
IMF එක 21න් පස්සේ වැඩකරන්නේ ලංකාවෙ අලුත් ආණ්ඩුවක් එක්කලු
සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු පත්වන නව ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර සිය වැඩසටහන යටතේ මීළඟ සමාලෝචනය සාකච්ඡා කරන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රකාශිකා ජුලි කොසැක් පැවසුවේ මීළඟ ජනාධිපතිවරයා සහ රජය තීරණය කිරීම ශ්‍රී ලාංකික ජනතාව සතු බවයි.
වාර්තාකරුවන්ට අදහස් දක්වමින් කොසැක් කියා සිටියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දරුණුතම අර්බුදයකින් ගොඩ ඒමට අවස්ථාවක් ලබා දීමේ ප්‍රධාන ප්‍රමුඛතාවක් බවයි.
2024 ජූනි 12 වැනි දින, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය 2024 වගන්තිය IV උපදේශනය සහ විස්තීර්ණ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කරන ලද බවද ඇය සඳහන් කර තිබේ.
“එමගින් රටට එක්සත් ජනපද ඩොලර් මිලියන 336ක පමණ ප්‍රවේශයක් ලබා දී තිබෙනවා. වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත්ව පවතිනවා. ප්‍රතිසංස්කරණ උත්සාහයන් ඵල දරා තිබෙන්නේ. ආර්ථික වර්ධනය නැවත පණ ගැන්වීමට පටන් අරන්. උද්ධමනය අඩු වෙනවා. සංචිත, විදේශ සංචිත වැඩි වෙමින් පවතින අතර ආදායම් බලමුළු ගැන්වීම වැඩි දියුණු වෙමින් පවතිනවා.” යැයි කොසැක් පැවසුවාය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සහ නිල ණය හිමියන්ගේ කමිටුව සහ චීනයේ EXIM බැංකුව සමඟ ගිවිසුම අවසන් කිරීම ප්‍රධාන සන්ධිස්ථාන බව ද කොසැක් සඳහන් කළාය.
“ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සාකච්ඡාවලට සහභාගී නොවන බව මට නැවත අවධාරණය කිරීමට අවශ්‍යයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලදී, එම සාකච්ඡා සාමාජික රට සහ එහි ණය හිමියන් අතර සිදුවන්නේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ණය තිරසාරභාවය පිළිබඳ සමස්ත තක්සේරුවක් සිදු කරනවා පමණයි, ”යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
