
තායිවාන ජනාධිපති ලායි චිං-ටේ නිකුත් කළ බෙදුම්වාදී ප්‍රකාශ චීන ප්‍රධාන භූමිය හෙළා දකියි
තායිවානයේ කලාපීය නායක ලායි චිං-ටේ ඊනියා "ෆෝමෝසන් ස්වයං-ගැලවීමේ ප්‍රකාශය" සනිටුහන් කිරීමේ සම්මන්ත්‍රණයක් අතරතුර ඔහු විසින් කරන ලද බෙදුම්වාදී ප්‍රකාශයන් හේතුවෙන් චීන ප්‍රධාන භූමියේ ප්‍රකාශකයෙකු වන චෙන් බින්හුවා ඊයේ(14) ඔහු වෙත දොස් පැවරුවේය. එහිදී චෙන් බින්හුවා පැවසුවේ ලායිගේ ප්‍රකාශයන් ඔහුගේ ද්වේෂසහගත බෙදුම්වාදී චේතනාවන් සම්පූර්ණයෙන්ම හෙලිදරව් කරන බවයි.
චෙන් බින්හුවා රාජ්‍ය කවුන්සිලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශකයෙකු වේ. ඔහුට අනුව පසුගිය 14 වනදා පැවැති සම්මන්ත්‍රණය අතරතුර "තායිවානයේ නිදහසේ රන් දරුවා" ලෙස ඔහු කළ ප්‍රකාශය ඔහුගේ සැබෑ ස්වභාවය නැවත වරක් හෙළිදරව් කරනු ලබයි. එහිදී බින්හුවා වැඩිදුරටත් පැවසුවේ 'තායිවානයේ ඊනියා ස්වාධීනත්වය' සෙවීම වෙනුවෙන් ඔහු තුළ වන ද්වේෂසහගත චේතනාව සහ තායිවාන සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ගැටුමක් ඇති කිරීමට තිබෙන ඔහුගේ උවමනාව මනාව හෙලිදරව් කරන බවයි.
"ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස' යන සටන් පාඨයට මුවා වී ඔහු තායිවාන ජනයාගෙන් සුළුතරයක් විසින් දරන 'තායිවානයේ ස්වාධීන' මතවාදය තායිවානයේ බහුතර ජනතාව වෙත බලහත්කාරයෙන් ඇතුල් කිරීමට ලායි චිං-ටේ උත්සාහ කරනවා. මෙය ලායි සහ ඔහු නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (ඪ්ඵ්ඵ්) නිරන්තර උපක්‍රමයක්. "චෙන් පැවසීය.
ලායි මෙම මාවත දිගින් දිගටම අනුගමනය කළ හොත්, එය තායිවානය මිලිටරි ගැටුම්වල අන්තරාය කරා තල්ලු කරනු ඇති බවත්, තායිවානයේ ජනතාවට විශාල ව්‍යසනයන් ගෙන එනු ඇති බවත්, එහි ප්‍රතිවිපාක අනාගත පරම්පරාවන් සමඟ ඔවුන්ට විඳදරාගැනීමට ඉඩ හරිනු ඇති බවත් චෙන් බින්හුවා අනතුරු ඇඟවීය.
බොහෝ බෙදුම්වාදී වැරදි යෝජනා අඩංගු ඊනියා "ෆෝමෝසන් ස්වයං ගැලවීමේ ප්‍රකාශය" චීන ප්‍රධාන භූමිය සමඟ මුසු නොවන "තායිවානයේ නිදහස් ප්‍රකාශයක්" බව චෙන් බින්හුවා පෙන්වා දුන්නේය.
"තායිවානයේ අනාගතය පවතින්නේ ජාතිය යළි එක්වීම තුළ වන අතර, තායිවානයේ පුරවැසියන්ගේ යහපැවැත්ම ජාතික පුනර්ජීවනය මත රඳා පවතී. විවිධ පද්ධති නැවත එක්වීමට බාධාවක් නොවන අතර එවැනි පද්ධති වෙන්වීමට නිදහසට කරුණක් නොවේ. තායිවානයේ පුරවැසියන්ගෙන් බහුතරයක් සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහසේ සැබෑ අරුත තේරුම් ගෙන තිබේ. එලෙසම 'හරිත භීෂණය' ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උල්ලංඝනය කිරීමක් බව අපගේ සමවැසියන් වන තායිවාන ජනයා හඳුනාගෙන තිබේ. 'තායිවාන ස්වාධීනත්වය' බෙදුම්වාදය පෝෂනය කරන්නක් වන අතර තායිවාන සමුද්‍ර සන්ධියේ සාමයට සහ ඔවුන්ගේම ආරක්ෂාවට තර්ජනයක් බව තායිවාන ජනයා හඳුනාගෙන තිබේ. 'තායිවානයේ ස්වාධීනත්වය' සහ බාහිර බලවේගවල මැදිහත්වීම් වලට තායිවාන ජනයා දැඩි ලෙස විරුද්ධ වනු ඇත." චෙන් අවධාරණය කළේය.
Chinese mainland slams Lai Ching-te for his latest secessionist remarks
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
