
අනුර, සජිත්, රනිල් මේ තුනම නටන්නේ එකම නැටුම - දේශප්‍රේමී ජාතික පෙරමුණේ සම්මන්ත්‍රණයට එල්ලවූ මැර ප්‍රහාරය ගැන නීතිඥ නුවන් බැල්ලන්තුඩාව කරුණු හෙළිදරව්වක (වීඩියෝ)
ඉකුත් දා දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව එම පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සංවාදයක දී කරුණු හෙළිදරව් කිරීමක් සිදුකර තිබේ.
ඒ මහතා එහිදී පවසන්නේ එක්තරා පුද්ගලයකු පැමිණ එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයන්ව වීඩියෝ ගත කළ බවත්, එම පුද්ගලයා විසින් එම සම්මන්ත්‍රණය සඳහා පැමිණ සිටි කාන්තාවන් පිරිසකට, එම ස්ථානයේ කලබලයක් ඇතිවන බව පූර්ව දැනුම් දීමක්ද සිදුකොට ඇති බවත් ය.
තමන්ගේ දේශනයේ දී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් ගැන හා ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන මුලින්ම විවේචනාත්මක කරුණු දැක්වීමක් සිදුකළ බවත්, පසුව අනුර කුමාර දිසානායක පිළිබඳව හා ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත්කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් තම විවේචනය සිදු කිරීම ආරම්භ කිරීමත් සමග මෙම ගැටුම නිර්මාණය වූ බවත්, ඒ සඳහා දායක වූයේ එම ස්ථානයේ රැඳී සිටිමින් වීඩියෝගත කළ පුද්ගලයා සහ ඔහුත් සමග එහි සිටි තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු බවත් නුවන් බැල්ලන්තුඩාව මහතා සඳහන් කරයි.
පසුව දැනගත් කරුණු අනුව එම පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ පුද්ගලයකු බවට කරුණු අනාවරණය වූ බවත්, මේ පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
