
ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් වෙඩි තැබීමකින් ගැලවෙයි
එක්සත් ජනපද හිටපු ජනාධිපති සහ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ වෙස්ට් පාම් බීච් හි trump International Golf Club ක්‍රීඩා පිටියේ ඊයේ(14) ක්‍රීඩා කරමින් සිටියදී ඔහු ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශය පැවසුවේ වෙඩි තැබීමෙන් හිටපු ජනාධිපතිවරයාට හානියක් සිදුවී නොමැති අතර ඔහු ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි.
“ජනාධිපති ට්‍රම්ප් අසල සිදුවූ වෙඩි තැබීම් වලින් පසුව ට්‍රම්ප් ආරක්ෂිතයි. මේ අවස්ථාවේ වැඩි තොරතුරක් දීමට නොහැකියි.”ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශයේ ප්‍රකාශක ස්ටීවන් චියුන්ග් පැවසීය.
ට්‍රම්ප් සම්බන්ධ සිදුවීම අමෙරිකානු රහස් සේවය විසින් පිළිගෙන ඇති අතර, එය විමර්ශනය කිරීමට පාම් බීච් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය සමඟ කටයුතු කරන බව X හි ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය දේශීය වේලාවෙන් පස්වරු 2 ට පෙර සිදු වූ බව එම සේවාව පවසයි.
ඇමරිකානු මාධ්‍ය මෙම සිදුවීම් පිළිබඳ එකිනෙකට පරස්පර තොරතුරු සමාජ ගිණුම් කිහිපයක පල කර ඇති අතර, මූලික වාර්තාවලින් පෙනී යන්නේ මෙම සිද්ධිය කිසිසේත් ට්‍රම්ප් සම්බන්ධ එකක් නොවූ අතර පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකාට වෙඩි තබා ගැනීමක් පමණක් බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර ලැබෙන වාර්තා වලට අනුව , වෙඩි තැබීම ට්‍රම්ප්ට අදාලව සිදු වී ඇති බව පෙන්වා දී තිබේ. රහස් සේවය විසින් සැකකරුට වෙඩි තබා ඇති බව සීඑන්එන් වෙත ලැබී තිබෙන මූලාශ්‍ර පවසයි. නම හෙළි නොකළ නිලධාරීන් මේ පිළිබඳව සීඑනෙන් පුවත් සේවය වෙත පැවසුවේ සන්නද්ධ පුද්ගලයෙක් චේතනාන්විතව ට්‍රම්ප්ට ප්‍රහාර එල්ල කර ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ බවට විශ්වාස කෙරෙන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාටින් කවුන්ටි ෂෙරිෆ් කාර්යාලය ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කළේය. දැනට පවතින විමර්ශනය සඳහා "ඉන්ටර් ස්ටේට් 95" හි කොටසක් වසා දමා ඇති බව සටහන වැඩිදුරටත් පැවසීය.
“අපි මෙම තොරතුරු ලබා ගත හැකි වන පරිදි යාවත්කාලීන කරන්නෙමු,” ෂෙරිෆ් කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී ට්‍රම්ප් ඝාතන තැතකින් දිවි ගලවා ගැනීමෙන් සති කිහිපයකට පසුව මෙම සිදුවීම සිදුව තිබේ. හිටපු ජනාධිපතිවරයා රැස්වීමක් අමතමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර, එහි සිටි එක් ආධාරකරුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූහ. කෙසේ වුවද ආරක්ෂක අංශ ස්නයිපර් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමෙන් තෝමස් මැතිව් ක්‍රොක්ස් ලෙස හඳුන්වන අපරාධකරු එම ස්ථානයේදීම මිය ගියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
