‍රේමි බලවේග පරාජය කරපු ව්‍යවස්ථාව. රනිල් – සජිත් දෙන්නවත් කියන් නැ අපේ පරන ප්‍රතිපත්තිය ගේනවා කියලා. පැත්තෙන් හිටපු අනුර තමයි කියන්නේ. ඕක තමයි රට පෙඩරල් කරන රටේ නමත් ඔරුමිත්තනාඩු කරන ව්‍යවස්ථාව. ඕකේ තමයි බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරනවා කියලා තිබෙන්නේ. ඕකේ තමයි  ලංකාව නිරාගමික රාජ්‍යයක් කරනවා කියලා තිබෙන්නේ. පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න. අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න. දැන් බැලින්නම් අනුර කුමරු පිරිබාහරන්ටත් වඩා හපන් බෙදුම්වාදියෙක්නෙ. අපිව සිංහල දෙමළ කියලා බෙදුවා මදිවාට අපි බස්නාහිර උඹ දකුණේ අරූ ඌවේ කියලා අපි පලාත් වලටත් බෙදන්නයි අනුරගේ කල්පනාව.

මතක තියා ගන්න. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ නැතිව රැල්ලට ගිහිල්ලා කතිරේ ගැහුව්වාට පස්සේ බලයට පත් වෙන අය කියන්නේ අපට ජනවරමක් තිබෙනවා. අපි කරන දේ ට විරුද්ධ වෙන්න කාටවත්ම බෑ කියලා. ඒනිසා මෙවර මැතිවරණයේදී අපේ මිනී වල අපිම කපා ගැනීමක් කරගන්න එපා කියන එක අපි සිහිපත් කරන්න ඕනේ.

ඡන්ද කුට්ටි ගන්න දොල පිදේනි නොදෙන වැඩපිලිවෙලක්

දිලිත් ඡන්ද කුට්ටි ගන්න දොල පිදේනි දෙනවා වෙනුවට රට ගොඩ ගන්න වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. දිලිත්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බලන්න.

දිලිත්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බලන්න. නිර්මාණශීලි තාරුණ්‍යයෙන් ලෝකයම වැඩ ගන්න කොට අපේ රටේ තරුණයෝ පාසලට විශ්ව විද්‍යාලයට නාකි වෙනවා. අවුරුදු පහ පිරිලා පාසලට ඇවිත් අවුරුදු 13ක් පාසල් යනවා. ඊට පස්සේ විශ්ව විද්‍යාලයේත් අවුුරුදු පහක් හිටියාම රස්සාවක් හොයා ගන්න කොටම කෙස් පැහෙන්නත් පටන් අරන්. ජීවිතයට පටන් ගන්නත් කලින් ජීවිතය ඉවර වෙලා. පාසල් අධ්‍යාපනය වසර 11කට අඩු කරන්න පොරොන්දු වෙලා තිබෙන්නේ දිලිත් විතරයි.

මේ මැතිවරණයට රට ගොඩ ගන්නේ කොහොමද කවදාද කියලා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා විතරයි. අනිත් අය උපායමාර්ගික වැඩපිලිවෙලක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. ඒ අය දන්නේ කට රවුම් කරලා බොරු කියන්න විතරයි. බොරු කියලා ඡන්ද දිනන්න පුළුවන්. ඒත් රට හදන්න බෑ.

දිලිත් ඒහි පස්සිකෝ කියලා එව බලව කියලා පෙන්නන්න දෙයක් කරලා තිබෙනවා. මොකද දිලිත් කියන්නේ කයිකාරයෙක් නොවේ වැඩකාරයෙක්. වැඩක් කරලා පෙන්නපු කෙනෙක්. රක්ෂණ නියෝජිතයෙක් විධියට පටන් අරන් පුංචි තැනින් පටන් අරන් සමාගම් 53ක් හදපු ව්‍යවසාය ලෝකයේ දැවැන්තයෙක්. කඩා වැටුණු සමාගම් මිල දී අරන් ගොඩ දාපු කෙනෙක්. ට්‍රයි ඇඩ් සමාගම පටන් අරන් වසර දහයෙන් අංක 1. ටීවී දෙරණ එෆ්එම් දෙරණ අංක 1 ට ගෙනාවා.

ඒ අත්දැකීම නිසා තමයි මට මේ රට ගොඩ දාන්න පුළුවන් කියලා විශ්වාසයෙන් කියන්නේ.

දිලිත් කියන්නේ වැඩක් කරපු මනුස්සයෙක්. වැඩක් කරන මනුස්සයෙක්. අලුතින් හිතන මනුස්සයෙක්. රට වෙනස් කරන්න පුළුවන් වෙනස් මනුස්සයෙක්. ඒ නිසා සතුටු දැයක් හදන්න දිලිත්ට රට බාර දෙන්න කියන ඉල්ලීම මම කරනවා.


සම්බන්ධිත පුවත් | Related News

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.
රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට කිසිදු ආකාරයක වදහිංසාවක් පමුණුවා නොමැති බවත්, ඔහුට සැලකීමේදී කිසිදු අනීතික ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) අවධාරණය කළේ
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ව්‍යාජ සමාගම් හරහා ඩොලර් මිලියන 42.7ක් සහ තවත් ඩොලර් මිලියන 43ක් රටින් පිටකර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතරතුර ඔහුට දැවැන්ත ලෙස කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.
දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ නීති විරෝධීව රඳවාගෙන වධ හිංසා පැමිණවීමට එරෙහි විරෝධතාව සහ සත්‍යග්‍රහය දෙවන දිනටත් අද දිනයේ ක්‍රියාත්මක වේ.

සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.