
නීතිය හා සාමය බිඳවැටීමෙන් බංග්ලාදේශයේ ව්‍යාපාරිකයන්ගේ ආරක්ෂාව දැඩි අනතුරක... ආරක්ෂාව සපයන්නැයි ව්‍යාපාරිකයෝ අන්තර්වාර රජයෙන් ඉල්ලති
නීතිය හා සාමය බිඳ වැටීම හේතුවෙන් සිය කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථාන විරෝධතාකරුවන්ගෙන් රැක ගැනීම සඳහා කඩිනමින් ආරක්ෂාව සහතික කරන ලෙස බංග්ලාදේශයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට ව්‍යාපාරික නායකයන්, බැංකු පද්ධතියේ නිලධාරින් සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තීයවේදීන් රැසක් පසුගියදා එම ඉල්ලීම කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්තශාලාවලට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාර එල්ලවන අවස්ථාවේදී පොලිසිය එම ස්ථානයෙන් ඉවත්වීම බරපතළ කරුණක් බවත්, කාර්මික ජනපදවල ස්ථාපිත කර ඇති පොලිස් ස්ථානවල ක්‍රියාකලාපය අතිශය කනගාටුදායක බවත් එහිදී ව්‍යාපාරිකයන් රජයට පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.
පසුගිය මාසයේ බංග්ලාදේශයේ උද්ගත වූ ශිෂ්‍ය විරෝධතා අතරතුර පොලිස් නිලධාරින් විශාල පිරිසකට ප්‍රහාර එල්ලවීම හේතුවෙන් පොදු ස්ථානවලදී අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් පොලිසිය වැළකී සිටින බවත්, එය විරෝධතාකරුවන්ට සිය අරමුණු ඉටු කරගැනීමට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් එරට ව්‍යාපාරික ප්‍රජාව අන්තර්වාර රජයට කරුණු පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.
මූලාශ - දිනමිණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
