
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට (15 දා) ඉරිදා දිනයේ දරුවන්ගේ විභාග කටයුතුවලට බාධා වන අයුරින් විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු නොපවත් වන ලෙස විභාග කොමසාරිස් ජනරාල් දමිත් ජයසුන්දර මහතා සියලු ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ මහතා එම ඉල්ලීම කළේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.
‘පහේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්න සියල්ල සූදානම්. 15වැනිදා ඉරිදා මුලින්ම තියෙන්නේ දෙවැනි ප්‍රශ්න පත්‍රය. එය පෙරවරු 9.30 සිට පෙරවරු 10.45 දක්වා පැවැත් වෙනවා. ඉන් පසු 1 වැනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වෙන්නේ පෙරවරු 11.15ට. ඒක පැයක ප්‍රශ්න පත්‍රයක්. එය දහවල් 12.15 ට අවසන්. පෑනෙන් විභාගය ලියනවා නම් කලු හෝ නිල් පෑනක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. අපි වෙනත් වර්ණ පාවිච්චි කරන්න අවසර දෙන්නේ නැහැ. දරුවන් පැන්සලෙන් ලියනවා නම් කිසි බාධාවක් නැහැ. ලාවට ලියැවෙන පැන්සල් පාවිච්චි කරන්න එපා කියන එක මං විශේෂයෙන් දරුවන්ට මතක් කරනවා. පැන්සලෙන් ලියන දරුවන්ට පැන්සල් කීපයක්වත් යවන්න කියලා මං දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මකන කෑල්ලක්, අඩි කෝදුවක් වගේ ගෙනි යන්න පුළුවන්. වතුර බෝතලයක් රැගෙන යෑමේ වරදක් නැහැ.
“ෆයිල් කවර අපි ගෙනියන්න දෙන්නේ නැහැ. ස්මාර්ට් වර්ගයේ අත්ඔරලෝසු පාවිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
“ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වෙලා ඉන්න සියලු ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ගේ ඉල්ලා සිටිනවා සැප්තැම්බ්ර් 15 දා (ඉරිදා) විභාගය පැවැත්වෙන කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරමින් කටයුතු කරන්න එපා කියා.
2024 පහ ශ්‍රේණිය විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු පෙනී සිටීමට නියමිතය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
