ප්‍රචන්ඩ ක්‍රියා වලට නොඑළඹෙන ලෙස සියලු දේශපාලන පක්ෂ වලින් වැඳ නමස්කාර කර ඉල්ලා සිටිනවා- විමල් වීරවංශ (වීඩියෝ)

මැතිවරණයට පෙර, මැතිවරණ දිනයේ සහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව තුළ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති විය හැකි බවට ඇමෙරිකානු රජයෙන් ලංකාවට පැමිණෙන අමෙරිකානු සංචාරකයින්ට ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළිදරව් කරයි.
වීරවංශ මහතා මෙම විශේෂ හෙළිදරව්ව කරනු ලැබුවේ සර්වජන බලය මගින් බණ්ඩාරගම දී අද(15) පැවැත්වූ එළඹෙන ජනධිපතිවරණයෙදී දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කිරීමට පැවැත්වූ ජන රැළියකට සහභාගී වෙමිනි.
කැරළි කෝලහාල, ප්‍රචන්ඩ ක්‍රියා සහ ත්‍රස්තවාදී ක්‍රියා පොදු මහජනයා ගැවසෙන ස්ථාන ආශ්‍රිතවත් ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතවත් ඇතිවිය හැකි බව පවසමින් ශ්‍රී ලංකාවේ ඒ දිනවලදී සංචාර කිරීමේ දී ප්‍රවේසම් වෙන ලෙස අමෙරිකානු රජය විසින් අමෙරිකානුවන්ට මෙම අනතුරු ඇඟවීම නිකුත්කර ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය. ඇමෙරිකාව මෙවැනි ආවවාදාත්මක නිවේදන නිකුත් කරන්නේ නිකම්ම නිකං නොවන බව පැවසූ වීරවංශ මහතා එනිසා මෙරට සියලු දේශපාලන පක්ෂවලින්, දේශපාලන මතය කුමක් වුවත්, ප්‍රතිපත්තිය කුමක් වුවත් මේ රට තවත් එක් බංග්ලාදේශයක් වීමට ඉඩ සැලසෙන ආකාරයේ ප්‍රචන්ඩ ක්‍රියා වලට අවතීර්ණ නොවන ලෙස ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා බංගලිදේශයේ වර්ණ විපලවයක් ඇතිවීමට ඉඩ කඩ තිබෙන බවට රුසියාව අනතුරු හැඟවූ බවත් එම අනතුර වලක්වා ගැනීමට නොහැකි වූ බංගලිදේශය අද වන විට දිනකට පැය 15ක් පමණ විදුලිය කප්පාදු කරන බවද පෙන්වා දුන්නේය. බංගලිදේශයේ කර්මාන්තශාලා තවමත් ගිනි ගන්නා බව පැවසූ ඒ මහතා කොල්ලෝ කුරුට්ටෝ රට පාලනය කරන තැනට බංගලිදේශය පත්ව ඇතැයිද පැවසුවේය. බංගලිදේශ පොලිසිය සහ හමුදාව උකටලීව බලා සිටිද්දී මිනිසුන් මරා දමන තත්වයක් උද්ගතව ඇතැයිද වීරවංශ මහතා පැවසුවේය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..