IMF එක 21න් පස්සේ වැඩකරන්නේ ලංකාවෙ අලුත් ආණ්ඩුවක් එක්කලු
සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර සිය වැඩසටහන යටතේ මීළඟ සමාලෝචනය සාකච්ඡා කරන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශිකා ජුලි කොසැක් පැවසුවේ මීළඟ ජනාධිපතිවරයා සහ රජය තීරණය කිරීම ශ්‍රී ලාංකික ජනතාව සතු බවයි.
වාර්තාකරුවන්ට අදහස් දක්වමින් කොසැක් කියා සිටියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දරුණුතම අර්බුදයකින් ගොඩ ඒමට අවස්ථාවක් ලබා දීමේ ප්‍රධාන ප්‍රමුඛතාවක් බවයි.
2024 ජූනි 12 වැනි දින, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය 2024 වගන්තිය IV උපදේශනය සහ විස්තීර්ණ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කරන ලද බවද ඇය සඳහන් කර තිබේ.
“එමගින් රටට එක්සත් ජනපද ඩොලර් මිලියන 336ක පමණ ප්‍රවේශයක් ලබා දී තිබෙනවා. වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත්ව පවතිනවා. ප්‍රතිසංස්කරණ උත්සාහයන් ඵල දරා තිබෙන්නේ. ආර්ථික වර්ධනය නැවත පණ ගැන්වීමට පටන් අරන්. උද්ධමනය අඩු වෙනවා. සංචිත, විදේශ සංචිත වැඩි වෙමින් පවතින අතර ආදායම් බලමුළු ගැන්වීම වැඩි දියුණු වෙමින් පවතිනවා.” යැයි කොසැක් පැවසුවාය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සහ නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීනයේ EXIM බැංකුව සමඟ ගිවිසුම අවසන් කිරීම ප්‍රධාන සන්ධිස්ථාන බව ද කොසැක් සඳහන් කළාය.
“ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සාකච්ඡාවලට සහභාගී නොවන බව මට නැවත අවධාරණය කිරීමට අවශ්‍යයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී, එම සාකච්ඡා සාමාජික රට සහ එහි ණය හිමියන් අතර සිදුවන්නේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ණය තිරසාරභාවය පිළිබඳ සමස්ත තක්සේරුවක් සිදු කරනවා පමණයි, ”යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..