
සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත ගැන අපේක්ෂක මතය රටට කියන්න – කීර්ති වික්‍රමරත්න ඉල්ලයි
රටට බලවත් ලෙස අනර්ථකාරී වන 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට පවා අවකාශය සැලසෙන සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පක්ෂද? විරුද්ධද යන්න ගැන තම මතය ප්‍රකාශ කරන්නැයි අපේ ජනබල පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
2015 සම්මත කළ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව මගින් එම පනත සම්මත කළ යුතු බව පළමුව රජයට බලකර සිටි බවද වික්‍රමරත්න මහතා සඳහන් කරයි.
එම කොමිසම දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසමට සමාන කිරීමට යම් පුද්ගලයන් උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ නීතිය මගින් පිහිටුවීමට නියමිත කොමිසමට ප්‍රතිසන්ධානය ද අයත් වේ. ඒ අනුව වගවීම එනම් යුද අපරාධ චෝදනා එල්ල වන රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීම මෙන්ම වින්දිතයන්ට වන්දි ගෙවීම ද එම ක්‍රියාවලියට අයත් වේ. ගැටුම් නැවත ඇති නොවීම යටතේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා මැදිහත්වීම ද අයත් වන බව ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි. එම නීතිය අනුව කොමිසමට උපදෙස් දීමට ජාත්‍යන්තර නියෝජිතයන් පත් කළ හැකි බැවින් රට තුළ සිටිමින් 13 වැනි සංශෝධනය බලාත්මක කරවීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකට අවකාශය සැලසේ.
මෙම නීතිය මගින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස සහ අණදීමේ වගකීම අදාළ වන ලෙස චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ බලය කොමිසමට ලැබේ. ඒ අනුව ඩයස්පෝරාවේ බලපෑම මත විවිධ පුද්ගලයන් විසින් ලබාදෙන ගොතන ලද සාක්ෂි සහ මුදලට ගත හැකි යම් පිරිස් විසින් සිදු කරන පාපොච්චාරණයන් මත පදනම්ව ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේ බලය කොමිසමට ලැබේ. ජාත්‍යන්තර උපදේශකයන්ගේ බලපෑම මත එම ක්‍රියාවලිය සිදුවන ආකාරය තුළ හෙළිදරව් නොකරන සාක්ෂිකරුවන් මගින් චෝදනා කර්මාන්ත ශාලාවක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන බව ඔබට වටහාගත හැකි යැයි මම විශ්වාස කරමි.
මේ වනවිට ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කරන බවට තමාට පොරොන්දු ලබාදුන් බව බෙදුම්වාදී දේශපාලන නායකයෝ පවසති. සත්‍ය සෙවීමේ කොමිසම එම ක්‍රියාවලියේම දිගුවක්, එනම් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම බව ඔවුහු ඉතා හොඳින් දනිති. එම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව බෙදුම්වාදී ම්ලේච්ඡ යුද්ධයෙන් ගලවා ගත් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සහ ඒ මගින් ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ සූක්ෂම බෙදුම්වාදී මෙහෙයුම පිළිබඳව විශේෂයෙන්ම එම අපේක්ෂකයන් විසින් තම මතය ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වේ.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..
අනුරගේ කතාවට ෆොන්සේකාටත් රිදිලා
යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්
රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..
ඇමති බිමල්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ..
යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..
9 වැදැරුම් ප්‍රතිඥාවක් ලබාදී ජානිපේ නියෝජිතයෝ ගමන අරඹයි
අනුර වික්‍රමසිංහ එයාගේ සීයා ගිය වැල් පාලමේම ඔහේ යනවා.. ඩීල් වසන්තලා හාම්පුත්තු එක්ක ඩීල් දමා කර්මාන්ත ශාලා වසා දමනවා - විමල්ගෙන් චෝදනා (වීඩියෝ)
රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට සියලු කටයුතු සකසා අවසන්.. - විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
සහල් හිගයක්.. මුදලාලි මිලට සහල් පාලන මිල වෙනස් වීමේ අවදානමක්..
ඇමති බිමල් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්.. "රේගුවෙන් පිටකළ බහාලුම්වල අවිආයුධ?" - ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)
ගාසා තීරයේ ජීවත්වන පලස්තීන ජනයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් කාන්තා පරපුර සංවිධානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලිපියක්..
මහානාහිමියන්ට අපහාස කළා යැයි ජෙනරාල් දයා රත්නායකට මහජන විරෝධය..
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
වසර 2500ක් තිස්සේ මෙරට භික්ෂූන් වහන්සේලා කළ සේවය රාජ රාජ මහාමත්‍යාදීන් තේරුම් ගත්තද මේ ආණ්ඩුව තේරුම් අරගෙන නැහැ-මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
