ඉදිරියේදී ලෝකයේ ආර්ථිකය පාලනය කරන්නේ ග්‍රැනයිඩ් හා ග්‍රැෆීන්... ලංකාවේ පළමු ඛනිජ සම්පත් ගවේෂණ සමාගම ආරම්භ කළේ මම - කීර්ති වික්‍රමරත්න කියයි
ලෝකයේ බලගතුම රටවල් ගණනාවක් සමග සමීපව ගනුදෙනු කරන තමා ජනාධිපති වුවහොත් එම රටවල් සමග සම්බන්ධ කරගනිමින් මෙරට විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇතිකළ හැකි බව අපේ ජනබල පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ප්‍රකට බලශක්ති හා කර්මාන්ත ඉංජිනේරුවකු වන කීර්ති වික්‍රමරත්න මහතා පැවසීය.
සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස සූර්ය බල සංග්‍රාමය ආරම්භ කර ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1000කට වැඩි ධාරිතාවක් එකතු කිරීමට තමාට හැකිවූ බව පැවසූ වික්‍රමරත්න මහතා මේ වනවිට ලෝකය පාලනය කරනු ලබන්නේ ඛනිජ තෙල් සම්පත සහිත රටවල් බවද පවසයි.
මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වන ඒ මහතා,
"ඉදිරියේදී ලෝකයේ ආර්ථිකය පාලනය කරන්නේ ග්‍රැනයිඩ් හා ග්‍රැෆීන් කියලා බොහෝමයක් විශේෂඥයන් අවධාරණය කර තිබෙනවා. ලංකාව ලෝකයේ අංක 01 ආර්ථිකය හිමි කරගන්න පුළුවන් ඒ හරහා. එදා ආතර් සී. ක්ලාක් මහත්මා කිව්වා ලංකාව ලෝකයේ ආර්ථික වශයෙන් අංක 01 ට එනවා කියලා. දැන් අපි යන්න හදන්නේ එතැනට. ඒ හරහා අපේ රටේ ණය ගෙවන එක ඉතා සුළු දෙයක්. මේ ඛනිජ සම්පත ගන්න ලෝකයේ බලගතු රටවල් සේරම බලාගෙන ඉන්නවා. හැබැයි මම හිතන්නේ නැහැ ලංකාවේ මිනිස්සු එතරම් අවාසනාවන්ත වෙයි කියලා.
2000 ඉඳලා මම ලංකාවේ කර්මාන්ත දියුණු කිරීමට උත්සාහ කරනවා. ලංකාවේ පළමු ඛනිජ සම්පත් ගවේෂණ සමාගම ආරම්භ කළේ මම. ඒ හරහා මම හොයා ගන්නවා ලංකාව ආර්ථික වශයෙන් ඉතා දියුණු තත්ත්වයකට ගේන්න පුළුවන් ඛනිජ සම්පත් තිබෙන්නේ කොහේද කියලා.
රට ගොඩගන්න වැඩපිළිවෙළ හා දැක්මක් ඉදිරිපත් කරලා තියෙන්නේ මමයි. අනික් හැමෝම කතා කරන්නේ ණය අරගෙන රට ගොඩගන්න විදිය. නමුත් මේ රටේ සම්පත් ගොඩඅරගෙන රට දියුණු කරන විදිය ගැන කතා කරලා තිබෙන්නේ මම විතරයි."
මූලාශ්‍ර - දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..