News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සඳහා වන උපදේශනය

Sep 16, 2024 at 12:02 AM
|


පසුගිය 12 වනදා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු සංචාරකයන් වෙනුවෙන් විශේෂ අවවාදාත්මක උපදේශයක් පනවා තිබේ. එම ලිපියේ දක්වන පරිදි ශ්‍රී ලංකාව 2024 සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වෙමින් සිටී.එලෙසම එම අවවාදාත්මක ලිපියට අනුව මැතිවරණයට පෙර, මැතිවරණය අතරතුර හෝ මැතිවරණයට පසුව විරෝධතා පෙළපාලි ඇතිවිය හැක. මැතිවරණය ආසන්නයේ ඇතැම් අවස්ථාවල පැවැති විරෝධතා වලට සහභාගි වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙන බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි. ඒ අනුව එවැනි රැස්වීම් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින්,අමෙරිකානු පුරවැසියන් සාමකාමී රැස්වීම්වලට පවා සහභාගි වීමෙන් වැළකී සිටිය යුතුය. එම ලිපියේ සිංහල පරිවර්තනය පහතින්..

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සඳහා වන උපදේශනය 2024 සැප්තැම්බර් 12 වනදා ||  ශ්‍රී ලංකාව -දෙවන පියවර : ඉහළ දැමූ පරෙස්ම් වීම වෙනුවෙන් කරනු ලබන පුහුණු

එළඹෙන ජනාධිපතිවරණයේදි ඇතිවිය හැකි තත්වය පිළිබිඹු කිරීමට යාවත්කාලීන කර ඇත.

සිවිල් ජනයාගේ නොසන්සුන්තාවයන් සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමේදී ප්‍රවේශම් සහගතව ක්‍රියා කරන්න.

රට සම්බන්ධයෙන් වන සාරාංශය: ශ්‍රී ලංකාව 2024 සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. මැතිවරණයට පෙර, මැතිවරණය අතරතුර හෝ මැතිවරණයට පසුව විරෝධතා පෙළපාලි ඇතිවිය හැක. මැතිවරණය ආසන්නයේ ඇතැම් අවස්ථාවල පැවැති විරෝධතා වලට සහභාගි වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ අනුව එවැනි රැස්වීම් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින්, සාමකාමී රැස්වීම්වලට පවා සහභාගි වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ට සිහිපත් කරනු ලබන්නේය.

සංචාරක ස්ථාන, ප්‍රවාහන සේවා සපයන මධ්‍යස්ථාන, වෙලඳපොලවල්, සාප්පු සංකීර්ණ, රජයේ පොදු පහසුකම් සලසන ස්ථාන, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, ආගමික ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා සහ සංස්කෘතික උත්සව, අධ්‍යාපන ආයතන,  ගුවන් තොටුපල, රෝහල් සහ අනෙකුත් පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇත.

අගනුවරින් බැහැර දුරස්ථ ප්‍රදේශවල සිටින එක්සත් ජනපද පුරවැසියන්ට හදිසි සේවා සැපයීමට එක්සත් ජනපද රජයට ඇත්තේ සීමිත හැකියාවකි.

 වැඩි විස්තර සඳහා රටේ තොරතුරු පිටුව කියවන්න.

ඔබ ශ්‍රී ලංකාවට යාමට තීරණය කරන්නේ නම්:

සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථාන වෙත ගමන් කරන විට ඔබේ වටපිටාව ගැන අවධානයෙන් සිටින්න.

පළාත් පාලන ආයතනවල උපදෙස් අනුගමනය කරන්න.

ප්‍රචන්ඩ සිදුවීම් වලට ගොදුරු නොවීම සඳහා දේශීය මාධ්‍ය නිරීක්ෂණය කරන්න. එලෙසම  නව තොරතුරු මත පදනම්ව ඔබේ සැලසුම් සකස් කරන්න.

පෙළපාලි සහ සෙනඟ එකරැස්වන ස්ථාන වල රැඳි සිටීමෙන් වළකින්න.

හදිසි තොරතුරු ලබා ගැනීමට සහ හදිසි අවස්ථාවකදී ඔබව සොයා ගැනීම පහසු කිරීමට ස්මාර්ට් සංචාරක ලියාපදිංචි කිරීමේ වැඩසටහනට (STEP) ලියාපදිංචි වන්න.

ෆේස්බුක් සහ X/Twitter හි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් ගිනුම් අනුගමනය කරන්න.

ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කර ඇති අපරාධ සහ ආරක්ෂාව සම්බන්ධ වාර්තාව සමාලෝචනය කරන්න.

විදේශ ගතවන සෑම එක්සත් ජනපද පුරවැසියෙකුටම සෑම විටම හදිසි අවස්ථා සඳහා මුහුණ දීමට හදිසි සැලැස්මක් තිබිය යුතුය. සංචාරකයින්ගේ පිරික්සුම් ලැයිස්තුව සමාලෝචනය කරන්න.

ඔබගේ සංචාරයට අදාළ නවතම සංචාරක සෞඛ්‍ය තොරතුරු ලබා ගැනීමට CDC පිටුවට පිවිසෙන්න



සම්බන්ධිත පුවත් | Related News

දළදා පුදබිමේ ආරක්ෂාවට සිටි අණ දෙන නිලධාරීවරයාට ඉතා අශෝබන ලෙස පොලිස් නිලධාරියෙකු විසින් බැන වැදීමේ සිදුවීම සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකරන එකසත් රණවිරු ප්‍රජාවේ කැඳවුම්කරු, හිටපු යුද හමුදා නිලධාරි අසේල ධර්මකීර්ති මහතා පවසන්නේ යුද හමුදාවේ කිසිදු සෙබලෙකුට මේ ආකාරයෙන් බැන වැදීමක් යුද හමුදාව තුළදීවත් සිදු නොවන බවත්, පොලිස් නිලධාරියා විසින් සිසුකළ එම ක්‍රියාව ඉතා නින්දිත ක්‍රියාවක් බවත් ය.
2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබීය.
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය.
කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
බලශක්ති ගිවිසුම හරහා ත්‍රිකුණාමල නගරය ගෙඩිය පිටින් ඉන්දියාවට දීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇතැයි ජන අරගල ව්‍යාපාරයේ සංවිධායක වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි.
පාකිස්තානයට එරෙහිව හමුදා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දියාව සූදානම් බවත් ප්‍රහාරයේ ස්වභාවය සාකච්ඡා කරමින් සිටින බවත් ඉන්දීය රජයේ ඉහළ බලධාරියකු ඉන්දියන් එක්ප්‍රස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන පුවත්

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් අද දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී

රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය සතුව පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..

සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ ජිව දත්ත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තෙවන පාර්ශ්වයකට ලබාදීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ සමසෞඛ්‍ය උපාධිධාරී එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලි කර ඇත.

ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..

ශ්‍රී ලංකා දූත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතකාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමියන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු විය.

යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ

යුක්රේන හමුදා අත්පත් කරගෙන සිටි රුසියාවට අයත් භූමි ප්‍රදේශයේ ජීවත් වන ජනයා ඉලක්ක කර රසායනික අවි භාවිත කර ඇති බවට රුසියානු ආරක්ෂක අංශ පවසයි.

මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ජන හමුවක දී අවධාරණය කළේය.

රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්

රට වෙනස් කරන්නට පැමිණි නලින්ද ජයතිස්ස ප්‍රමුඛ ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට රාජ්‍ය සේවාව පත් කරන්නට උත්සාහ දරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කරයි.

කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි

කාශ්මීරයේ මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකින් පසු න්‍යෂ්ටික සන්නද්ධ ප්‍රතිවාදීන් අතර සබඳතා පහත වැටීමත් සමඟ ඉස්ලාමාබාද් සමඟ සබඳතා පහත හෙලීමට පියවර ගන්නා බව ඉන්දියාව නිවේදනය කිරීමෙන් දිනකට පසු බ්‍රහස්පතින්දා ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.