
එක්සත් ජනපද අවහිර කිරීම් කියුබාවට ඩොලර් මිලියන ගණනක අලාභ පමුණුවනවා!- කියුබානු විදේශ අමාත්‍ය බෘනො රොඩ්‍රිගුස්
එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිර කිරීම් හේතුවෙන් කියුබාවට 2023 සිට 2024 දක්වා ඩොලර් බිලියන 5.56 ක අලාභයක් සිදුවී ඇති බව කියුබානු විදේශ අමාත්‍ය බෘනො රොඩ්‍රිගුස් 12 වනදා ප්‍රකාශ කළේය.දේශීය සහ විදේශීය වාර්තාකරුවන් පිරිසක් ඉදිරියේ අදහස් දක්වමින් 2023 මාර්තු 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා සිදු වූ ආර්ථික හානිය ඊට පෙර වූ වාර්තාවට වඩා ඩොලර් මිලියන 189.8 ක වැඩිවීමක් නියෝජනය කරන බව රොඩ්‍රිගස් අවධාරණය කළේය. එහිදි ඔහු එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වල බලපෑම් පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කළේය.
එම වාර්තාවට අනුව එක්සත් ජනපද සම්බාධක නිසා කියුබාවට සිදුවන පාඩුව මසකට ඩොලර් මිලියන 421කට වඩා ආසන්න හානියක් වන අතර එය දිනකට ඩොලර් මිලියන 13.8කට වඩා වැඩි අගයක් ගනී. ඒ අනුව එක්සත ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් කියුබාවට සෑම පැයකටම ඩොලර් 575,683කට වැඩි හානියක් කියුබානු ආර්ථිකයට සිදුවේ.
දශක හයක් පුරා පවතින එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් කියුබාවට සිදුව තිබෙන හානිය ඩොලර් ට්‍රිලියන 1.49 ඉක්මවා ඇති බවද විදෙශ ඇමතිවරයා පෙන්වා දුන්නේය.
කියුබානු විදේශ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ලේඛනය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ආර්ථිකය මත වොෂින්ටනයේ වටලෑමේ දරුණු බලපෑම් සහ ජනගහනය මත එහි බලපෑම සහ සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ආහාර වැනි අත්‍යවශ්‍ය අංශවල සංවර්ධනය කෙරෙහි බල පැවැත්වෙන ආකාරය එහි විස්තර කරයි.
එක්සත් ජනපද ආණ්ඩුව විසින් පනවන ලද සම්බාධක මගින් දැඩි ලෙස සීමා කර ඇති කියුබාවේ විදේශ වෙළඳාම සහ ජාත්‍යන්තර මූල්‍ය සබඳතා කෙරෙහි වන අනිසි බලපෑම් ද වාර්තාව මගින් දැඩි ලෙස හෙලා දකී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
