නීතිය හා සාමය බිඳවැටීමෙන් බංග්ලාදේශයේ ව්‍යාපාරිකයන්ගේ ආරක්ෂාව දැඩි අනතුරක... ආරක්ෂාව සපයන්නැයි ව්‍යාපාරිකයෝ අන්තර්වාර රජයෙන් ඉල්ලති
නීතිය හා සාමය බිඳ වැටීම හේතුවෙන් සිය කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථාන විරෝධතාකරුවන්ගෙන් රැක ගැනීම සඳහා කඩිනමින් ආරක්ෂාව සහතික කරන ලෙස බංග්ලාදේශයේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට ව්‍යාපාරික නායකයන්, බැංකු පද්ධතියේ නිලධාරින් සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සම්බන්ධ වෘත්තීයවේදීන් රැසක් පසුගියදා එම ඉල්ලීම කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්තශාලාවලට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාර එල්ලවන අවස්ථාවේදී පොලිසිය එම ස්ථානයෙන් ඉවත්වීම බරපතළ කරුණක් බවත්, කාර්මික ජනපදවල ස්ථාපිත කර ඇති පොලිස් ස්ථානවල ක්‍රියාකලාපය අතිශය කනගාටුදායක බවත් එහිදී ව්‍යාපාරිකයන් රජයට පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.
පසුගිය මාසයේ බංග්ලාදේශයේ උද්ගත වූ ශිෂ්‍ය විරෝධතා අතරතුර පොලිස් නිලධාරින් විශාල පිරිසකට ප්‍රහාර එල්ලවීම හේතුවෙන් පොදු ස්ථානවලදී අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් පොලිසිය වැළකී සිටින බවත්, එය විරෝධතාකරුවන්ට සිය අරමුණු ඉටු කරගැනීමට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් එරට ව්‍යාපාරික ප්‍රජාව අන්තර්වාර රජයට කරුණු පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ.
මූලාශ - දිනමිණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..