
මැතිවරණයේ දී දුරකථන, ගෑස් සිලින්ඩර් එකට පූට්ටු කරන්න මනාප මෙහෙයුමක්?
කොටස් දෙකකට බෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ එක් කොටසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමගත්, අනෙක් කොටස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යටතේත් කටයුතු කිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේ දී අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වන බවත්, මෙම නායකයන් දෙදෙනාගෙන් කවුරුන් හෝ යටතේ නැවත එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීම සඳහා මෙම මැතිවරණයේ දී පක්ෂ දෙකයම වාසි සාහගත වන අයුරින් ඡන්දය භාවිතා කළ යුතු බවත් සඳහන් පත්‍රිකාවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.
මෙම නායකයන් දෙපළ එකට එකතු කිරීමේ අපහසුව නිසා ඉදිරියේ දී ශක්තිමත් එක්සත් ජාතික පක්ෂයක් නිර්මාණය කිරීම අභියෝගයක් බවට පත්ව ඇති බැවින් මෙවර ඡන්දය භාවිතා කිරීමේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස මහතාගේ දුරකථනය ලකුණට පළමු මනාපයත් දෙවන මනාපය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෑස් සිලින්ඩරයටත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාක්ෂිකයන් පළමු මනාපය ගෑස් සිලින්ඩරයට ලබාදී දෙවන මනාපය දුරකථනයටත් ලබාදිය යුතු බව මෙම පත්‍රිකාවේ දක්වා ඇත.
කෙසේ වුවද මෙය දෙපාර්ශ්වය එක් කිරීමේ උවමනාවෙන් සිදුවන මෙහෙයුමක් ද, එසේත් නොමැති නම් වෙනත් අරමුණකින් සිදුකරන ලද්දක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
අදාළ පත්‍රිකාව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
