
13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ වරද නොපෙන්වා ජනපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමේ වරද පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුවෙන් පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ට ලිපියක්
අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් විසින් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අධ්‍යයනය කිරීමකින් තොරව ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව කණගාටුවට පත්වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වෙත ලිපියක් යොමුකරමින් ජාතික සංවිධාන එකමුතුව පවසා ඇත්තේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක නොකරන ලෙස මහානායක හිමිවරුන් විසින් වත්මන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති තත්ත්වයක් තුළ එයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ලෙස තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් 13 සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට පවසා ඇති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විමතියට පත්වන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 13 සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බවට බෙදුම්වාදීන් සතුටු කිරීමට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවද, එමගින් අනාගයේදී රටට සිදුවිය හැකි විපත පිළිබඳව ඔහුට ජාතික සංවිධාන මගින් මීට පෙර ලිපියක් ද යොමුකර ඇති බවද මෙම ලිපිය මගින් ජාතික සංවිධාන එකමුතුව දැනුම් දී තිබේ.
අදාළ ලිපි පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
